මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ දරු දෙදෙනා
ඝාතනය කළ සැකකාර සැමියා ඝාතනවලින් පසු තම නිවසේ කුලියට
සිටි මිතුරකුට අවමංගල්‍ය කටයුතු සඳහා වියදම් කිරීමට
රුපියල් ලක්‍ෂ දෙකක් ලබාදී ඇති බව ගල්කිස්‌ස පොලිසිය
වැඩිදුරටත් කරන විමර්ශනවලදී හෙළි කර ගෙන ඇත.
එම මුදල් සමග මෝටර් රථයේ යතුර ද මිතුරාට ලබාදී ඇති අතර ඒවා සියල්ල සැකකරුගේ මවට ලබාදුන් බව මිතුරා පොලිසියට පවසා ඇත.
සැකකරු විසින් මුදල් සහ මෝටර් රථයේ යතුර ඝාතනය සිදුවී පැය කිහිපයකට පසු ලබාදී තමාට නැවත ඒමට නොහැකි වනු ඇති බවද මිතුරාට පවසා තිබේ.
මෙම ත්‍රිත්ව ඝාතනයෙන් පසු සැකකරු තම ජීවිතයට යම් අනතුරක් සිදු කර ගනීවි දැයි සැකයෙන් දෙපාර්ශ්වයේ ඥතීන් ඔහු යන යන තැන යමින් ආරක්‍ෂා කරගෙන ඇති බවත් හෙළිවී තිබෙන අතර ඔහු ඒ සඳහා ව්‍යාජ රංගනයක යෙදී ඇතැයි ද අනාවරණය වී තිබේ.
සැකකරු තම දරු පවුල ඝාතනය කිරීමට සතියකට පමණ පෙර රුපියල් ලක්‍ෂ 45 ක් ගෙවා කටුබැද්ද ප්‍රදේශයෙන් නව නිවසක් ලබාගෙන ඇති බවද හෙළිවී තිබෙන අතර ඔහු සතුව කළුතර ද නව නිවසක් තිබේදැයි පරීක්‍ෂණ සිදු කෙරේ.
ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස් මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති එරික් රෝහිත, කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදු කරති.
0 comments:
Post a Comment