Photobucket

Friday, December 21, 2012

රේසිං කාර් ගෙන්වීමෙන් බදු අහිමි වී නැහැ

මුදල් අමාත්‍යාංශය

රේසිං කාර් ගෙන්වීම සඳහා රුපියල් මිලියන 2022ක බදු සහන ලබාදී ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති, ප්‍රදර්ශන හෝ තරග වැනි කාර්යයන් සඳහා තාවකාලිකව ආනයනය කර ප්‍රති අපනයන කරන ස්වර්ණාභරණ, ප්‍රදර්ශන භාණ්ඩ, වාහන ආදිය සඳහා බදු පැනවීමක් සිදු නොකෙරේ. එකී ව්‍යාපෘතිය, ප්‍රදර්ශනය හෝ තරගය අවසන් වූ පසු එම භාණ්ඩ නිර්දේශ කරනු ලබන කාලසීමාවේ ප්‍රති අපනයනය කළ යුතු වේ.

දේශීය සංචාරක කර්මාන්තය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් පසුගිදා කොළඹ දී පැවැති මෝටර් රථ ධාවන තරගය සඳහා ආනයනය කළ කාර් ඇතුළු අනෙකුත් උපකරණ ප්‍රති අපනයන පදනම මත ආයනයනය කර ඇති බැවින්, එමගින් රටට අයවිය යුතු කිසිදු බදු මුදලක් අහිමිවී නොමැත. 

මීට අමතරව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ් ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී පැවැති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී රජයේ සේවකයින්ට ගෙවනු ලබන වැටුප් හැර අනෙකුත් සියලුම පුනරාවර්තන වියදම් කපාහරින ලෙස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවට කරන ප්‍රකාශය ද පදනම් විරහිත හා අසත්‍ය වූවකි.
.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all