Photobucket

Friday, December 7, 2012

රාජ්‍ය සේවා කාන්තා වොලිබෝල් ශූරතාව ජනාධිපති ආරක්ෂක පිලට

රාජ්‍ය සේවා කාන්තා වොලිබෝල් තරගාවලියේ 'ඒ' කොටසේ ශූරතාව දිනා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාස කණ්ඩායම සමත්විය. අවසන් තරග‍යේදී වට 3/1 ලෙස සිවිල් ආරක්ෂක සේවා බලකා කණ්ඩායම පරාජයට පත්විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජනාධිපති ආරක්ෂක කණ්ඩායමේ නායිකා දිනුෂා ඇතුලත්මුදලි සම්මාන ලැබීය. කණ්ඩායමේ පුහුණුකරු ලෙස උප පොලිස් පරීක්ෂක සුනිමල් ද සිල්වි හා කළමනාකරු ලෙස පොලිස් පරීක්ෂක රමේන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරුන් කටයුතු කරයි.

ජනාධිපති ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ, ක්‍රීඩා භාර සහකාර පොලිස් අධිකාරී ඩබ්.තිලකරත්න සහ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.ඩී.එල්. සිරිවර්ධන මහත්වරුගේ මඟපෙන්වීම ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූ බව කණ්ඩායමේ නායිකා දිනූෂා ඇතුලත්මුදලි පැවැසුවාය. 

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ කාන්තා කණ්ඩායම මේ වසරේ ලබාගත් දෙවැනි වොලිබෝල් ශූරතාව මෙය වේ. තරගාවලිය පසුගියදා වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all