ඉරාකයේ පෙරේදා ඇතිවූ ප්‍රහාර කීපයකින් 17 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 77
දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු ප්‍රකාශ කළහ. ෂියා මුස්ලිම් පල්ලි වටලා එල්ල
කළ බෝම්බ ප්‍රහාර හා කුර්දි දේශපාලන කාර්යාලයකට එල්ලවුණු රිය බෝමබයක් ඇතුළු
ප්‍රහාර කීපයකින් මේ මරණ සිදු වී තිබේ.
උතුරේ කර්කුක් නගරයේ හුසේනියාස් නම් වූ ෂියා මුස්ලිම් පලිල් දෙකක් අසල බෝම්බ 7ක්
හා රියබෝම්බ දෙකක් පුපුරා ගොස් ඇත . තවද නගරයේ පොලිස් භටයකු ඉලක්ක කර ගෙන
චුම්බක බෝම්බයක් පුපුරුවා ඇත. මේ ප්‍රහාරවලින් 13 දෙනකු මරණයට පත් වූ අතර 57
දෙනකු තුවාල ලත් බව සෞඛ්‍ය බලධාරින් පවසා තිබේ.
මේ අතර ජනාධිපති ජලාල්
තලබානිගේ කුර්දි දේශප්‍රේමි සංගමය නම් පක්ෂයයේ ජලව් ලා නගරයේ පිහිටි
මූලස්ථානය අබියස රිය බෝමබයක් පුපුරා ගොස් ඇත.
කුර්දි ආරක්ෂක බළකායට බැඳීමට පැමිණි පිරිස් මෙහි එක්රොක්වී සිට ඇත. එසේ බැඳීමට
පැමිණියවුන් දෙදෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර 13 දෙනකු තුවාල ලබා
ඇති බව ද සඳහන් ය.
මීට අමතරව ටාමියා හි දී සන්නද්ධ පිරිසක් විසින් හමුදා මුරපොලකට එල්ල කළ
ප්‍රහාරයෙන් සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු තුවාල ලබා ඇත.
බායිජි නගරයේදී ද රිය බෝම්බයකට අසුවූ පොලිස් භටයකු හා සිවිල් වැසියන්
තිදෙනකු තුවාල ලබා තිබෙන බවද සඳහන් වේ.
0 comments:
Post a Comment