Photobucket

Saturday, December 15, 2012

සේරුවිල දරුවෙකුට විදුහල්පති කැපිල්ලක්

සේරුවිල සෝමාදේවි විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට විභාග ප්‍රවේශ පත්‍රයට එම විද්‍යාලයේ විදුහල්පති හිමි නම අත්සන් නොකිරීම නිසා අදාල සිසුවට දින දෙකක් විභාගයට පෙනී සිටීමේ අවස්ථාව නොලැබීයාමේ පුවතක් කන්තලේ අධ්‍යාපන කලාපයෙන් වාර්තාවේ. කෙසේ වෙතත් උසාවි නියෝගයක් රැගෙන පැමිණි අදලා සිසුවාට (13) විභාගයට පෙනී සිටීමට විභාග ශාලාධිපතිවරයා අවස්ථාව ලබා දී තිබේ. 

 සේරුවිල සෝමාදේවි විද්‍යාලයෙන් පළමු වරට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම සිසුවාගේ තැපැල් හැඳුනුම් පත කල් ඉකුත් වූ බව කියමින් විදුහල්පති හිමි නම විභාග ප්‍රවේශ පත්‍රයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතත් විදුහල්පති හිමිනම හා අදාල සිසුවා අතර පැවති පුද්ගලික කෝන්තරයක් මත මෙසේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා නොදී ඇති බව වාර්තාවේ.

උසාවි නියෝගයක් ලබා ගත් සිසුවා පරිවාස නිලධාරින් සමග විභාග ශාලාවට ඇවිත් ඇත්තේ විභාගය ආරම්භ වී පැය දෙකහමාරකට පසු, එනම් පෙරවරු 11 ට පමණය. අනතුරුව විභාග ශාලාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගේ උපදෙස් ලබා ගනිමින් අදාල සිසුවාට විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දී ඇති අතර, නියමිත කාලය ඉකුත් වීමෙන් පසුව ද සිසුවාට ඔහුගේ නියමිත කාලය ලබා දීමට විභාග ශාලාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තාවේ.අදාල සිසුවා මේ වන විට නියමිත පරිදි අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිටින නමුත්, පෙනී සිටීමට නොහැකි වූ විෂයන් දෙක සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව මෙතෙක් සිසුවා දැනුවත් වී නැති බව ඔහුගේ මාපියන් කියා සිටිති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all