Photobucket

Tuesday, December 18, 2012

රී ලංකා පිලේ ජය පිතිකරුවන් අතේ

ඔස්ට්‍රේලියාව ට එරෙහිව හොබාට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 393 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව ඊයේ සිවුවැනි දින තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 65 ක් රැස්කර ගෙන සිටියේය.

මේ අනුව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 328 ක අවශ්‍යතාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් කඩුලු 8ක් අතැතිව අද තරගයේ අවසන් දිනය ට මුහුණ දෙයි.

ඊයේ තරගය නතර කරන විට නායක මහේල ජයවර්ධන ලකුණු 5 ක් ද, කුමාර් සංගක්කාර ලකුණු 18 ක් ද රැස්කර ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියහ.

මේ ලකුණු ලබා ගැනීම සඳහා සංගක්කාර පන්දු 88කටත්, ජයවර්ධන පන්දු 37කටත් මුහුණ දුන්හ.  ජයවර්ධන ට ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීම සඳහා පන්දු 25ක් ගතවිය.

පළමු ඉනිමේ විශිෂ්ට පිතිහරඹයක නියැලෙමින් අගනා ලකුණු 147 ක් ලබා ගත් ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ට ඊයේ දෙවැනි ඉනිමේ දී ලබා ගත හැකිවූයේ ලකුණු 11ක් පමණි. 

ඔහු 10 වැනි ඕවරයේදී දැවී ගියේය.

සංගක්කාර ඊයේ ලකුණු 3ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරිණි. 

පිට දඟ පන්දු යවන නේතන් ලියොන් ගේ පන්දුවකට සංගක්කාර දුන් උඩ පන්දුව, පාදයේ ආබාධයක් හේතුවෙන් අපහසුවෙන් ‘ස්ලිප්’ හි පන්දු රකිමින් සිටි ක්ලාක් ට අතහැරිණි.

අනෙක් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න, මිචල් ස්ටාක් ගේ ‘යෝකර්’ පන්දුවකින් ලකුණු 30කට දැවී ගියේය.

මේ අනුව 24 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල මුළු ලකුණු 47 දී බිඳ වැටිණි.

රංගන හේරත් දක්ෂ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාව ඊයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 278 ක ට දැවී ගියේය.
හේරත් ලකුණු 96 ක ට කඩුලු 5ක් ලබා ගත් අතර චානක වෙලගෙදර ලකුණු 89 ක ට කඩුලු 3 ක් ලබා ගත්තේය.

සිය වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ට පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව යාමට සිදුවිය. 

ඒ වන විට ඔහු ලකුණු 57ක් රැස්කර ගෙන සිටියේය.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 146කට බිඳ වැටිණි.
ඊට පෙර, ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් (68) හා එඩ් කොවන් (56) ලකුණු 132ක් රැස් කළහ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all