Photobucket

Saturday, December 15, 2012

තේරීම් කාරක සභාවේ තීන්දුව 'පිළිගන්න එපා'

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීන්දුව ප්‍රකාර ඉදිරි පියවර නොගන්නා මෙන් අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන් නියෝජනය කරන එකම සංවිධානය පවසන්නේ දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරියට සාධාරණ පරීක්ෂණයකට මුහුණදීමට නොලැබීම පිළිබඳව සිය බරපතල අවධානය පලවී තිබෙන බවයි.

මේ තත්ත්වය යටතේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කරන මෙන් හෝ දෝෂාභියෝග ක්‍රියාදාමය විස්තර කෙරෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශාධනය කරන මෙන් අධිකරණ සේවා සංගමය පාර්ලිමේන්තුවෙන්ද ඉලීමක් කරයි.

මේ අතර රටේ පිළිගත් නීතියක් නොවන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විනිසුරුවරුන් කැඳවා විභාග පවත්වන්නේ නම් එමගින් සිදුකරනු ලබන්නේ ව්‍යවස්ථාවෙන් අධිකරණයට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

විනිසුරු නිමල් ගාමිණී අමරතුංග ඒ බව පැවසුවේ දෝෂාභියෝග විමර්ශනයේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව තිබූ පෙත්සම් විභාගයට ගත අවස්ථාවේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all