Photobucket

Saturday, December 15, 2012

13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අතවර කළ චූදිතයාට වසර 18 ක සිරදඬුවම්

නිවසට වතුර කළයක්‌ ගෙන ඒමට ළිඳට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාව වෙලකට ඇදගෙන ගොස්‌ දූෂණය කිරීමේ සිද්ධියේ චූදිත චෝදනාවට වරදකරු බව ප්‍රකාශ කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා චූදිතට වසර 18 ක බරපතළ සිරදඬුවමක්‌ද රුපියල් 20,000 ක දඩයක්‌ද නියම කළ අතර දැරියට රුපියල් ලක්‌ෂ හයක වන්දියක්‌ ගෙවන ලෙස විනිසුරු චූදිතට නියෝග කළේය. මෙහි චූදිතයා වූයේ බෝඹුවල පදිංචි පාලයන්ගොඩගේ නන්දන අජිත් කුමාර නමැත්තෙකි.

1997 අප්‍රේල් මස 19 වැනිදා බෝඹුවලදී වයස අවුරුදු 16 ට අඩු තරුණියක්‌ දූෂණය කරන ලදැයි චෝදනා නඟා නීතිපති විසින් මෙම නඩුව චූදිතට එරෙහිව පවරා තිබිණි.

නඩු විභාගය ආරම්භයේදී චූදිත තමන් චෝදනාවට නිවැරැදිකරු බව කියා සිටි අතර නඩු විභාගය අවසානයේ චූදිත තමන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කර ඇතැයි විත්තිකූඩුවේ සිට කියා සිටියේය.

විත්තිකාර දැරියගේද ඇයගේ වැඩිහිටියන්ගේ ද පොලිස්‌ නිලධාරීන්ගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේද සාක්‌ෂි සලකා බැලූ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් විසින් චූදිතට එරෙහිව චෝදනා ඔප්පු කර ඇතැයි කියා සිටියේය.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6 ක සිරදඬුවමක්‌ද වන්දි මුදල නොගෙවන්නෙA නම් වසර තුනක ලිහිල් සිරදඬුවමක්‌ ද චූදිතට නියම කළේය. රජයේ නීතිඥ කේ. ඉන්දිකා මෙනවිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥවරුන් වන කනිෂ්ක වන්නිආරච්චි හා විරාඡ් ජයනෙත්ති යන මහත්වරු චූදිත වෙනුවෙන් පෙනී සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all