ධනවත් චීන ජාතිකයන්ගේ බැංකු ගිණුම්වල රහස් දත්ත වාර්තා
අන්තර් ජාලය ඔස්‌සේ ලබාගෙන ඔවුන්ට තර්ජනය කරමින් යුවාන්
මිලියන තුනකට ආසන්න මුදලක් ලබාගත් සංවිධානාත්මක චීන
තායිපේ ජාතිකයන් සිය දෙනකු කොළඹ සහ අවට ප්‍රදේශවල සැඟවී
සිටියදී රහස් පොලිසිය මගින් (22 වැනිදා)
අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සංවිධානාත්මක පිරිස ජාවාරම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකාවේ
සිට බව හෙළිකර ගත් චීන පොලිසිය ශ්‍රී ලංකා රජයෙන් කළ
ඉල්ලීමකට අනුව රහස් පොලිසිය පැවැත්වූ විමර්ශනවලදී සැකකරු
වන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ඔවුන් අතර කාන්තාවෝ 24 දෙනෙක් සිටිති. සැකකරුවන් ගෙන් 06 දෙනකු චීන ජාතිකයන්වන අතර සෙසු සැකකරුවන් චීන තායිපේ ජාතිකයන් බව පොලිසිය පවසයි. අන්තර්ජාලය ඔස්‌සේ ධනවත් චීන ජාතිකයන්ගේ බැංකු ගිණුම්වල වාර්තා සොයාගෙන ඇති මෙම සැකකරුවන් ඔවුන්ට තර්ජනය කර ඇත්තේ තමන් චීන පොලිසියෙන් බව කියමින්ය.
ධනවත් චීන ජාතිකයන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සම්බන්ධයෙන් චීන පොලිසිය විශේෂ විමර්ශනයක් පවත්වන බව කියමින් ධනවත් පුද්ගලයන්ට තර්ජනය කර ඇති මෙම කණ්‌ඩායම මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන තුරු එම මුදල් චීන පොලිසියේ බැංකු ගිණුමකට බැර කළ යුතු බව කියමින් එම මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ලබාගෙන ඇත.
ඒ ආකාරයට විශාල පිරිසකගේ බැංකු ගිණුම්වලින් යුවාන් මිලියන තුනකට ආසන්න මුදලක් ලබාගෙන ඇති අතර මේ පිළිබඳව සැක පහළ කළ චීන ජාතිකයන් පිරිස ඒ බව චීන පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව චීන පොලිsසිය මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරමට යොදාගත් පරිගණක ශ්‍රී ලංකාවේ ස්‌ථාන කිහිපයක සිට ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව චීන පොලිසිය ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය හරහා මේ පිළිබඳ පරීක්‌ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. රහස් පොලිස් විමර්ශනවලින් හෙළිවූයේ මෙම ජාවාරමට සම්බන්ධ චීන තායිපේ ජාතිකයන් රාජගිරිය, කෝට්‌ටේ, කොල්ලුපිටිය, කුරුඳුවත්ත ප්‍රදේශවල සුවිසල් නිවාස කිහිපයක රැඳී සිටිමින් මෙම ජාවාරමේ නිරත වන බවයි. රහස් පොලිසියේ විශේෂ කණ්‌ඩායම් කිහිපයක් කළ වැටලිSමකදී මෙම සැකකරුවන් සහ ජාවාරමට යොදාගත් පරිගණක ඇතුළු තවත් උපකරණ රැසක්‌ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් චීන සහ චීන තායිපෙ පොලිසිය වෙත භාරදීමට නියමිතය. රහස් පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

0 comments:
Post a Comment