Photobucket

Wednesday, December 19, 2012

වීදුරු බිඳෙන හඬ ඇසුණා අප සැම බියෙන් වෙව්ලුවා

අමෙරිකාවේ ප්‍රාථමික පාසලේ සමූල ඝාතනය

* බිහිසුණු සිද්ධිය සියැසින් දුටු 9 හැවිරිදි නිකොලස් කියයි

අමෙරිකාවේ කනෙක්ටිකට් සමූල ඝාතන සිද්ධිය ඇසින් දුටුවන් අතර සිටින 9 හැවිරිදි නිකොලස් සැබි‍ලොන් තවමත් චකිතයට පත් සිතින් තම පාසල් සගයන් ඝාතනය වූ ආකාරය සිහිපත් කරන්නේ තමා ඇතුළු පිරිසක් දොරගුළු ලාගෙන සැඟවි සිටි කාමරය වෙත පැමිණි ඝාතකයා එහි ඇතුළුවීමට උත්සාහ දැරූ බව කියා සිටිමිනි. 

සිය පියා හා මව සමග සිටි නිකොලස් ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඝාතකයා 'මට ඇතුළට එන්න ඉඩ දෙනවා ..ඇතුළට එන්න ඉඩදෙනවා ' යැයිකෑ ගැසූ බවයි. 

සැන්ඩි හූක් ප්‍රාථමික පාසල තුළින් පළමු වෙඩි කීපයේ හඬ නැගීමත් සමග නිකොලස් සෙසු සිසුන් සමග සංගීත ගුරුතුමිය සමග සිට ඇති අතර සංගීත ගුරුවරිය වන මේරිරෝස් ක්‍රිස්ටොපික් වහා සිය සිසු පිරිස සංගීත භාණ්ඩ තිබෙන ගබඩා කාමරයට ගාල් කර දොරගුළු ලා හඬ නොනැගෙන පරිදි සංගීත භාණ්ඩ බඳාගෙන සිටින සේ දරුවන්ට උපදෙස් දීතිබිණ. 

මෙහිදී ඔවුන් හැම බියෙන් මුසපත්ව දෙවියන් යදිමින් සිටි බවත් ඒ අවස්ථාවේ ක්‍රිස්ටොපික් ගුරුතුමිය තමන්ට ලොලිපොප් ලබා දුන් අතර එය තමන්ගේ අවසන් ආහාරය යැයි තමා සිතූ බවත් නිකොලස් පවසා තිබේ.  

ඒ වෙලාවේ අපට වීදුරු බිඳෙන හඬ ඇසුණා. අප සැම බියෙන් වෙව්ලුවා. එවි‍ට යමෙකු දොරට ගසන හඬ ඇසෙන්න වුණා. වාසනාවකට අප හැමෝම නිහඬව සිටියා. දොරට ගසන තැනැත්තා මට ඇතුළට එන්න ඉඩ දෙනවායැයි කෑගැසූ නමුත් අපි දොර ඇරියේ නැහැ."යි නිකොලස් වැඩිදුරටත් කියා ඇත. 

මේ අවස්ථාවෙන් පසු 20 හැවිරිදි ඇඩම් ලන්සා නම් ඝාතකයා තමාටම වෙඩි තබා ගෙන මියගොස් ඇති අතර ඒ හා සමගම වාගේ පොලීසිය පාසලට කඩා වැදී ඇත. 'පොලීසිය පේළියට ආවා. ඔවුන් හැම කාමරයකටම තුවක්කු එල්ල කර ගෙන පැමිණියා. ඔවුන් මැදින් අප දුව ගියා.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all