Photobucket

Wednesday, December 19, 2012

නෙට්බෝල් නිලවරණය නව වසරේදී

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයට අනුබද්ධ ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති දිස්ත්‍රික් සංගම්වලට ඡන්ද අයිතිය ලබාදීම උදෙසා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමට සූදානම් වෙයි.

 අමාත්‍යංශයේ නෙට්බෝල් පරිපාලන කමිටුව,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය මගින් ඇමැතිවරයා වෙත දන්වා ඇත්තේ දිස්ත්‍රික් නෙට්බෝල් සංගම් විශාල ප්‍රමාණයක් නියමිත දිනට වාර්ෂික නිලවරණ හා තරගාවලි සංවිධානය කොට නොමැති හෙයින් ක්‍රියාත්මක තත්ත්වයේ ඇතැයි පිළිගත නොහැකි බවය.

එහෙයින් මේ අක්‍රීය සංගම් වෙත ඡන්ද අයිතිය විශේෂ අනුමැතියකින් තහවුරු කර ගත යුතුව ඇතැයි යෝජනා කොට ඇත.මෙයට පෙර පැවැති ක්‍රිකට් නිලවරණයේදී මෙන් සියලුම නෙට්බෝල් සංගම්වලට පොදු සමාවක්දී නිලවරණය පැවැත්වීමෙන් ගැටලුවකින් තොරව ඡන්දයක් පැවැත්වීමේ අවස්ථාව උදාවන බව ඇමැති පත්කළ නෙට්බෝල් පරිපාලන කමිටුවේ මතය වී තිබේ.'

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබුණු පසුව හෙට හෝ අනිද්දා නාමයෝජනා කැදවීමේ ලිපි තැපැල් කොට ජනවාරී මස තෙවැනි සතියේදී නෙට්බෝල් නිලවරණය පවත්වන බව අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ‘දිනමිණ‘ ට පැවැසීය.

ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයට අනුබද්ධ ඡන්ද අයිතිය හිමි සංගම් 34ක් පවතින අතර එයට දිස්ත්‍රික් සංගම් හා රාජ්‍ය සේවා,ජනසතු සේවා,වෙළද සේවා,විශ්ව විද්‍යාල,පාසල්,නිදහස් වෙළද කළාප නෙට්බෝල් සංගම්ද ඇතුලත් වේ.

ලබන වසරේ ජූනි මාසයේ බෘනායි හිදී පැවැත්වෙන ආසියානු යොවුන් නෙට්බෝල් ශූරතාවලියට සහභාගීවන කණ්ඩායම සුදානම් කිරීම දැනටමත් ප්‍රමාදව ඇති හෙයින් නිලවරණය කඩිනම් කළ යුතු බවට මත පළවෙමින් පවතී. 

වසර 2011 සිට මේ වසරේ අගොස්තු මාසයේ නිමාවූ ආසියානු නෙට්බෝල් ශූරතාවලිය තෙක් පරිපාලන කටයුතු අතුරු කමිටුවක් මගින් සිදු ක‍‍‍‍ළ අතර එම තරගාවලියේදී ලද පරජයෙන් පසු නිලවරනය පවත්වන බවට ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all