Photobucket

Friday, December 7, 2012

සුප්‍රීම් සැට්‌ - 1 ගැන සියලු තොරතුරු හෙළි කරන්න

- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

සුප්‍රීම් සැට්‌ 1 නමින් පසුගියදා ගුවන්ගත කළ චන්ද්‍රිකාව පිළිබඳ සියලු තොරතුරු පාර්ලිමේන්තුවට හෙළිකරන ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ විශේෂ ප්‍රකාශය මෙසේය.

2012.11.27 දින "සුප්‍රීම් සැට්‌ - 1" නමින් ශ්‍රී ලංකාව විසින් සිය පළමු චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම පිළිබඳව දේශීය මාධ්‍ය මගින් නිවේදනය කෙරිණි. අනෙක්‌ අතින් විදේශීය මාධ්‍ය මගින් නිවේදනය කෙරුණේ චීනය විසින් "චයිනා සැට්‌-12"  නම්වූ සන්නිවේදන චන්ද්‍රිකාවක්‌ කක්‍ෂගත කළ බවය. . Aචිඒර 7ඊ නමින්ද හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව මීට පෙර සාර්ථක ලෙස ගුවන්ගත කරන ලද Aචිඒර 7 ට උපකාරක වශයෙන් යවන ලද අතිරික්‌ත චන්ද්‍රිකාවකි. තවද ආයෝජන මණ්‌ඩලයේ සමාගමක්‌ වන සීමාසහිත සුප්‍රීම් සැට්‌ පුද්ගලික සමාගම මෙම චන්ද්‍රිකාව සුප්‍රීම් සැට්‌ - 1 ලෙසද, සම නාමගත කිරීම සඳහා චීනයේ ග්‍රේට්‌වෝල් කර්මාන්ත සංස්‌ථාව සමග ගිවිසුමකටද පැමිණ තිබේ.

ජාත්‍යන්තර නීතියට අනුව අභ්‍යවකාශය සියලු රටවලට නිදහස්‌ව භාවිත කළ හැක. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ව්‍යවස්‌ථාව තුළ චන්ද්‍රිකා පියාසර පථයන් සඳහා ඉඩකඩ වෙන් කිරීමේ කාර්යය එකී සංගමයේ ලියාපදිංචිය හරහා සිදුකළ යුතු බවට විධිවිධාන පනවා ඇත. ශ්‍රී ලංකාවද එබඳු චන්ද්‍රිකා පියාසර පථයන් සඳහා හිමිකම් සහිත රටකි. චයිනා සැට්‌ 12 විසින් උපයෝගී කරගනු ලබන්නේ චීනයට වෙන් කරන ලද පියාසර පථයක්‌ද, නොඑසේ නම් ශ්‍රී ලංකාවට වෙන් කරන ලද පියාසර පථයක්‌ද යන්න මාධ්‍ය මගින් නිශ්චිතව සඳහන් කර නැත.

එබැවින් රජය පහත සඳහන් කරුණු ඇතුළත්ව චයිනා සැට්‌-12Ê/Êසුප්‍රීම් සැට්‌ 1 පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක්‌ කරන්නේද?

ශ්‍රී ලංකාව වෙත වෙන්කර ඇති චන්ද්‍රිකා පියාසර පථයන් මොනවාද? ඒවා භාවිත කරනු ලබන්නේ කුමන පදනමකින්ද?

චයිනා සැට්‌ - 12 චන්ද්‍රිකාව විසින් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අයත් පියාසර පථයක්‌ භාවිත කරමින් සිsටින්නේද?

ශ්‍රී ලංකා චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා පාර්ශ්වයක්‌ සඳහා තෝරා ගැනීමේදී පාරදෘශ්‍ය ක්‍රමයක්‌ අනුගමනය කරන ලද්දේද?

සුප්‍රීම් සැට්‌ 1 සඳහා වැය කෙරුණු සමස්‌ත පිරිවැය කුමක්‌ද? එය යළි පියවා ගනු ලබන්නේ කෙසේද?

මේ පිළිබඳ ආණ්‌ඩුවේ පිළිතුර හෙට (08 දා) ලබාදෙන බව ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය. 

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all