Photobucket

Friday, December 21, 2012

මායා අනාවැකිය බොරුවක්‌ද?

අඳුරු ධූමකේතුවක්‌ පෘතුවියේ ගැටෙන්නේද
සුපිරි ගිනිකන්දක දූවිලි වලාවන් ගැනද අනතුරු ඇගවීමක්‌

මායාවරුන්ගේ දින දර්ශනය අනුව ලෝක විනාශය සිදුවන බව දක්‌වා ඇත්තේ දෙසැම්බර් 21 වැනිදායි. එහෙත් ඇමරිකානු නාසා ආයතනය පවසන්නේ කිසිදු උල්කාපාතයක්‌ හා ග්‍රහයෙක්‌ පෘතුවිය දෙසට එන බවට නිරීක්‍ෂණ්‍ය වී නැති බවයි.

එසේ වූවත් විද්‍යාඥයන් පවසන්නේ ස්‌වභාවික උපද්‍රව තුළින් ලෝක විනාශයට මග පෑදී ඇති බවයි. අඳුරු ග්‍රහයන් - වසංගත - සුපිරි ගිනිකඳු හා දේශගුණික විපර්යාස වැනි විපත් ඊට නිදසුන් බවද ඔව්හු කියයි.

අභ්‍යවකාශ භූවිද්‍යාඥ මහාචාර්ය ජොස්‌ලින් මෙල් බර්න්ලි විශ්වාස කරන්නේ ලෝක විනාශයක්‌ සිදුවන්නේ අඳුරු ධූමකේතයන් නිසා බවයි.

මෙම අඳුරු ධූමකේතුන් තුළ සුළු වශයෙන් අයිස්‌ හා හිම ඇති අතර වැඩි වශයෙන් ඇත්තේ දූවිලිවේ. අභ්‍යවකාශය තුල වේගයෙන් ගමන් කරන මේ අඳුරු ධූමකේතු හඳුනාගැනීම දුෂ්කර ක්‍රියාවත් - ධූමකේතු සාමාන්‍ය වශයෙන් විශාලයි නමුත් අඳුරු ධූමකේතු දූවිලිවලින් පිරිලා. හඳුනාගැනීමට අතිශයින්ම දුෂ්කර යයි ...... ඇය කියා සිටියායා.

මේ අඳුරු ධූමකේතුව පෘතුවියේ ගැටුනොත් ප්‍රමාණයටත් වඩා දූවිලි ව්‍යාප්ත වෙනවා. ඉන් බිලියන ගණනාවක ජනතාවක්‌ මියයන බවද ඇය තවදුරටත් හෙලි කළාය.

දූවිලි විශාල වශයෙන් පෘතුවියට පැමිණීමෙන් අධික සීතලක්‌ ඇති වී සූර්යාගේ බලපෑම බලපාන වැසීගොස්‌ වගාවන් විනාශ වන අතර මහා දුර්භික්‌ක්‍ෂයක්‌ ඇතිවන බවද ජෝසලින් බෙල් බර්නල් මහාචාර්යවරිය සඳහන් කළාය. එසේ වූවත් ගිනිකඳු පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය ඩේව් රොතරි පවසන්නේ පෘතුවිය වෙත විශාල දූවිලි වලාවක්‌ ගෙන එන්නේ සුපිරි ගිනිකන්දකින් බවයි.

සුපිරි ගිනිකන්දක්‌ අද දිනයේ පුපුරාගියහොත් සැතපුම් දහ දහස්‌ ගණනක්‌ දුරට දූවිලි වලාවක්‌ පෘතුවියේ වායුගෝලයට එක්‌වන බවද ඔහු පවසා ඇත.

මේ නිසා සූර්යා මුළුමනින්ම වැසෙනවා. සල්පර් ඩයොක්‌සයිඩ් වායුගෝලයට එක්‌වීම ඉතාමත් අහිත කර ක්‍රියාවක්‌ යෑයිද ඔහු අනතුරු අඟවයි. 1816 දී ඉන්දුනීසියාවේ ගිනිකන්දක්‌ පිපිරීමෙන් දූවිලි වළාවන් වායුගෝලයට එක්‌ වී ඉන්දුනීසියාවට ග්‍රීෂ්ම සෘතුවක්‌ නොතිබූ බවද ආචාර්ය රොතරි හෙලි කළේය. මේ අතර භූ විද්‍යා සමාජයේ හිටපු සභාපති බුයන් ලොවලි පවසන්නේ මුහුද යට දී නාය යැම් සිදු වී මීතේන් වායුව පිටවන බවයි.

කාබන් ඩයොක්‌සයිඩ්වලට වටා මීතේන් විසිගුණයකින් බරපතල වී ඉන් උෂ්ණත්වය අධික වෙනවා යයි ඔහු කියා සිටියේය. මුහුද යට ඇති මීතේන් වායු ගිනි විශාල ලෙස පිටවීම ගුනදායක තත්ත්වයක්‌ නොවන බවද ඔහු හෙළි කළේය.

මෙලෙස විවිධ මහාචාර්යවරු ලෝක විනාශය ගැන විවිධ මත පලකරන අවස්‌ථාවේ නාසා ආයතනය නිවේදනයක්‌ කරමින්  (21) දිනයේ පෘතුවියට කිසිදු විපතක්‌ සිදුවන්නේ නැතැයි පවසා ඇත. මායාවරුන්ගේ මිථ්‍යාවට ජනතාව ගොඳුරුනොවිය යුතුයි. අද කිසිඳු ආකාරයකින් ලෝක විනාශයට සිදුවන්නේ නැහැ. පෘතුවියටත් වසර බිලියන හතරක්‌ පවතිනවා යයි නාසා ආයතනය කියා සිsටියේය.

ලෝක විනාශය සිදුවන බවට කිසිදු සාක්‍ෂියක්‌ නැතැයිද නාසා ආයතනය තවදුරටත් සඳහන් කර ඇත. එහෙත් විශාල ජලගැලීම් - සුනාමි වැනි උපක්‍රම සිදුවීමට ඉඩ ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ පවසති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all