Photobucket

Wednesday, December 19, 2012

සමාජසේවා නිලධාරින් සමග ජීප් රියක් වතුරේ යයි: පිරිස බේරේ

දින තුනක් තිස්සේ වසා දමා තිබූ මහනුවර සිට යාපනය දක්වා වූ A 9 මාර්ගය  (19) උදෑසන සිට ගමනාගමනය සඳහා විවෘත කළේය. කටුගස්තොට, අකුරණ,අලවතුගොඩ, බලකඩුව යන මාර්ග ජලයෙන් යටවීම සහ පස් කඳු,ගස් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් එම මාර්ගය වසා දමා තිබුණි. 

මේ අතර හැවන්ඇල්ල ඔය පිටාර ගලා යාම නිසා අවතැන් වූ පිරිසට අවශ්‍ය ආධාර ලබා දීම සඳහා කැකිරාව පළාගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමාජසේවා නිලධාරින් රැගත් නිල ජීප් රථයක් ගමන් කරමින් තිබියදී හැවන්ඇල්ල ඔය අසලදී සැඩ පහරට අසු වී ගසා ගෙන ගොස් ඇත. ජීප් රථයේ සිටි නිලධාරින් පස් දෙනාගේ ජීවිත බේරී ඇති අතර වාහනය තවමත් තැනක සිරවී ජලයෙන් යට වී තිබේ. දඹුළු ඔය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා ගලා ආ සැඩ පහර හැවන්ඇල්ලට වැටීමෙන් පහත් බිම්වල සිටි අවතැන් වූ ජනයා සොයා යද්දී නිලධාරින් සැඩ පහරට අසු වී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all