Photobucket

Monday, December 17, 2012

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇද්දැයි සොයන්න

විභාග කොමසාරිස් පොලිස්පතිට කියයි

 සාමාන්‍ය පෙළ විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රය පිටවී ඇද්දැයි සොයා බැලීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (15) දැනුම් දී තිබේ. 

අදාළ ප්‍රශ්න පත්‍රයේ පැවති ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න පත්‍රයක් විභාගයට ප්‍රථම පුද්ගලික පන්තියක සාකච්ඡා කර ඇති බවට 15 සෙනසුරාදා දින තමාට පැමිණිලි ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස තමා රහස් පොලිසියෙන් පෙරේදා (15) ඉල්ලීමක් කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා දිනමිණට ඊයේ (16) ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණවලින් යම් අයකු වරදකරුවකු වුවහොත් දේශපාලන පක්‍ෂ, පාට තරාතිරම නොබලා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය. 

පෙරේදා දහවල් 12.30 සිට 1.30 දක්වා පැවති විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පුද්ගලික පන්තියක උගන්වා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙයට ප්‍රථම පැවැත්වූ 5 වසර ඔිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන්ද මෙවැනි චෝදනා නැ¼ගුණු අතර, රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ වාර්තා නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all