Photobucket

Saturday, December 15, 2012

සක්විති නිරුවතින් විලාප දෙයි

නුගේගොඩ නාවල පාරේ සක්විති හවුසින් ඇන් කන්ට්‍රක්ෂන් ආයතනය හිමිකරු සක්විති රණසිංහ (14) නුගේගොඩ අධිකරණයේ සිරකරුවන් රඳවා තබන මැදිරියේදී සිය ඇඳුම් ගලවා දමමින් මහ හඩින් විලාප තබන්නට විය. තමා නිර්දෝෂී බව කියමින්ද ආණ්ඩුව හා පොලීසිය මේ සියල්ලට වගකිව යුතු බව කියමින්ද ඔහු කෑ ගැසුවේය. බන්ධනාගාරයේදී තමන්ට පහර දෙමින් හිරිහැර කරන බව කී ඔහු සියලු ඇඳුම් ගලවා දැමීය. 

මේ අවස්ථාවේ විනිශ්චයකාරතුමා සහා නීතිඥ මහත්වරුන් පොලිස් නිලධාරීන් ඇතුළු අධිකරණයේ රැස්ව සිටි පුද්ගලයින් පුදුමයෙන් ඒ දෙස බලා සිටිනනට වූහ. බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුට ඇඳුම් අන්දවා අධිකරණ ශාලාවෙන් පිටතට ගෙන ආවත් බන්ධනාගාර බස් රථය තුළදී එලෙසම හැසිරෙනු දක්නට ලැබුණි. ව්‍යජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම ඇතුළු තවත් චෝදනා කිහිපයකට ලක්ව සිටින සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිද කුමාරි අනුරාධනී යන අය  (14) නුගේගොඩ අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහු මෙලෙස හැසිරී ඇත. 

නුගේගොඩ මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු අජිත් එම්මාසිංහ මහතා විසින් සික්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මේ නඩුවට අදාල සැකකරුවන් 21 දෙනාද මෙදින අධිකරණය වෙත කැඳවා තිබූ අතර 2013 අගෝස්තු 02 දින එම නඩුව විභාගයට ගැනීමට නියමිත බව මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදී. රුපියල් කෝටි 105 කට ආසන්න මුදලක් දිස්ත්‍රික් දහසයක තැන්පත් කරුවන් 2000 කට පමණ මේ අය වංචා කර ඇති බව කියැවේ. මිරිහාන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණිල්ල මෙහෙයවන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all