Photobucket

Tuesday, December 25, 2012

මිලියන ගණන් මුදල් වංචා කළ චීන්නු 100ම රිමාන්ඩ්

ප්‍රභූ චීන ජාතිකයින්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් යුවාන් මිලියන ගණනින් වංචා කළ සංවිධානාත්මක චීන තායිපේ ජාතිකයින් 100 දෙනා ලබන මස 4 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා  (24) නියම කළේ ය. 

 මෙරට රැදී සිටිමින් මේ මුදල් වංචාව මෙහෙයවූ චීන ජාතිකයින් 100 දෙනා අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට කළ මෙහෙයුමකදී රහස් පොලිසිය විසින් මොවුන් අත්අඩංගුªවට ගෙන තිබිණි. චීන කාන්තාවෝ 26 ක් හා චීන ජාතික පිරිමින් 74 දෙනෙක් මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ලංකාවේ සිට අධිවේගී අන්තර් ජාල භාවිතා කරමින් මොවුන් චීනයේ ප්‍රභූන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබාගෙන ඔවුන්ට තර්ජනය කරමින් මෙසේ මුදල් වංචාවේ යෙදී ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය. 

චීන - කාන්තාවක් චීන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ පොලිසිය ලංකාව හරහා මේ වංචාව සිදු වන බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. එකී තොරතුරු හරහා චීන තානාපති කාර්යාල මගින් රහස් පොලිසියට මේ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව පුද්ගලයින් 7 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඔවුන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ඉකුත් 21 දා අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ඉල්ලා තිබිණි. 

වරෙන්තුව අනුව කොළඹ අවට ලිපින 8ක සඳහන් සුපිරි නිවාස පරීක්‍ෂා කිරීමේදී මේ චීන ජාතිකයින් 100 දෙනා එහි සිට අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 100 දෙනා ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේ ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all