වසර 73 ක ශක්තිය, විශ්වාසය සහ ස්ථාවරත්වයට හිමිකම් කියන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුවක් වන ලංකා බැංකුව, බංකු සහ
මූල්‍ය ක්ෂේත්රයේ ලොව පිළිගත් සඟරාවක් වන "The banker"
සඟරාව විසින් ලොව විශිෂ්ටතම බැංකු 1,000 අතරට නම් කිරීම ලංකා
බැංකුව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයකි. ලොව බැංකු ක්ෂේත්රයේ
නායකත්වය උසුලන මූල්‍ය ආයතනයන්හි ජයග්රහණයන් අඟයමින් මෙම
විශිෂ්ටතම බැංකු 1,000 තෝරන ලදී. ජාත්‍යන්තර බැංකුකරණ
ක්ෂේත්රයහිලා සුලභව යොදා ගැනෙන බැංකු ආයතනයන් හි
ස්ථාවරත්වය, මූල්‍ය ශක්තිය සහ ලාභදායකත්වය සම්බන්ධයෙන් පූර්ණ
මාර්ගෝපදේශයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීම දිනා ගත් දර්ශකයක්
භාවිත කර එක් එක් බැංකු ආයතනයට හිමි ස්ථානය නම් කරන ලදී.
1926 වසරේ දී එක්සත් රාජධානියේ දී ප්‍රථම වරට ප්රකාශනය කළ
"The banker" සඟරාව රටවල් 180 ක් තුළ බෙදා හරින අතර
ජාත්‍යන්තර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රධානතම
දත්ත සහ විශ්ලේෂණ ප්රභවය ලෙස ක්‍රියා කරයි.
ලංකා බැංකුව දිවයින පුරා වෙසෙන මිලියන 10 කට අධික
ගනුදෙනුකරුවන් පිරිසකට ඉතාමත් කැපවීමෙන් යුතුව සිය සේවය
පිරිනමයි. µsච් රේටින් ලංකා ලිමිටඩ් ලංකා බැංකුව සඳහා AA+ (lka)
තත්ත්වය පිරිනැමූ අතර ස්ථාවරත්වය අතින් දේශීය වාණිජ බැංකුවක්
වෙත පිරිනැමූ ඉහළතම තත්ත්වය මෙය වේ. බ්‍රෑන්ඩ් µsනෑන්ස් ලංකා
ආයතනය ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නම් නාමය ලෙස අඛණ්ඩව පසුගිය
අවුරුදු හතර පුරාම ලංකා බැංකුව නම් කරන ලදී. අපගේ පුළුල් සේවා
රැස අපගේ විශාලතම ශක්තිය වේ. ළමා ගිණුමේ සිට රාජ්‍ය අංශයට
මෙන්ම පෞද්ගලික අංශය සඳහා ව්‍යාපාරික ණය දක්වා සෑම මට්ටමකම
ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා අපි සේවා
පිරිනමන්නෙමු. මුළු දිවයිනම ආවරණය කරමින් විහිදී පවත්නා 600 කට
ආසන්න බැංකුවේ පුළුල් ශාඛා ජාලය සහ ව්‍යාප්ති කාර්යාල හරහා
බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා ව්‍යාපාරික බැංකුකරණය, පුද්ගලික
බැංකුකරණය, ඉස්ලාම් බැංකුකරණ, ආයෝජන බැංකුකරණය, අක්වෙරළ
බැංකුකරණය, සංවර්ධන බැංකුකරණය, ජාත්‍යන්තර සහ භාණ්ඩාගාර
මෙහෙයුම් කටයුතු සහ වෙළෙද මූල්‍ය සේවා යනාදී මූල්‍ය සේවා
රැසක් පිරිනැමීමේ ශක්තිය සහ විවිධාංගිකරණ හැකියාව ලංකා
බැංකුව සතුව පවතී. අද වනවිට බැංකු සේවා මධ්‍යස්ථාන 1,000 කට
අධික සංඛ්‍යාවක් හරහා ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන්ට උපරිම
සේවයක් පිරිනමයි.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා මෙසේ පවසන ලදී. "බැංකුව මෙම කඩඉම පසු කරන ලද්දේ කළ නොහැක්කක් නොමැත යන පැහැදිලි දැක්ම ඇතිව ය. එනම් 2012 වසරේ දී රුපියල් බිලියන 10 ක ලාභයක් සහ ටි්රලියන එකක වත්කම් අත් කර ගැනීම සඳහා වූ "one ten twelve" නම් ව්‍යාපාරික වැඩසටහන යි. ලංකා බැංකුව විසින් මෙම ඉලක්කය බලාපොරොත්තු වූවාට බොහෝ පෙර 2012 වසරේ මැදභාගයේ දී ළගා කර ගන්නා ලදී. ඒ අනුව ටි්රලියන 1 ක වත්කම් අත් කර ගැනීමේ අද්විතීය කඩඉම පසු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව බවට ලංකා බැංකුව පත්වන ලදී. "ඔබ සතුව පැහැදිලි දැක්මක් ඇත්නම් ළඟා කර ගත නොහැකි දෙයක් නොමැත" යන්න පිළිබඳව ආචාර්ය වික්‍රමසිංහ මහතා අවධාරණය කරන ලදී.
ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා පුර්ණ මූල්‍ය සේවා රැසක් පිරිනැමීම සඳහා අවශ්‍ය ශක්තිය සහ විවිධාංගිකරණ හැකියාව ලංකා බැංකුව සතුව ඇත. ලංකා බැංකුව එහි අද්විතීය බැංකු සහ මූල්‍ය සේවා චෙන්නායි, මාලදිවයින සහ ලන්ඩන් මෙහෙයුම් මධ්‍යස්ථාන හරහා තවදුරටත් ජාත්‍යන්තර මට්ටම කරා ව්‍යාප්ත කර ඇත.
එමෙන්ම මෙම ජාත්‍යන්තර ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී කේ. ධර්මසිරි මහතා මෙසේ පවසන ලදී. "සියලුම ව්‍යාපාරික ක්ෂේත්රයන් තුළ සේවාවන් ව්‍යාප්ත කරමින් බැංකුවේ වර්ධනය අතින් ප්‍රධාන කඩඉම් කිහිපයක් පසු කරමින් 2012 වසරේ උච්චතම ස්ථානය කරා බැංකුව ළඟා වන ලදී. මෙරට මිලියන 10 කට අධික පිරිසකට බැංකුව සේවා පිරිනමයිs. බැංකු සහ මූල්‍ය සේවාවන්හි සෑම අංශයකින්ම අපි ප්‍රමුඛස්ථානය දරන්නෙමු."
පෞද්ගලික සහ රාජ්‍ය අංශ සමඟ දැඩි හවුල්කාරිත්වයක් පවත්වාගෙන යමින් ලංකා බැංකුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම, කාරක ප්‍රාග්ධන ප්‍රතිපාදන සහ රාජ්‍ය ව්‍යාපෘති සඳහා ආයෝජනයන් සිදු කරයි. රජයේ සමාජ ආර්ථික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය වෙමින් මූල්‍ය සහාය සඳහා මෙරට වූ අධික ඉල්ලුමට පිළිතුරු සෙවීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව මෙරට සමස්ත ආර්ථිකය ආවරණය වන පරිදි සේවා ප්‍රතිපාදන සිදු කරමින් බැංකුව විශාල කාර්යභාරයක් සිදු කරන ලදී.
2012 අගෝස්තු 01 වෙනි දින ලංකා බැංකුව එහි 73 වෙනි සංවත්සරය සමරන ලදී. 1939 වසරේ සිට බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමිත්වය උසුලමින් ලංකා බැංකුව "ජාතියේ මහ පහන් ටැඹ" ලෙස අපගේ ජාතියේ වර්ධනයට සහ රටේ සංවර්ධනයට අඛණ්ඩව සාර්ථකව දායකවෙමින් ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වය සපයයි.

දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment