හන්තාන කඳු මුදුනේ සංචාරයක නිරතව සිටියදී අතරමං වූ සරසවි
සිසුන් 455 දෙනකු බේරා ගැනීමට යුද හමුදාව ඊයේ (17 වැනිදා)
සමත් වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර හා වවුනියාව යන විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් පිරිසක් පෙරේදා (16 වැනිදා) හන්තාන කඳු මුදුනේ චාරිකාවක නිරතව සිට ඇති අතර හන්තාන කඳු මුදුන ඇතුළු අවට ප්‍රදේශවල පැවැති අධික වර්ෂාව හා මීදුම් තත්ත්වය මත ඔවුන්ට පාර සොයා ගැනීමට නොහැකිව අතරමං වී ඇත.
මෙම සරසවි සිසුන් හන්තාන කඳු මුදුනේ අතරමංව සිටින බවට ලද තොරතුරකට අනුව 200 කට අධික යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් පෙරේදා (16 දා) සවස එහි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.
එම මෙහෙයුමේදී අතරමංව සිටි සරසවි සිසුන්ගෙන් 70 ක පමණ පිරිසක් පෙරේදා රාත්‍රි 10.00 ට පමණ සොයා ගැනීමට යුද හමුදාවට හැකි වූ බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා "දිවයින" ට පැවසීය.
ඊයේ (17 දා) අලුයම වන විට බේරා ගනු ලැබූ සරසවි සිසුන් සියලු දෙනාම වරින්වර රැගෙන ආ බව හමුදා ප්‍රකාශකයා සඳහන් කළේය.
අතරමංව සිටියදී සොයාගනු ලැබූ සිසුන්ගෙන් 40 ක් පමණ අධික සීතල නිසා රෝගාතුර වීමෙන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත.
මෙසේ රෝහලට ඇතුළත් කළ සිසුන් මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වර්ෂ අවසාන චාරිකාවක නිරතව සිටි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසු සිසුවියන් 386 ක් හා වවුනියාව සරසවියේ සිසු සිසුවියන් 69 ක් මෙසේ හන්තාන කඳුවැටියේ අතරමංව තිබේ.
0 comments:
Post a Comment