Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket

සෑම පාසල් සිසුවකුටම ශාරීරික ප්‍රගති වාර්තා පොතක්‌!

Saturday, March 2, 2013

ක්‍රීඩාවක්‌ කිරීමට නොහැකි මට්‌ටමේ ශාරීරික හෝ මානසික ආබාධ ඇති සිසුන් හැර සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කිසියම් හෝ ක්‍රීඩාවක්‌ කිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව සෑම පාසල් සිසුවකුටම ශාරීරික ප්‍රගති වාර්තා පොතක්‌ නිකුත් කිරීමටත් ඔහුගේ හෝ ඇයගේ ශාරීරික යෝග්‍යතාව වර්ෂයකට වරක්‌ ඇගයීමට ලක්‌කිරීමටත් තීරණය කර ඇත. කායික හා මානසික සමබරතාවයෙන් යුතු නිරෝගී පරපුරක්‌ බිහිකිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති අතර මීට අදාළව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක යන මහත්වරුන් ඒකාබද්ධව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවට පසුගියදා (28 වැනිදා) අනුමැතිය ලබා දී ඇත.

එමෙන්ම සියලුම වෘත්තීය හා උසස්‌ අධ්‍යාපන ආයතනවල දරුවන්ට කිසියම් ක්‍රීඩාවක්‌ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වන අතර රාජ්‍ය නොවන උසස්‌ අධ්‍යාපන ආයතනවල දරුවන්ට ද විවිධ ක්‍රීඩා පහසුකම් ලබාදීම අනිවාර්ය වේ.

වයස අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් තරගකාරී ක්‍රීඩා සඳහා යොමු නොකිරීමටත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව 6 ශ්‍රේණියේදී සියලුම දරුවන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන කර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව සුදුසු ක්‍රීඩාවකට යොමුකළ යුතු වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ වෙසෙන දරුවන්ගෙන් ක්‍රීඩා කටයුතුවල නිරත වනුයේ සියයට 05 ක්‌ පමණය. ඒ තත්ත්වය ඉහළ දැමීමත් සමබර පෞරුෂයෙන් යුතු පුරවැසියන් බිහිකිරීමත් වැඩසටහනේ ඉලක්‌ක වී ඇත.
Read Post | comments

අගරු චෙක්පත් දුන් අලෙවි නියෝජිතට දඩ

පස්යාල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඖෂධ නිෂ්පාදන ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු වරින්වර ආයතනයෙන් අලෙවිය සඳහා ලබාගත් රුපියල් පහළොස් ලක්ෂ අසූහය දහස් තුන්සිය දොළහක අගරු චෙක්පතක් ලබාදී ඔහු මේ ආයතනයේ සේවය ලබා ගැනීමේදී සුදුසුකමක් වශයෙන් ඉදිරිපත් කළ රුපියල් ලක්ෂ දහයක බැංකු ඇපකරයද ආපසු ලබාගෙන සැඟවී සිටියදී ගම්පහ මුලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇත.

පස්යාල වෙන්ඩෝල් සමාගමේ පාලන අධිකාරිය මේ පැමිණිල්ල ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා වෙත ඉදිරිපත් කර තිබුණි. සැකකරු ආයතනයේ හිඟුරක්ගොඩ අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු අලෙවිය සඳහා ආයතනයෙන් වරින්වර ලබාගත් ඖෂධ වෙනුවෙන් අයවිය යුතු හිඟ මුදල් සඳහා අගරු චෙක්පත් ලබාදී තිබේ.

අනතුරුව සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අත්තනගල්ල මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය සැකකරුට රුපියල් 50000ක මුදල් දඩයකට අමතරව රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහැරියේය.
Read Post | comments

ගම්පහ මෝටර් රථ සොරා සොයා පරීක්ෂණ

නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ නිකහැටිකන්ද බුලත්වැල්දෙණියේ නිවෙසක රහසිගත ලෙස සඟවා තිබූ අංක තහඩු හෝ කිසිදු නීත්‍යානුකූල ලිඛිත සාක්කියක් නොමැති රුපියල් ලක්ෂ හැත්තෑවක් වටිනා නවීන සුඛෝපභෝගි මෙවලම් සහිත ටොයොටා හජියර් වර්ගයේ අලුත් ජීප් රථයක් ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

වාහනය ගාල්කර තිබූ නිවසේ දෙදෙනෙකුද තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර මේ දෙදෙනාද වාහනය පිළිබඳව සැබෑ තොරතුරක් කීමට කරුණු නොදන්නා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ තරම් වටිනා සුඛෝපභෝගී අලුත් වාහනයක් අභිරහස් ලෙස සඟවා තබා ඇත්තේ කිසියම් අපරාධයකට යොදා ගැනීමේ අරමුණින් විය හැකි බවට සැකකරන පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Read Post | comments

ගෙදරට කොච්චර චණ්‌ඩිකම් දැම්මත් ඉස්‌කෝලෙදි මම හරි ලැජ්ජයි....

ලොකු ඉස්‌කෝලේ මහත්තයාලගේ ගෙදර තමයි ඉස්‌සර පාන් බෙදන්නේ. එක්‌කෙනෙකුට දෙන්නේ පාන් කාලයි. පෝළිමේ ගිහින් තමයි පාන් කාල ගන්නේ. සතියකට දවස්‌ දෙකක්‌ හරි තුනක්‌ හරි තමයි ගමට පාන් ගේන්නේ. ලොකු ඉස්‌කෝලේ මහත්තයා උදෙන්ම ඉස්‌කෝලෙට යන නිසා මමයි නිහාල්, නන්දන, උදය යාළුවෝ ටික පාන් එනකන් ඉඳලා පානුත් අරගෙන මගදිගට කකා තමයි ඉස්‌aකෝලෙට යන්නේ. ඒ හැම දවසකම වගේ ඉස්‌කෝලේ පටන් අරගෙන. පරක්‌කු වුණේ ඇයි කියලා ඇහුවහම පාන් එන්න පරක්‌කු වුණා කියලා බොරු කියලා පන්තියට දුවනවා...

ඉස්‌කෝලේ ජීවිතේනම් ඒ වගේ සුන්දර වූ මතකයන් පෙළක්‌ සිහිකරන්න පුළුවන්. එතරම් රසබර වූ අතීත මතකයන් තමයි මගේ කුඩා කල තිබුණේ. මගේ නම සරත් කොතලාවල වුණාට ඉස්‌කෝලේ යාළුවෝ මට කතා කළේ සරා කියලා. අපි අතර තිබුණු තවත් පුරුද්දක්‌ තමයි ඉස්‌කෝලේ ගිය හැම දවසකම වගේ දීපන්ගොඩ ඇළෙන් නාලා හවස තමයි ගෙදර එන්aනේ. හැබැයි හය පහුවෙන්න කලින් කොහොම හරි ගෙදර එනවා. මොකද හය පහුවුණොත් තාත්තාගෙන් ගුටි කන්න වෙන නිසා.

තාත්තා රස්‌සාවට කළේ රබර් ආශ්‍රිත ව්‍යාපාරයක්‌. අම්මා උදේට රබර් කිරි කපනවා. මට මතකයි අවුරුදු දහය වෙද්දි රබර් කිලෝ පනහ හැට පුට්‌ සයිකලේ තියාගෙන හෝමාගම පිහිටි මාගම්මන අපේ ගමේ ඉඳලා කිලේ මීටර් හතරක්‌ විතර එහා තියෙන කහතුඩුවට ගෙනියනවා. වැඩිමනක්‌ උවමනාවෙන් බයිසිකලේ පැද්දේ තාත්තා දෙන රුපියල් පහ අරන් ඉස්‌කෝලේ යන දවසට කඩචෝරු කන්න.

මගේ කුඩා කාලේ බොහෝ විට ගතවුණේ රබර් වතු, කුඹුරු, පොල් වතු මැද්දේ. මට මතකයි රබර් ඇට එකතුකරලා කරත්ත හදනවා. මට ඉන්නේ අක්‌කා කෙනෙක්‌ විතරයි. ඉස්‌කෝලේ චන්ඩියෙක්‌ නොවුණට අක්‌කත් එක්‌ක උපරිම රණ්‌ඩු අල්ලනවා. දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය තමයි මගේ මුල්ම පාසල වුණේ. මට මතකයි ඉස්‌කෝලේ ගිය මුල්ම දවසේ හොඳටම ඇඬුවා. පස්‌වෙනි පන්තියෙදි බ්‍රාහ්මණගම ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයට මාරු වුණා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ඒ ඉස්‌කෝලෙන්. ඒ කාලේ උපරිමයෙන්ම ඉගෙනීමට තමයි යොමු වෙලා හිටියේ.

ගොයම් කපන කාලෙට අපිට පුදුම සතුටක්‌ තිබුණේ. මඩවනවා, ඉපනැල්ලේ එල්ලේ ගහනවා. මට හොඳට මතකයි රබර් වත්තේ බඹ තුනක්‌ විතර උස රබර් ගහක්‌ තිබුණා. පුරුද්දට වගේ හැමදාම ඔය ගහේ නැගලා සෙල්ලම් කරනවා. දවසක්‌ අත්තක්‌ ගඩාගෙන බිමට වැටිලා හක්‌ක පැනලා බාප්පා කෙනෙක්‌ තමයි වෙදකම් කරලා හක්‌ක දැම්මේ. මෑතක්‌ වෙනකම් කට කට ගාන සද්දේ තිබුණා.

මේධානන්ද ඉස්‌කෝලෙට යද්දි හවස එනගමන් අවට තිබුණු වතු සුද්ද කරගෙන තමයි ගෙදර එන්නේ. හැමදාම වගේ වරකා නම් කරන්න ලැබෙනවා. ගෙදරට කොච්චර චණ්‌ඩි පාට්‌ දැම්මත් ඉස්‌කෝලේදි මම හරි ලැඡ්ජයි. සිකුරාදට තමයි ඉස්‌කෝලේ සාහිත්‍ය රුස්‌වීම තියෙන්නේ. කවදාවත් කිසිම ඉදිරිපත් කිරීමක්‌ කරන්නේ නැති නිසා මට හොරෙන් පන්ති භාර ගුරුතුමිය මගේ නම දාලා තිබුණා සිංදුවක්‌ කියන්න. නම කිව්ව නිසා ස්‌ටේඡ් එකට උඩට නැගලා විනාඩි පහක්‌ විතර ඇඹරි ඇඹරි ඉඳලා බලන් හිටපු හැමෝම හිනාවෙන නිසා බැහැලා ගියා. එදා ඉඳලා හැම සිකුරාදටම වගේ මම ස්‌කෝලේ ගියේ නැහැ. ඒ කට හරියන්න සඳුදට ගිහින් ගුටිකෑවා. ඒ තරම් සබකෝලයක්‌ තිබුණු ළමයෙක්‌ මම. නමුත් ක්‍රීඩාවට පොඩි කැමැත්තක්‌ තිබුණා. උස පැනලා තමයි වැඩිම සහතික තිබුණේ.

සාමාන්‍ය පෙළ එක විෂයක්‌ ඇරෙන්න අනෙක්‌ විෂයන් හතම පාස්‌වුණ නිසා 1987 දී උසස්‌ පෙළ කරන්න නුගේගොඩ සුභද්‍රරාම පිරිවෙනේ පටන් ගත්ත උදේ ඉස්‌කෝලෙට ගියා. වාණිජ විෂයන් තමයි මම තෝරගත්තේ. මට මතකයි ඉකෝන් ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන. පිරිවෙනේ තිබුණ උත්සවයකට එවකට අධ්‍යාපන ඇමැතිව හිටිය ආනන්ද තිස්‌ස අල්විස්‌ මහතාට ආරාධනා කරලා තිබුණා. ලොකු උත්සවයක්‌ නිසා උත්සවය තිබුණු දවසට කලින් දවසේ රෑ එළිවෙනකම් උසස්‌ පෙළ පන්තිවල හිටිය ළමයි එකතුවෙලා තොරණක්‌ ගැහුවා. පිරිවෙන් වත්තට ඉස්‌සරහා පොල් වත්තක්‌ තිබුණේ. කොහොමහරි රෑ හොර පොල් කඩන්න ගිහින් ජීවිතේ පළවෙනි වතාවට පොලිසියට අහුවුණා. වාසනාවට පොඩි ළමයි වුණ නිසා අවවාද කරලා පොලීසියට යන්න කලින් අපිව මගදි බැස්‌සුවා.

පොඩි කාලේ ඉඳලම චිත්‍රපට බලන පිස්‌සුවක්‌ තිබුණා. උසස්‌ පෙළ පන්තිවල ඉන්න කාලෙදි යාළුවොත් එක්‌ක චිත්‍රපට බලන්න යනවා. ජෝ මහත්තයාගේ චිත්‍රපට නම් බලන්න අමතක කරන්නෙ නැහැ.

උසස්‌ පෙළ විභාගෙ ලිව්වට විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු දෙකක්‌ මදිවුණ නිසා ගෙදර ඉඳන් රස්‌සාවල් හොයපු කාලයක්‌ මගේ ජීවිතේ තිබුණා. ඔය අතරේ පුද්ගලික ආයතනයක ඩිලවරි කරන රස්‌සාවක්‌ ලැබුණා. සුදුසුකම් අනුව ඒ රස්‌සාව ලැබෙන එකක්‌ නැතිවෙයි කියලා හත පාස්‌ කියලා තමයි ඒ රස්‌සාවට ගියේ. ටික කාලයක්‌ යද්දී මගේ ඇත්ත සුදුසුකම් ආයතනයෙන් දැනගෙන ස්‌ටෝ කීපර් කෙනෙක්‌ හැටියට පත්කළා. අවුරුදු තුනක්‌ ඒ රස්‌සාව කළා. ඔය අතරේ තමයි ගමේ පන්සලේ පුස්‌තකාලයක්‌ හදන්න මුදල් හොයාගන්න නාට්‍යයක්‌ හදලා පෙන්නමු කියලා ගමේ තරුණයෝ ටික එකතුවුණේ. අන්තිමේදි "යක්‌ෂාභි භවනය" කියලා නාට්‍යයක්‌ අපි නිර්මාණය කරලා රඟදැක්‌වුවා. මමත් ඒ නාට්‍යයේ එක චරිතයක්‌ කළා. නොකිව්වට මොකද රඟපාන්න පුංචි ආසාවක්‌ ටික කාලෙක ඉඳලා හිතේ තිබුණට අවස්‌ථාවක්‌ ලැබෙයි කියලා හිතුවේ නැහැ. අන්තිමේදි ඒ චරිතය ලැබීමත් එක්‌ක රංගනය ගැන හදාරන්න අසාවක්‌ ඇතිවුණා. 1990 වෙනකම් තරුණ සේවා සභාව, ගුවන් විදුලිය, රූපවාහිනිය මගින් මෙහෙයවපු වැඩමුළු හොයාගෙන ගිහින් ඉගෙන ගත්තා.

ඒ අතරේ ආරංචියක්‌ ලැබුණා ජයලාල් රෝහණයන්ගේ අලුත් වීදි නාටය කණ්‌ඩායමට සාමාජිකයන් බඳවා ගන්නවා කියලා. "දිරිය කැදල්ල" නමින් පටන්ගත්ත ඒ වීදි නාට්‍යය කණ්‌ඩායමට එකතුවෙලා අවුරුදු හයක්‌ විතර මම වැඩ කළා. 1994 දී රාජ්‍ය කෙටි නාට්‍යය උළෙලට සම්බන්ධ වෙන්න ලැබුණා මලගම වේදිකා නාටය හරහා. එතැනදි මේ ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පිරිසක්‌ මට හඳුනගන්න ලැබුණා. ඔය අතරේ රාජ්‍ය නාට්‍යය උළෙලට ඉදිරිපත් කරපු හේමන්ත ප්‍රසාද්ගේ වේදිකා නාට්‍යය තුළින් හොඳම නළුවා සම්මානය ජීවිතේ පළවෙනි වතාවට ලැබුණා. ඒ සමගම වගේ ෂෙල්ටන් පයාගල මහත්මා මුණගැහුණා. ඔහුගේ මගපෙන්වීම මතින් කලාව තුළ සියලු තතු ඉගෙන ගත්තා. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ජයලත් මනෝරත්නයන්ගේ මිනිස්‌සු ඒකාංගික ටෙලිනාට්‍යය.

ඒ වෙනකොට කරපු හැම රස්‌සාවකින්ම අයින් වෙලා රංගනය මගේ වෘත්තිය කරගෙන තිබුණා. ඔය අතරේ තමයි 2002 අවුරුද්දේදි යෝජිත විවාහයක්‌ මගින් පුෂ්පා සමන්ති මගේ බිරිඳ දැන ඇඳිනගෙන අපේ විවාහය සිද්ද වුණේ. අද අපිට දුවයි පුතුයි දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.

ජීවිතේ ගැන සන්තෝෂයි. මේ විෂය තුළ අලුත් අලුත් දේ හොයමින් ආවේ. ඒ තූළ ඉගෙන ගෙන තියෙනවා සහ මගේ ජීවිතේ ටාගට්‌ තියෙනවා. එහෙම කියලා කවුරුවත් තල්ලු කරගෙන ආපු ගමන් මට නැහැ. අද වෙනකම් කරපු හැම දෙයක්‌ම උපරිමයෙන් කළා කියලා හිතනවා.
Read Post | comments

රන් මාලය රු 45000 කට උකස්‌ කොට එළදෙනක්‌ බේරා ගත් යුවතිය

දුලානි මේනකා පොළොන්නරුව ජයන්තිපුර කඩවල වැව පදිංචිකාරියකි. මෙම සටහනට ඇය පාදක වන්නේ විශේෂ හේතුවක්‌ නිසාය.

ගැහැනුන් රන් ආභරණ තව තවත් වැඩිකර ගැනීමට තැත් දරනවා මිස ඒවා අත් හරින්නට සූදානම් නැත. ගෙලෙහි බැඳි රන් මාලය උකස්‌ කොට මරණයට කැපව ගෙනයන එළදෙනක්‌ බේරාගන්නට යුවතියක්‌ වෙතොත් එය විශ්වාස කළ නොහැකි පුදුමයකැයි ඔබ කියනු ඇත.

ජයන්තිපුර දුලානි මේනකා සුවිශේෂ වන්නේ එබැවිනි.

දිනක්‌ ඇය මිදුලට වී සිටිය දී මිනිසුන් දෙදෙනෙක්‌, එළදෙනක හා පැටවුන් දෙදෙනකු ඇදගෙන යනු දුටුවාය. මේ සතුන් ගෙනයන්නේ මස්‌ පිණිස බව ඒ දසුන දුටු සැනින් ඇය අවබෝධ කොට ගත්තාය. ඇගේ හදට දැනුණු ශෝකය මහත් එකක්‌ විය. ඇය එළදෙනුන් දක්‌කාගෙන යන මිනිසුන් දෙදෙනා පිටුපස දිව්වාය. ඇය මහත් සේ දුක්‌ වූයේ එක්‌ පැටවෙකු මවගේ තණ පුඩුවලින් කිරි උරා බොමින් ගමන් කළ නිසාය.

ඇය මිනිසුන් දෙදෙනා නවතාගෙන කතා බස්‌ කළාය.

මෙවුන් අපේ හරක්‌ යෑයි කී මිනිසුන් පසුව සඳහන් කළේ මසට ගෙනියන බවය.

"මට මේ හරක්‌ ටික නිදහස්‌ කරගන්න ඕන"

ඇය ඉල්ලීමක්‌ කළාය. බැහැ. මේ දවස්‌වල මස්‌වලට ඉල්ලුම වැඩියි. අපි හරක්‌ ගෙනියන්න ඕන.

මිනිසුන් දෙදෙනා කීහ.

ඇය කෙතරම් පෙරැත්ත කළ ද හරකුන් දීමට මස්‌ වැද්දන් දෙදෙනා අකමැති වූහ.

දුලානි මේනකා වහා 119 ට කතා කළාය. පොලිසිය පැමිණියහ. හරක්‌ ගෙනයන දෙදෙනා කීවේ හරකුන්ගේ වටිනාකම රු 50000 ක්‌ (පනස්‌ දහසක්‌) බවය. පොලිසිය මැදිහත් වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මුදල රු 5000 කින් අඩු කෙරිණි.

එහෙත් රු 45000 ක්‌ දුලානි අත තිබුණේ නැත. වෙළෙඳුන් දෙදෙනා ස්‌වල්ප මොහොතකට නතර කර ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්‌ කළ ඇය ළඟම තිබු බැංකුවට දිව ගියාය. ඒ සැනින් ඕ තම කරෙහි තිබූ රන් මාලය බැංකුවට උකස්‌ තබා රු. 45000 ක්‌ ලබාගත්තාය. ආපසු හැරී දිව ආ ඇය වෙළෙඳුන් දෙදෙනාට හතළිස්‌ පන්දහස දී එළදෙනත් පැටවුන් දෙදෙනාත් බේරාගත්තාය. ඇගේ පපුවට හුස්‌මක්‌ වැටුණේ ඉන් අනතුරුවය.

"ඉන් පස්‌සේ මම හරකුන් තුන් දෙනාම ගමේ වැසියෙකුට භාරදුන්නා. කිරි ගැනීමෙන් ගන්න ආදායමත් එයාටම ගන්න කිව්වා."

දුලානි මේනකා මෙවැනි පුන්‍ය කර්ම කළ පළමු වැනි වතාව මෙය නොවීම අනිත් විශේෂත්වයයි. එක්‌ අවුරුද්දක පොසොන් මාසයේදීත් මං මේ වගේ දෙයක්‌ කළා. මේ විදියටම එළදෙනක්‌ සහ පැටවෙක්‌ මං බේරගත්තා. කඩවල ගමේ 23 කණුවේ 8 වන කොටසේ ගම් වැසියන්ගෙන් රු. 51000 ක්‌ එකතු කළ නමුත් රු 10,000 ක්‌ අඩු වුණා.

ඒ අඩු වුණුq දහදාහ මගේ අතින් දාල එදත් හරකුන් දෙදෙනා නිදහස්‌ කරගත්තා. ඒ සත්තු දෙන්නත් මේ ළඟ පාත කෙනකුට හදාගන්න දුන්නා.

දුලානි මේනකා විශාඛාව මෙන් සිටු දියණියක නොවේ. ඇය ජයන්තිපුර සාමාන්‍ය පවුලක දියණියකි. එහෙත් කරුණාවෙන් උතුරා යන හදක්‌ ඇත්තියක ලෙස කර බැඳී රන් මාලය ඇයට ලොකු නූවූයේ එබැවිනි. සතෙකුගේ ජීවිතය රන් මාලයට වඩා වටිනා බැව් ඇය සිතුවේ කරුණාවෙන් පිරි හදක්‌ ඇය සතු වූ නිසාවෙනි.

රූප රාජිනියන්ට සුපර් ස්‌ටාර් ගායිකාවන්ට අති මහත් ප්‍රසිද්ධියක්‌ දෙන මෙවන් කලෙක දුලානි මේනකා ගැන ලිවීම වරදක්‌ නොවේ.
Read Post | comments

අමුම සටකපට කොළඹ හිඟන ගැට

ඇතැම් මිනිස්‌සු 'සල්ලි' හොයන්නට නොකරන පාදඩ වැඩක්‌ නැත. හොරකම් කරති. මංකොල්ල කති. කුලියට මිනී මරති. දරුමල්ලන් විකුණති. මත්ද්‍රව්‍ය, මත්වතුර විකුණති. කාන්තාවන් තම හෙළුව ලංසු තබති. තරාතිරමක්‌ නොමැතිව පොඩි එකාගේ සිට ලොකු එකා දක්‌වා නොයෙක්‌ සමාජ විරෝධී ක්‍රියා එළිපිටම කරගෙන යන්නේ යහමින් 'සල්ලි' සොයන්නටය. රජ සැප බුදින්නටය. නැති නම් පරම්පරාවෙන්ම හොරකම උරුමයක්‌ ලෙස ගෙන එන නිසාය. අප මේ පෙළ ගස්‌වන්නට යන්නේ ද එවැනි පාදඩ වංචනිකයන් පිරිසක්‌ විසින් කරගෙන යන තවත් තුච්ච හොරකමක්‌ ගැනය. එනම් පිටකොටුව චෞර යාචකයන් පිළිබඳ හෙළිදරව්වකි.

හොර යාචකයන් සිටින්නේ පිටකොටුවේ පමණක්‌දැයි යමෙකුට සිතෙන්නට පුළුවනි. සැබෑය. මෙරට සතර දිග්බාගයේම නගරවල සිඟමන් යදින යාචකයන් මෙන්ම, සරණක්‌ පතාගෙන එන බොහෝමයක්‌ මිනිස්‌සු තම බඩ වඩාගැනීම සඳහා 'අත පෑම' ව්‍යාපාරයක්‌ කරගෙන සිටිනබව නොරහසකි.

පසුගිය දිනවල දුම්රියන් තුළ සිඟමන් යදිමින් සිටි යාචකයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඒ යාචකයන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කර බැලීමේදී ඒ ගිණුම්වල රුපියල් ලක්‍ෂ ගණන් තැන්පතු තිබූ බව වාර්තා විය. එසේ නම් ඇතැමුන් සිඟමන් යෑදීම ව්‍යාපාරයක්‌ කරගෙන සිටින බවට තවත් අටුවා ටිකා අවැසි නැත. එහෙත් මේ චෞර යාචකයන් අතර කිසිවක්‌ කර කියාගැනීමට නොහැකිව සැබෑවටම අසරණයන් බවට පත් වුණු මිනිසුන් ද වේ. ඒ මිනිසුන්ට අන් අයගේ පිහිටක්‌ ඇරෙන්නට වෙන යම් මඟක්‌ නැත. එහෙයින් අපගේ මේ හෙළිදරව්වෙන් ඒ අසරණ මිනිසුන්ට අගතියක්‌ වේ නම් අපි ප්‍රථමයෙන් ඔවුන්ගේ සමාව අයෑද සිටිමු. දැන් අපි පිටකොටුව හොර යාචකයන්ගේ සැබෑ යථාර්ථය සමාජයට හෙළිදරව් කරමු.

සිද්ධිය මෙසේය.

පසුගිය දිනක සැඳෑ කළුවර කොළඹ වසා ගනිමින් තිබෙන මොහොතක අපි ගම්බිම් බලා යන බස්‌ රථයක අසුනකට බරදී සිටියෙමු. අවට අඳුර ගලා ගියද බැස්‌ටියන් මාවත ප්‍රභාවත්ය. ඒ බැස්‌ටින් මාවතේ තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කර ඇති හෙයිනි. අපගේ දෙනෙත් බැස්‌ටියන් මාවතේ කෙළවරින් ගලා බසින බේරේ වැව් ඉහැත්තෑවට දිව ගොස්‌ තිබිණි. අනවසර ගොඩනැඟිලිවලින් වහංව තිබුණු පරිසරය දැන් මනාවට නෙත ගැටේ. එහෙත් අඳුර අපට සැඳෑ සිරි නරඹන්නට ඉඩ නොදෙන සේය. සෙමෙන් සෙමෙන් කොළොම් තොට අඳුරින් වැසී ගියේය.

"අනේ... නෝනා මහත්තයෝ මා දිහා බලන්න... මම කාලයක්‌ හොඳ රස්‌සාවක්‌ කරලා හොඳට හිටිය කෙනෙක්‌. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මගේ ගම ගාල්ලෙ. දවසක්‌ මම කොස්‌ ගෙඩියක්‌ කඩන්න ගහකට නැඟලා මාව ඒ ගහෙන් බිමට වැටුණා. එදා තමයි මගේ ජීවිතේට කරුමෙ පලිසන් දෙන්න පටන් ගත්තෙ. ඒ අනතුරින් මගේ එක්‌ පාදයක්‌ සහ අතක්‌ පණ නැතිව ගියා. දැන් මට මොනවත් කර ගන්න විදිහක්‌ නැහැ. ඔබලා දෙන පුංචි ආධාරයෙන් තමයි මගේ පවුල ජීවත් වෙන්නෙ, දරුවන් දෙන්නා ඉගෙනගන්නෙ. අනේ... අපි ගැන අනුකම්පා කරලා මට කීයක්‌ හරි දෙන්න මහත්තයෝ... පින්සිද්ධ වෙයි"

කෙසඟ සිරුරකින් හෙබි තරුණයෙක්‌ බස්‌ රථයේ ඉදිරි පස අසුන අසල වැටී එසේ දුක්‌ගැනවිල්ලක්‌ ඉදිරිපත් කළේය. අසුන් දෙක තුනක්‌ හැරෙන්නට මගීන්ගෙන් පිරී තිබුණු බස්‌ රථයේ සියලුම මගීහු දැන් ඒ දුක්‌ගැනවිල්ලට සවන් දී සිටියහ. කතාව කියන ඔහුගේ දැස්‌ අග කඳුළු කැට නළියයි. ගලක්‌ නොවුණු සිතක්‌ හැර ඒ කඳුළු කතාවට උණුවන සිතක්‌ නම් නැති ගානය. ඒ තරමටම කතාව සංවේදීය. දැන් ඔහු සෙමෙන් සෙමෙන් බස්‌ රථයේ ඉදිරි පස සිට පසු පසට ඇදෙමින් සිටියි. බොහෝ මගීන් පිං සලකා දෙන රුපියල් දහය විස්‌ස සහ පනැහෙ කොළ ඔහුගේ පණැති අතේ ගුලි වේ.

"සර්... මූට සල්ලි දෙන්න එපා... මූට ඇති අපස්‌මාරයක්‌ නැහැ. මූ කරන්නෙ බොරු. හොඳට ඇවිඳින්න පුළුවන්. මූ මේ විදිහට හිඟා කලා කරන්නෙ කුඩු උරන එකයි"

ඇපල් කූඩයක්‌ ඇතැති ඒ ජංගම වෙළෙන්දාගේ ගෝරනාඩුවෙන් බස්‌ රථයේ සිටි මගීහු විශ්මයෙන් මෙන් ජංගම වෙළෙන්දා සහ යාචකයා දෙස මාරුවෙන් මාරුවට බැලීය. මෙතෙක්‌ වෙලා අනුකම්පාවෙන් තෙත් වී තිබුණු ඇතැම් මුහුණු කෝපයෙන් පුපුරා යනවා මම දුටිමි. චතුර ලෙස බස්‌ රථය පුරා පිළිරැව් දුන් යාචක තරුණයාගේ හඬ දැන් තුරල් වී ගොස්‌ය. ගෙවී ගියේ විනාඩි පහකටත් අඩු කාලයකි. සිඟන්නාගේ පණැති දෙපාවලට ජීවය ලැබිණි. පණ නැති අතට වාරු ගෙන බස්‌ රථය තුළ නැගී සිටි ඔහු, ක්‍ෂණයෙන් බස්‌ රථයෙන් පැන කුළු හරකෙකු සේ දුවන්නට විය.

බස්‌ රථය තුළ නිහැඬියාවකි. සිදු වූයේ කුමක්‌දැයි කියා සිතා ගැනීමට නොහැකි මගීහු තවමත් විශ්මයට පත්ව 'ගල්' වී සිටියහ.

"දැක්‌කද මහත්තයෝ මම කිව්වේ බොරුද? මහත්තෙලා ඇත්තටම උගේ කතාවට අහුවෙලා නේ හිටියේ. සර්.. මිනිහා හොඳ වැඩ්ඩා. මිනිහගෙ කකුල් අතපය ඕන විදිහට නවන්න කරන්න පුළුවන්. ඒ දක්‍ෂතාව හොඳින්ම එයාට තියෙනවා. ඒත් ඒ දක්‍ෂතාව හොඳ දේකට යොදවලා නැහැ"

"මේ මිනිහා කොටුවට බහින්නෙම අඳුර වැටෙන වේලාවට. එතකොට මිනිස්‌සුන්ට බස්‌ එකට නගිනවා බහිනවා හරියට පේන්නෙ නැහැනේ. සමහර වේලාවට දුවලා ඇවිත් බස්‌ එකට එල්ලෙනවා. බස්‌ එකේ ෆුඩ් බෝඩ් එකට වැටෙන්නෙම කකුල දණහිස ගාවින් නවාගෙන. එක අතක්‌ අනිත් පැත්තට කරකවාගෙන. ඕනැම කෙනෙක්‌ හිතන්නෙ ඇත්තටම අබ්බගාතයෙක්‌ කියල තමයි"

හිඟමන් ඉල්ලාගෙන එන උන්ට රැවටෙන්න එපා මහත්තයෝ. දැන් සමහර හොරු හිඟාකෑම ව්‍යාපාරයක්‌ කරගෙනයි තියෙන්නෙ. නැති බැරිකමට හිඟා කන අය මේ පිටකොටුවේ නැහැ මහත්තයෝ. එහෙම අයට මේ කොටුවේ වසන්න දෙන්නෙත් නැහැ. හිඟාකෑම දැන් එහෙම්පිටින්ම හොර මගඩියක්‌"

සැබැවින්ම ඒ ඇපල්a විකුණන තරුණයා නොඑන්නට බස්‌ රථය තුළ සිටි මගීහු බොහෝමයක්‌ දෙනා ඒ සිඟන්නාගේ රඟපෑමට රැවටෙනවා නොඅනුමානය. ඒ චෞර යාචක තරුණයා සැබැවින්ම විදී නළුවෙකි. ඔහුගේ රඟපෑම අති විශිෂ්ටය. කරුමය වී ඇත්තේ ඔහුගේ සහජ දක්‍ෂතාවන් යහපත දේකට යොමු කර නොතිබීමය.

බස්‌ රථය ගමන් ආරම්භ කිරීමට සූදානම්ය. එහෙත් පිටකොටුවේ හොර යාචකයන් ගැන මේ ජංගම වෙළෙන්දාගෙන් අසා දැන ගැනීමට බොහෝ දේ ඉතිරිව ඇත. මම ක්‍ෂණයෙන් ක්‍රියාත්මක විය.

මට ඔයත් එක්‌ක තව කතා කරන්න ඕන. හෙට කීයටද මට ඔයාව හමුවෙන්න පුළුවන්...?

මම ඔහුගෙන් එසේ විමසුවෙමි.

"හරි මහත්තයා උදේ දහය වෙනකොට මෙතැනට එන්න. මම තවත් කිහිපදෙනෙක්‌ එකතු කරගෙනම ඉන්නම්"

මගේ අදහසට ඔහුගෙන් සාර්ථක පිළිතුරකි. බස්‌ රථය ඉදිරියට ගමන් කරයි. පසුවදා උදෑසන හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔහුට සමු දුන්නෙමි.

දැන් දැන් යාචකයන් සම්බන්ධයෙන් නැගෙන රස කතාවලින් බස්‌ රථය එකම කසු කුසුවකි. ව්‍යාජ ලෙස සකස්‌ කරගන්නා වෛද්‍ය සහතික පෙන්වමින් ලෙඩ දුක්‌ මවාපාමින් බස්‌ රථ තුළදී මගීහු මුලා කරන හොරුන් ගැන මෙන්ම, 'බික්‌ මැච්' පෙරට දමා ජාතික කොඩි විකුණා අරක්‌කු බෝතල් හිස්‌ කරන තරුණ ගැටයන් ගැන ද විවිධ විවේචන පෙළ ගැසෙන්නට විය.

අලුත් දවසක්‌ උදා විය. පෙරදා අප කථිsකා කර ගත් අයුරින්ම පිටකොටුවේ විවිධ රැඟුම් නටන යාචකයන්ගේ වග තුග සෙවීමට අපි පිටකොටුව බැස්‌ටියන් මාවතේ ජංගම වෙළෙඳුන් හමුවීමට ගියෙමු. අප බැස්‌ටියන් මාවතට යන විටත් ජංගම වෙළෙඳුන් කිහිප දෙනෙක්‌ම අපව බලාපොරොත්තුවෙන් එක්‌රොක්‌ව සිටියහ. අප ඔවුන් හමුවට යැමත් සමග පිටකොටුවේ චෞර යාචකයන්ගේ 'සටකපට' වැඩ ඔවුන්ගේ මුවින් ගිලිහෙන්නට විය. දැන් ඒ රසබර කතා අපි මෙසේ පෙළගස්‌වන්නෙමු.

"මේ හිඟන හැත්ත නිසා තමයි මහත්තයෝ කවදහරි අපේ බඩටත් පහර වදින්නේ. නානාප්‍රකාර උන් බස්‌වලට නැගලා ආධාර එකතු කරනවා. තනිකරම බොරුව ගෙනියන්නේ. සර් දැක්‌කනෙ ඊයේ හවස වෙච්ච සංගදිය"

"උදේ ඉඳන් හවස්‌ වෙනකම් බස්‌වල චාටර් වුණත් අපිට බැහැ දවසකට රුපියල් පන්දහක්‌ හයදාහක්‌ හොයා ගන්න. ඒත් මේ පිටකොටුවේ හිඟා කන මිනිස්‌සු ඒ ගාන වරුවට හොයනවා"

"හිඟන්නන්ට වැඩි ආදායමක්‌ තියෙන්නෙ සිකුරාදා දවස්‌වලට මහත්තයෝ. සිකුරාදා දවසට හිඟමන් ඉල්ලාගෙන මුස්‌ලිම් කඩයකට කවුරු ගියත් ඒ ව්‍යාපාරිකයන් කීයක්‌ හරි පිනට දෙනවා. මොකද එදාට තමයි මුස්‌ලිම් මිනිස්‌සු වැඩියෙන්ම පින් කරන දවස"

"ඒකනෙ අර සිංහල ගෑනි දැන් මුස්‌ලිම් විදිහට පර්දාව දාගෙන සිකුරාදාට මුස්‌ලිම් කඩවලට රිංගන්නේ"

අප අසල සිටි එක්‌ තරුණයකු අපේ කතාවට අලුත් චරිතයක්‌ ඉදිරිපත් කරන්නට විය.

මොකක්‌ද ඒ කතාව....?

ඒ චරිතය කරළියට ගෙන ඒමට ඉසුමක්‌ නැති මගේ සිත එසේ ප්‍රශ්න කරන්නට විය.

"එයා සිංහල ගෑනු කෙනෙක්‌. පහුගිය දවස්‌වල බස්‌වලට නැඟලා එයාගේ දුක කියලා හිඟා කෑවා. ටිකක්‌ ලස්‌සන මේ ගෑනු කෙනා දිහා බැලූ බැල්මට කිසිදු ආබාධයක්‌ නැහැ. අපි මෙයා ගැන හොයලා බැලුවා. බලන කොට මේ අහල පහල වත්තක ගෑනියක්‌. හොඳටම කුඩුවලටත් ඇබ්බැහි වෙලාලු. අපි සියලු විස්‌තර පොලිසියට කියලා ගෑණිව පොලිසියට මාට්‌ටු කරලා දුන්නා. පොලිස්‌ රාළහාමිලා මේ ගෑනු කෙනාට අවවාද කරලා ආයිත් මේ පැත්ත පළාතක හිටියොත් බලාගෙනයි කියලා යෑව්වා. ඊට ටික දවසකට පස්‌සෙ මෙන්න මේ ගෑනි පර්දාවක්‌ දාගෙන සිකුරාදා දවස්‌වලට මුස්‌ලිම් කඩවලට රිංගනවා. යන්තමට ඇස්‌ දෙක විතරක්‌ පේන්න තියාගෙන අනිත් සේරම වහගෙන. ඉතිං කොහොමද ඒ ගෑනිව අඳුර ගන්නෙ. අදටත් සිකුරාදා දවස්‌වලට ඒ ගැහැනු කෙනා කිසිම කරදරයක්‌ නැතිව හොඳ ගතමනාවක්‌ හොයා ගන්නවා. මේ ගෑනු කෙනා රෑට රෑට පිටකොටුවේ සල්ලිවලට විකිණෙනවත් අපි දැකලා තියෙනවා"

"කාලෙන් කාලෙට මේ කොටුවට අමුතු අමුතු චරිත බහිනවා මහත්තයෝ. මෑතක තවත් අලුත්ම චරිත තුනක්‌ බැහැලා ඉඳලා අපි ඒ අයවත් පොලිසියට කොටු කරලා දුන්නා"

කතාවට සුළු හෝ විරාමයක්‌ නොමැති සේය. කෙනෙකුගේ හඬ හීන් වී යත්ම තව කෙනෙකුගේ හඬ සුසර වේ. පිටුකොටුවේ යාචක රඟමඩලට අලුතෙන්ම පැමිණ ඇති චරිත තුන දැන් අපි මෙසේ කරළියට ගෙන එමු.

ඔවුන් තිදෙනා දමිළ ජාතිකයන්ය. බැලූ බැල්මට අවුරුදු හැට පහක්‌ හැත්තෑවක්‌ වයසැති මිනිසෙකි. ඔහුගේ දුව යෑයි කියාගන්නා අවුරුදු විසිපහක්‌ පමණ වයසැති කාන්තාවකි. ඒ කාන්තාවගේ දුව යෑයි කියන තවත් පුංචි දැරිවියකි. ඒ මවගේ දෑතේ රැඳී ඇත්තේ 'සිවුරක්‌' සහිත බන්දේසියකි.

"අපි මේ සිවුර අනුරාධපුරේ ශ්‍රීමහ බෝධියට පූජා කරන්නයි යන්නේ. ඔයාලත් මේකට පඬුරක්‌ එකතු කරන්න කැමති නම් කීයක්‌ හරි දාන්න"

එහෙම කිය කිය බැස්‌ටියන් මාවතේ හැම කඩයක්‌ ගානෙම ගිහින් මේ මිනිස්‌සු පඬුරු එකතු කළා. පිටකොටුවේ වෙළෙ¹ම් කරන බොහෝ දෙනා බෞද්ධ අය. ඉතිං ඒ ව්‍යාපාරිකයන් හැමෝම වගේ රුපියල් දහයකට වැඩි ගාණක්‌ ඒ බන්දේසියට දාලා තිබුණා. බන්දේසිය පිරෙන්න සල්ලිත් ලැබිලා තිබුණා. ඒ වයසක මනුෂ්‍යයාට කෙලින් ඉන්න බැරි විදිහට බීලා ඉන්නේ. ඒත් මිනිස්‌සු ඒ ගැන හිතන්නෙවත් නැහැ. අපිට මේ අය ගැන පොඩි සැකයක්‌ ඇති වුණා. ඕන දෙයක්‌ විකුණගෙන කන්න දෙන්න පුළුවන්. ඒත් මහත්තයෝ අපේ බෞද්ධ ආගම ප්‍රසිද්ධියේ විකුණගෙන කන්න දෙන්න බැහැනේ. අපි මේ අය යන එන තැන් හොඳට ඇහැ ගහගෙන හිටියා. ඇත්තටම පඬුරු එකතු කරන අය නම් පඬුරු ටික එකතු කරගෙන යන්න යනවා නේ. ඒත් මේ මිනිස්‌සු දවස්‌ දෙක තුනක්‌ කොළඹ වීදියෙන් වීදියට ගියා. අපි ඒ මිනිස්‌සු ගැනත් පොලිසියට කිව්වා. කොටුව පොලිසිය ඒ වේලාවෙම ක්‍රියාත්මක වෙලා ඒ තුන් දෙනාව කොටුව පොලිස්‌ ස්‌ථානයට ගෙනත් ප්‍රශ්න කළා. අපේ සැකය හරි. උන් තුන් දෙනත් කරලා තියෙන්නෙ අමුම අමු බොරුවක්‌. ඒ අයටත් පොලිසිය අවවාද කරලා යෑව්වා. ඊට එහාට පොලිසියෙන් ඔවුන්ට දඬුවමක්‌ දුන්නේ නැහැ"

"තව අමුතුම චරිතයක්‌ ඉන්නවා. එයත් නියම 'ඇක්‌ටර් කෙනෙක්‌' හොඳට පිරිසිදුව හැඳ පැළඳගෙන හවස්‌ කාලයට තමයි එයත් µSල්ඩ් එකට බහින්නේ. එයා කෙලින්ම සීන් එකට එන්නෙ නැහැ. මුලින්ම ඈතින් ඉඳලා පහසුවෙන්ම දැලේ දාගන්න පුළුවන් කෙනෙක්‌ව ටාගට්‌ කරනවා. පස්‌සෙ වට පිට බලලා 'සෑඩ්' මූණ දාගෙන 'ටාගට්‌' කෙනා ළඟට ඇවිත් කියනවා 'අනේ බලන්න මට වුණු දේ. මම පොළොන්නරුවේ ඉඳලා ආවේ. අපේ තාත්තා කොළඹ මහ ඉස්‌පිරිතාලේ. එයාව බලන්න තමයි මම ආවේ. ඒ එනකොට බස්‌ එකේදී මගේ පර්ස්‌ එක නැති වුණා. දැන් මට ගෙදර යන්න විදිහක්‌ නැහැ. මට පිනට සල්ලි එපා. මේ කරාඹු ජෝඩුව තියාගෙන මට රුපියල් 700 ක්‌ දෙන්න'

"ලෙන්සුවක ඔතාගෙන අතේ ගුලි කරගෙන ඉන්න කරාඹු ජෝඩුව යන්තටම පෙන්වනවා. සමහර මිනිස්‌සු ඒක දිහා බලලා මට ඕවා ඕනෑ නැහැ මෙන්න මේ රුපියල් 100 තියා ගන්න කියලා දීලා යනවා. ඔය ඉල්ලන පළියට දෙන්න අපි ළඟ සල්ලි කොහෙන්ද කියලා පස්‌ස ගහන අයත් ඉන්නවා. එහෙම වෙලාවට ඒ මිනිස්‌සුන්ට යන්න දීලා අර ගෑනි පට්‌ට කුණුහරුපයෙන් බනිනවා. කොහොම කොහොම හරි ගෑනි දවසකට කීප දෙනෙක්‌වම දැලට නම් දාගන්නවාම තමයි"

"මේ කොළඹ සිද්ධ වෙන ඔය වගේ දේවල් ගැන එක දිගට මාසයක්‌ වුණත් කතා කරන්න පුළුවන් මහත්තයෝ. පිටකොටුව කියන්නේ 'හොර ගුහාවක්‌' කවුරුහරි නොදන්න කෙනෙක්‌ ඇවිත් අතරමං වෙලා නියම සුද්දෝදන කෙනෙකුට මාට්‌ටු වුණොත් එහෙම ආයිත් ඒ මනුෂ්‍යයට ගමට යන්න වෙන්නේ ඇඳන් ආපු වස්‌ත්‍රයවත් නැතුවයි"

ඒ කතා කළේ අපි නොවේ. ජංගම වෙළෙඳාම ජීවිතය කරගෙන පිටකොටුව නවාතැන්පළක්‌ කරගෙන සිටින තරුණයන් පිරිසකි. සැබැවින්ම ඔවුන්ගේ කතාවෙන් සමාජයට ගතයුතු බොහෝ දේ ඇත.

පිටකොටුව යනු මෙරට අග නගරයයි. එමෙන්ම දෛනිකව බොහෝ මිනිසුන් ගැවසෙන නගරයයි. එවැනි තැනක්‌ හොර 'ගුහාවක්‌' වන තුරු මෙරට ආරක්‍ෂක අංශ සිටියේ මර නින්දේද යන්න ගැටලුවකි. අපට ඔබට කියන්නට ඉතිරිව ඇත්තේ පිටකොටුවේ පමණක්‌ නොව කොතනකදී හෝ ඔබගේ දෙපා මුලට පිළිසරණක්‌ පතාගෙන එන යාචකයන් ගැන මීට වඩා අවධානයෙන් සිටින්නැයි කියා පමණි.
Read Post | comments

මව්ආරේ මාළු අල්ලා 69,000ක් දඩ කති

සෙවනගල මව්ආර ජලාශයට නීති විරෝධීව ඇතුල්වීම, දැල් සන්තකයේ තබා ගැනීම හා මාලු ඇල්ලීම සිදු කළ පුද්ගලයන් 3 දෙනෙකුට වැල්ලවාය වැඩ බලන මහේස්ත්‍රාත්අනුර දේශප්‍රිය මහතා රුපියල් 23,000/- බැගින් රුපියල් 69,000/- ක දඩයක් අද නියම කරන ලදී. මෙසේ දඩ නියම වූයේ කන්දෙගමුව ජනපදයේ පදිංචි එස්.එම්. කරුණාසේන, එම්.වී.වයි. ලාල්රංජිත්, ඩබ්ලිව්.එච්. අජිත් ප්‍රසන්න නැමැති අයටයි. වනජීවි දෙපාර්තුමේන්තුව විසින් මෙම නඩුව වන හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ගොනුකර තිබුණි.
Read Post | comments

තමන්ගේ අරමුණු වෙනුවෙන් විතරක් කැපවෙන්න ගියොත් විවාහය අසාර්ථක වෙනවා

දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ දක්ෂ නර්තන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙසයි. ඇය ක්ෂේත්‍රයට ආ කාලයේ බොහෝ දෙනෙක් ඇය පිළිබඳ කතා කළේ ඇයගේ රංගන දක්ෂතාවයන් පිළිබඳවයි. රංගන ශිල්පිනියක් ලෙසින් අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් දිල්හානි නර්තන හැකියාවන්ගෙන් යුක්ත තරු අතරින් සුපිරිතරු තේරීමේ වැඩසටහනකට එක්වී සිටිනවා. දිල්හානි “රිද්ම” සමගින් ඇයගේ තොරතුරු පවසන්නට මේ අයුරින් එක්වුණා.
 
ඔබ රියැලිටි වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සමගයි. මේ වැඩසටහන තෝරාගැනීමට හේතුව මොකක්ද?
සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහන එක්ක එකතුවෙන්න හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි අපේ අදහස්වලට දෙරණ නාලිකාව එකඟ වීම. නියම දක්ෂයා කවුද කියලා මේ වැඩසටහනේදී තෝරා ගන්නේ එස්.එම්.එස්. මගින් නෙවේ. විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුවයි. දෙරණ ගත් මේ තීරණ නිසා මම සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහනට එක්වුණා.

ඔබට මීට කලින් මෙවැනි වැඩසටහනකට ආරාධනා ලැබුණෙ නැද්ද?
මීට කලින් එක නාලිකාවක් මට රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. මාත් ඒකට එකඟවෙලා හිටියේ. නමුත් මට දන්වලා තියෙන දිනය වෙනතුරුත් ඒ අය කිව්වෙ නැහැ වැඩසටහන නතර කරලා කියලා. ඇඳුම් පහක් මහලා, මේකප් කරන අයටත් කිව්වටත් පස්සෙ මට පාඩුව බාර ගන්න වුණා. මට ඒ ආරාධනය කරලා මඟ ඇරියේ සාමාන්‍ය නාලිකාවක් නෙවේ, ලංකාවේ ප්‍රධානම නාලිකාවක්. දෙරණ මට මේ වැඩසටහනට ආරාධනා කළා. ඔවුන් බොහොම වැදගත් විදියට මේ වැඩසටහන මේ වන විට කරගෙන යනවා.
 අපි යම් කටයුත්තකට දායක වෙද්දී වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න ඕන. සත්තු වගේ වැඩ කරන්න වෙනවා නම් එවැනි වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න බැහැ. මේ වැඩසටහනේදී චන්නට, මට, කෙවින්ට ආයතනය හොඳින් සලකනවා. ඇඳුම්, පැළඳුම් ගැන පවා ඔවුන් උනන්දුවෙන් කටයුතු කරනවා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ නිර්මාණ අතර නිතරම දකින්නෙ නැහැ කියලා ප්‍රේක්ෂකයන් කියනවා?
මම රංගනයෙන් එක්වුණ චිත්‍රපට හය හතක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. ධවල දූවිලි, තරු අතර මං, දළදා ගමන වගේ තවත් චිත්‍රපට කීපයක් තියෙනවා. ඒ වගේම වීදිය බණ්ඩාර කියන ටෙලිනාට්‍යයේ රූගතකිරීම්නුත් සිදුවෙමින් පවතිනවා. පහුගිය දවස්වල ඇතිවුණ අවිවේකී බව නිසා රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.

ක්‍ෂේත්‍ර්‍රයට ආ මුල් කා‍ලේ ඔබ ඔබේ වයස කිව්වා. දැන් ඔබ ඔබේ වයස කියන්න කැමැතිද?
ඔව්, කියන්න අකමැති නැහැ. නමුත් දැන් ඒ දේවල් කීම අදාළ නැහැ කියලා හිතෙනවා. සමහර වෙලාවට මම මගේ සැබෑ තොරතුරු කිව්වහම මගේ හිතවත් අය අහනවා ඇයි ඔය දේවල් කියන්නෙ, ඒවා අවශ්‍ය නැහැ කියලා.

ඔබ ලොකුපුතෙක් ඉන්න අම්මා කෙනෙක්. තාමත් ඔබේ හැබෑ වයස පේන්නෙ නැහැ. මොකක්ද ඒකෙ රහස?
ඒකෙකිසිම රහසක් නැහැ. මගේ හැබෑ වයස ඒ විදියටම පේනවා. පුතා එක්ක ඉදිද්දී මගේ වයස කොහොමත් හොඳට පේනවා. දැන් පුතා උසස්පෙළ පන්තිවල ඉගෙන ගන්නෙ. වයසට යෑම නොපෙන්න ඉන්න විශේෂ දෙයක් අපට කරන්න බැහැ. ඇත්තට මුහුණදෙන්න අපට සිදුවෙනවා.

පුතාටත් ඔබට වගේ රංගන හැකියාවන් තියෙනවද?
එයාගෙ දක්ෂතාවයන් තියෙන්නෙ සංගීතය පැත්තට. සීයා, තාත්තා වගේ සංගීතයට ගොඩක් ලැදියි.

පුතා ඒ පැත්තෙන් ඉදිරියට යනවට ඔබ කැමතිද?
මම කලාවට කැමැතිකෙනෙක්නේ. එයා හරියට සංගීතය භාවිතා කරනවා නම් සංගීතය පැත්තෙන් ඉදිරියට ගියාට කමක් නැහැ. මුල්ම දේ අධ්‍යාපනයට මුල්තැන දීම. ඉන් පස්සෙ සංගීතය කරනවා නම් හරි විදියට ඒ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු පටන් ගන්න ඕන.

සිනමාවට ඇවිත් ටික කාලයකින් විවාහ වීම වෘත්තීය ජීවිතයට බලපෑවේ මොන විදියටද?
විවාහ වීම මගේ වෘත්තීය ජීවිතයට බාධාවක් හෝ බලපෑමක් වුණේ නැහැ. මම හිතන්නෙත් නැහැ විවාහය වෘත්තීය කටයුත්තකට බාධාවක් කියලා. ක්ෂේත්‍රයේ සමහර අය විවාහය හංගනවා. ඒ අයට ලැබුණු දරුවන් පවා මාධ්‍යයෙන් නොපෙන්වා හංගනවා. එහෙම හංගගෙන ජීවත්වෙන අය දිහා බැලුවහම ඒ අය බලා‍පොරොත්තුවෙන විදියට ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නවද කියලත් හිතනවා. විවාහය, දරුවන් ලැබිම සැඟවිය යුතු දෙයක් නොවේ.

ඔබ ඔබේ ජීවිතයේ තීරණ නිසි කාලයට ගත්තා කියලා හිතනවද?
විවාහය වගේ තීරණ මම නිසි කාලයට කළා කියලා හිතෙනවා. මගේ ජීවිතයේ බොහෝ තීරණ මම නිසි කාලෙට වෙලාවට ගත්තා කියලා හිතනවා. සමහර වෙලාවට වැරදුන තැන් ඇති.

ඔබේ සැමියා(ප්‍රියංකර පෙරේරා) කාලයක් රංගනයටත් සම්බන්ධවෙලා හිටියා. දැන් ඔහු රංගනයට දායක වෙන්නෙ කලාතුරකින් නේද? ඊට හේතුව?
ප්‍රියංකරට ගීත ගායනා කරන්න තියෙන්නේ රෑට. රූගත කිරීම්වලට බොහෝ වෙලාවට සම්බන්ධවෙන්න තියෙන්නෙ රෑට. දවල්කාලෙත්, රාත්‍රියෙදිත් දිගටම වැඩ කරන්න අමාරුයි. එයා මූලිකත්වය දුන්නෙ ගීත ගායනයට. රංගනයට අපි වගේ කැපවෙලා කටයුතු කරන්නෙ කැමැත්තක් ප්‍රියංකරට නැහැ.

ඔබ වෘත්තීය ජීවිතයට වගේම ගේ දොර වැඩකටයුතුවලටත් වෙලාව වෙන් කරන කෙනෙක්. මේ දෙකම සමබරව කරගත්තෙ කොහොමද?
සමහර වෙලාවට වෙහෙසක් දැනෙනවා. මගේ ගෙදර උයන්නවත් කවුරුත් නැහැ. අපිම තමයි ඒ වැඩකටයුතු කරන්නෙ. මටත් පුළුවන්කම තිබිලා තියෙනවා හැම දෙයක්ම එකම විදියට කර ගන්න. ඒ නිසා කරන්න වෙන වැඩ ප්‍රමාණයත් වැඩියි. මම ටිකක් සැරට උයනවා. ප්‍රියංකර සැරට කන්න කැමැති නිසා උයන පිහන කටයුතුත් මටම පැවරෙනවා. ගෙදර හිටියොතින් ගේ දොර වැඩකටයුතුවලට සෑහෙන්න කාලය වෙන් කරනවා. ෂූටිංවලට ගියාම තමයි මම ඒ කටයුතුවලින් නිදහස්වෙන්නෙ. ෆෝන් එකෙත් ස්විච් ඕෆ් කරගෙන මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මම දැන් රූගත කිරීම්වලට ඉස්සර වගේ දුර යනවා අඩුයි. තව අවුරුදු දෙක, තුනකින් පුතාගේ අධ්‍යාපන කටයුතු අවසන් වේවි. ඊට පස්සෙ වෘත්තීය කටයුතු කරන්න ටිකක් නිදහස ලැබෙයි කියලා හිතනවා.

වර්තමානයේ දක්ෂ නර්තන ශිල්පියෙක් එක්ක නර්තන ජවනිකා වැඩි චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්?
දැන් අපට නටන්න බැහැ. අවුරුද්දකට සැරයක් රිදී රැයක් ප්‍රසංගයට නර්තනයෙන් දායක වුණාට ඒ හැර වෙනත් නිර්මාණයක් වෙනුවෙන් මම නර්තනයේ යෙදෙන්නෙ නැහැ. හොඳට පුහුණුවෙන්නෙ නැතිව නර්තනයේ යෙදෙන්න බැහැ. ඒ කා‍ලේ උදේ ඉඳන් රෑ දහය විතර වෙනකන් නර්තනය පුරුදු වුණා. දැන් මම ඒ කැපකිරීම නර්තනය වෙනුවෙන් කරන්නෙ නැහැ. 

අද රංගනයට සම්බන්ධ බොහෝදෙනෙක් විවාහ වෙනවා. ඒ එක්කම බොහෝ දෙනෙක් ඉක්මනින් විවාහය දික්කසාදයකින් කෙළවර කර ගන්නවා. ඔබට විවාහ ජීවිතය රැකගන්න පුළුවන් වුණේ කොහොමද?
ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. පවුල් ජීවිතයක් රැකගන්න නම් ඉවසීම කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අනික විවාහ වෙනවා නම් හොඳට කේන්දර බලලා බඳින්න ඕන. ගැහැනියක් ගුණදම් රැකගෙන ජීවත්වෙනවා නම් අමාරුවෙන් වුණත් ජීවත්වෙන්න පුළුවන්. විවාහ වෙලා ළමයි ලැබුණට පස්සෙ බොහොම පරිත්‍යාගශීලීව කටයුතු කරන්න ඕන. තමන්ගේ අරමුණු වෙනුවෙන් විතරක් කටයුතු කරන්න ගියොත් විවාහ ජීවිතය අසාර්ථක වෙනවා.
Read Post | comments

දුකට පිහිටවෙන නරකට දඬුවම් දෙන කාලි මෑණියෝ!

තමන්ගේ ඇහැට පේන්නෙ නැති බලවේග වගේම ඈත අහසේ සැරිසරන ග්‍රහයන්ගෙනුත් නොයෙක්‌ නොයෙක්‌ විපත්ති කරදර සිද්ධ වෙනවා කියන විශ්වාසයක්‌ සිංහල බෞද්ධ සමාජයේ තියෙනවා. දේවකෝපයෙන් ලෙඩ හැදෙනවා වගේම ග්‍රහ දොස්‌ නිසා ලෞකික දියුණුව නැති වෙන බවත් සමහරු සිතනව. කාටහරි දිගටම තියෙන ලෙඩ රෝගයක්‌ හරි වෙන කරදයක්‌ හරි නැති කරගන්ට දෙවියන් වගේම ග්‍රහයින් සතුටු කරන්ට ඕනෑ කියල තමයි ඔවුන් කල්පනා කරන්නෙ. ඒ විතරක්‌ නොවෙයි, ග්‍රහ බලපෑම නරක්‌ වෙනකොට තමන්ගෙ වටේ ඉන්න ඉරිසියාකාරයන්ගෙන්, තරහකාරයන්ගෙන් වුණත් නරක දේවල් සිද්ධ වෙන්ටත් පුළුවන් බවයි ගැමියෝ විශ්වාස කරන්නෙ.

මේ වගේ විපත්ති, කරදරවලට පිහිටවෙන දේවතාවියක්‌ විදිහටයි කාලි දෙවඟන ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ. කාලි අම්මා, කාලි මෑණියෝ, භද්‍රකාලිs වගේ නම් ගණනාවකින් ඇය හඳුන්වනවා. කාලි දෙවඟන ඉන්දියාවෙන් ලංකාවට ආව බලවත් දේවතාවියක්‌ විදිහටයි පිළිගන්නේ. හින්දු විශ්වාසයට අනුව කාලි අම්මා දෙමළ ජනතාවගේ ජනප්‍රියම දේවතාවියක්‌. කාලිය, උමා, ගිරිදේවි, පාර්වතී, ජගන්මාතා වගේ නම් ගණනාවකින් ඇයව හඳුන්වලත් තියෙනවා.

කාලි මෑණියන්ට යහපත් මූණක්‌ වගේම රෞද්‍ර මුහුණකුත් තිබෙන බවයි විශ්වාසය. කොහොමටත් හින්දු දේව විශ්වාසවල විවිධ අවතාර ගැන සඳහන් වෙනවනෙ. කාලිගෙ හොඳ ගුණයට හේතුව ඇය පත්තිනි මෑණියන්ගෙ සේවිකාවක්‌ වීම නිසා බවටත් ජනප්‍රවාදයක එනවා. කොහොම වුණත් ලංකාවෙ පත්තිනි දෙවියන් තරමට කාලි ජනප්‍රිය වෙලා නැහැ. මුල් කාලවලදී පත්තිනි දේවිය වගේම ගැබිනි මව්වරුන්ට එහෙම කාලි අම්මාත් පිහිටවෙන බව කියනව. ඒත් කාලි අම්මාගේ පිහිsට ඉල්ලාගෙන එන්නේ මධ්‍යම පන්තික පිරිසක්‌ බව සමහරුන්ගේ අදහසයි.

පත්තිනි දෙවියන්ට කරන කන්නලව්වලදී 'පස්‌වාන් දහසක්‌, කප්පාන්තරයක්‌ තිරහන් කාලෙකට බුදුවන සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ' කියල ඇයව හඳුන්වනවා. එහෙම කියන්නේ ඇය වඩාත් බෞද්ධ සංස්‌කෘතියට අයිති නිසායි. ඒත් කාලි අම්මා ගැන කොතනකවත් ඒ විදිහට හඳුන්වල දීල නෑ. ඒ වෙනුවට කාලි අම්මාට කියන මන්ත්‍ර විශේෂයකුත් භාවිත වෙනවා.

කාලි අම්මා භද්‍රකාලී, සොහොන්කාලි වගේම දුර්ගා ලෙසත් හින්දු බැතිමතුන් හඳුන්වන්නේ ඇය විශේෂ බලයක්‌ ආරූඪ කරගත්තු තෙදවත් අයෙක්‌ කියන හැඟීමෙන්. හින්දුන්ගෙ වීරවරියක්‌ ලෙසයි දුර්ගා බුහුමනට පාත්‍ර වන්නෙත්. ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුණු විෂ්ණු, සමන්, කතරගම වගේ දෙවිවරුන්ට බෞද්ධ පසුබිමක්‌ තියෙනවනෙ. පස්‌සේ පස්‌සෙ කතරගම වගේ දෙවියන්ට වෙනත් බැතිමතුන් එකතු වුණා. කාල sඅම්මා යහපතට වඩා අයහපතටත් බලපාන දේවතාවියක්‌ බව සමහරුන්ගෙ විශ්වාසය.

කාලි අම්මාගෙන් පිහිට ඉල්ලන්නේ හුඟාක්‌ම තමන්ට අනුන්ගෙන් එල්ල වුණු අතුරු ආන්තරා ඉවත් කරවා ගන්ට. කාලි අම්මගෙ උදහසට පාත්‍ර වුණොත් ඒවයින් දරුණු ප්‍රතිඵල ලැබෙන බවක්‌ කියනව. ඒ නිසා ඇය වරදට දැඩි දඬුවම් දෙන දැඩි දේවතාවියක්‌. ඇය සොයා එන පිරිස අතර හින්දු, ක්‍රිස්‌තියානි වගේම මුස්‌ලිම් බැතිමතුන් පවා ඉන්නව. මෙයින් පේන දෙයක්‌ තමා සමාජ වුවමනා අනුව, කාලීනව මේ විශ්වාසය පවා ව්‍යාප්ත වෙන බව. පෞද්ගලික ආරවුල්, නඩුහබ වගේ දේවල් විස¹ ගැනීමට ඇගේ පිහිට ආධාර ඉල්ලීම අද බොහෝ විට සිදු වන දෙයක්‌.

කාලි අම්මාගේ කෝවිල් අද පොදු තැනක්‌ බවට පත්වෙලා. මුන්නේෂ්වරම කෝවිල තමා කාලි දේවතාවියගෙ වාසස්‌ථානය. වැඩි ප්‍රසිද්ධියක්‌ නැති වුණත් වදුරු මා දේවි කියන දේවතාවියත් කාලි දෙවඟනගේ එක්‌ ස්‌වරූපයක්‌ බව කියනව. වදුරු මා දේවිය කියන්නෙත් වසූරිය සුව කරන දේවතාවිය. මේ දේවතාවිය පත්තිනි දේවියනට උදව් උපකාර කරන බවත් පිළිගන්නවා.

එක ජනප්‍රවාදයකට අනුව මහකෙළ නා රජු මහාමේරු පර්වතය පෙණගොබින් වහගෙන ඉන්න කොට මේඝ රජු මේඝයක්‌ මවල ඒ නයිපෙණය විනාශ කරනවා. ඒ විදිහට විනාශ වුණු නයි පෙණයෙන් ලේ ගලාගෙන යනවා. ඒ ලේවලින් කුමාරියන් අට දෙනෙක්‌ උපදිනවා. වදුරුකාලි ඒ විදිහට උපදින එක්‌ කෙනෙක්‌. ඇගේ උත්පත්ති කතාවත් ඉන්දියාවට සම්බන්ධයි.

කාලි අම්මා අබියස එකත්පස්‌ව හිඳ, කන්නලව් කරන, වැඳගෙන ඇගේ පිහිට පතන අයට ඒවයේ ප්‍රතිඵල ලැබෙන බවට දැඩි විශ්වාසයකුත් තියෙනවා. "ආතුර පංචස්‌කන්ධයට දුකට පිහිට වේවයි" කියල ගායනයක විලාසයෙන් කෙරෙන යාතිකාව සමග පූජා වට්‌ටි හා මුදල් වගේම රන් රිදී මුතු මැණික්‌ ආදියත් කාලි මෑණියන්ට කැප කරනව. මේ විදිහට කරන කන්නලව්ව යාතිකාවක්‌. සතුරන්ගෙන් වෙන කරදර, පීඩා උපද්‍රව වළක්‌වා ගැනීමට වගේම ඒව කරපු අයට කාලි මෑණියන් ලවා දඬුවම් ලබාදිය හැකි බවත් ඇගේ බැතිමතුන් විශ්වාස කරනවා. ඒ නිසා කාලි අම්මා යන නමට පවා සමහරුන් බයයි. වැරදි කරන අය, අපරාධ කරන අය ආවේශ වෙලා වගේ කාලි මෑණියන්ගේ දෙපතුළ ළඟට එන බවත් සමහරුන් කියනවා.

දෙවියන්ගෙ ස්‌වරූපය ඕනෑම කෙනකුට ප්‍රියයි. ඒත් යකුන්ගෙ විලාසය එහෙම නෑ. විශාල කෙස්‌ වැටියක්‌ රතුපාට ලොකු ඇස්‌, දිව එළියට ඇවිත් බිය ගන්වනසුලු මුහුණක්‌ තමා යකුන්ට තියෙන්නෙ. කාලි අම්මාගෙ එක විලාසයක්‌ එහෙමයි. මේ නිසාම එක ජනප්‍රවාදයකින් කියෑවෙන්නෙ කාලි අම්මා යකින්නක්‌ බවයි. ඒ කතාව බෞද්ධ සාහිත්‍යයේ එනව. ධම්ම පදට්‌ඨ කථාවේ එන කාලි යකින්නගේ තොරතුරුවලින් හෙළිවෙන්නේ ඇයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබෙන බවයි.

එක්‌තරා ජනපදයක ජීවත් වූ තරුණ මානවකයෙක්‌ තමන්ගෙ අම්මාට සත්කාර කරමින් ජීවත් වුණා. ගොවිතැන් බත් කරල කෑම බීම ටික හොයාගෙන මවගෙ දුක සැපත් බලාගෙන ජීවත් වූ මේ තරුණයාගේ ජීවිතයට මොනව හරි වෙනසක්‌ කරන්න ඕනෑයි කියල අම්ම හිතුව. ඇත්තටම අම්ම හිතුවෙ පුතාගෙ තරුණ ජීවිතයට විවාහයක්‌ කරල දෙන්ට. අම්මගෙ යෝජනාවට පුතා කැමැති වුණේම නෑ. ඒත් පස්‌සෙ පස්‌සෙ අම්මගෙ ඇවිටිල්ල නිසා පුතා ඒ යෝජනාවට එකඟ වුණා.

ඔන්න ඉතින් අම්මාගෙ මනාපය විදිහට ඒ කටයුත්ත ඉටු වුණා. දැන් අම්මයි පුතයි ලේලියයි තුන් දෙනාම එක ගේක ඉන්නව. එහෙම ටික කලක්‌ යද්දී අම්මට තේරුණා මේ ලේලිය වඳ ගැහැනියක්‌ බව. ඇය පුතා එක්‌ක ඒ ගැන කතා කළා. එතකොට පුතා නං කිව්ව ඔන්න ඔහෙ මේ විදිහට ජිවත්වෙමු කියල. ඒත් අම්ම කිව්ව තවත් ගැහැනියක්‌ ගේමු කියල. වඳ ගැහැනියට මේ සාකච්ඡාව ඇහුණ. අන්තිමේ ඇය හිතුව වෙන කෙනෙක්‌ ගේන ගෑනියකුට යටත්වෙලා තමන්ටත් ඉන්න වෙයි කියලා.

එහෙම හිතපු ඇය, ඇය හොඳට දන්න පවුලකින්ම කාන්තාවක්‌ තෝරගෙන කැඳවාගෙන ආවා. ඇය තම සැමියාගෙ අලුත් බිරිඳට කිව්ව. යෙහෙළිය ඔබට දරු ගැබක්‌ හට ගත්තොත් ඉස්‌සෙල්ලම මට කියන්න කියල. එහෙම කිව්වෙ යහපත් සිතකින් නෙවෙයි. ඒ ගැබ විනාශ කරන නරක අදහසින්. ඔන්න ඉතින් ඇය තමන්ගෙ කුසට දරුවෙක්‌ ආපු ගමන්ම යෙහෙළියට කිව්ව. ඇය රහස්‌ බේතක්‌ දීල ගැබ නැසුවා. මේ විදිහට කීපවරක්‌ම කරද්දී අර සැමියට තේරුණා මෙතන සිද්ධ වෙන දේ. පස්‌සේ ඔහු ඇයට උපදසේ දුන්න ආපහු ගැබක්‌ හට ගත්තොත් කියන්න එපා කියල.

කොහොම හරි ඒ පාර ඇයත් ඒ රහස කිව්වේ නෑ. ඒ වුණාට හදිසියෙ දවසක්‌ අනෙක්‌ ස්‌ත්‍රිය ඇය ගැබ්ගෙන සිටින වග දැක්‌කා. දැන් මොකද කරන්නෙ කියල කලබල වෙලා හොර රහසේම කෑම සමග ගැබ විනාශ වෙන බේතක්‌ ගිල්ලෙව්ව. ඒ පාර ගැබ මෝරල නිසා ඒ කාන්තාව ගැබ හරස්‌ වෙලා මියගියා. මිය යද්දී ඇය හිතුව මේ ගෑනිව කන්න මං යකින්නක්‌ වෙලා ඉපදේවා කියල.

පස්‌සෙ සැමියා අර ස්‌ත්‍රියටත් පහරදුන්නා. ඒ වේදනාවෙන් ඇයත් මියගියා. ඊට පස්‌සේ ඇයත් මුව දෙනක්‌ව උපන්නා. අනෙක්‌ ස්‌ත්‍රිය කොටි දෙනක්‌ වුණා. දෙන්නාම මැරෙණ මොහොතෙ වෛරයෙන් මියගියේ. ඉතින් ආත්ම ගණනාවක්‌ එහෙම එක්‌ අයෙක්‌ අනෙක්‌ අයගේ දරුවන් කකා මැරිල යනව. ඔන්න තව ආත්මෙක මේ දෙන්න එක්‌ කෙනෙක්‌ මවක්‌ වෙලා අනිත් එක්‌කෙනා යකින්නක්‌ වෙලා ඉපදෙනවා.

මේ කාලෙ වෙනකොට බුදුහාමුදුරුවොත් වැඩ ඉන්නවා. අර යකින්න හිටියේ වෙසමුනි කියන යක්‍ෂ අධිපතියගෙ සේවිකාවක්‌ විදිහට. අනිත් ස්‌ත්‍රිය ඒ නුවරම ජීවත් වුණා. දවසක්‌ යකින්න මහපාරෙ යද්දී මේ අම්මයි දරුවයි දැකල ඒ දරුවව කන්න ඕනෑ කියල හිතුව. එහෙම හිතල ඇය ළඟට යද්දිම ඇයට තේරුණ මේ ඉන්නේ යකින්නක්‌ බව. පස්‌සෙ ඇය දරුවත් උතසගෙන බුදුහාමුදුරුවො වැඩ හිටිය විහාරය දිහාට දිව්වා. ගිහිල්ල දරුව බේරලදෙන්න කියල කෑගහල කිව්වා.

බුදුහාමුදුරුවො දුටු යකින්න බය වෙලා නතර වුණා. පස්‌සේ බුදු හාමුදුරුවො ඇයට අවවාද කළා. ඇයගේ අතීත කතා සියල්ලමත් කිව්වා. යකින්නට ලැ-ජාව වගේම විශාල දුකකුත් දැනුණා. පස්‌සේ යකින්න මිනීමස්‌ කෑම අත්හැරලා ඒ ගමේ කෙළවරක ජීවත් වුණාලු. යහපත් කල් ක්‍රියාවෙන් සිටි ඇය ගමේ මිනිසුන්ටත් උදව් කරගෙන ජීවත් වුණා. ගොවිතැන් ගැන, වගේම වෙනත් දේවල් ගැනත් මිනිසුන්ට උපදෙස්‌ දුන්නා.

ඇගේ උපදෙස්‌ නිසා මිනිස්‌සුන්ට හුඟාක්‌ ප්‍රයෝජන ලැබුණා. මිනිසුන්ගේ හොඳ හිත දිනාගත්තු ඇය පසුව යක්‍ෂ ආත්මෙන් මිදිල දේවතාවියක්‌ වෙලා පුරුදු විදිහටම මිනිසුන්ට පිහිට වුණාලු.

මෙන්න මේ යකින්න ජනතාවට ළංවෙලා ජන දුකට පිහිට වෙමින් දේවත්වයට පත්වුණ බව තමා එක ජනප්‍රවාදයක එන්නෙ. මිනිසුන්ගෙ ගති පැවතුම්, මිනිසුන්ට සිද්ධ වෙන විපත් ගැන ඇයට හොඳ අවබෝධයක්‌ තිබුණු නිසා දිගින් දිගටම ඇය ඒ කටයුතු කරගෙන ගිය බවයි ජනතාවගේ විශ්වාසය.

කොහොම වුණත් අද වෙනකොට ඒ කාලි යකින්න කාලි දෙවඟන විදිහට බලවත් වුණේ අනුන්ට උපකාර කරපු නිසා බවත් සමහරු කල්පනා කරනවා. මොකද දෙවියන්ගෙ හැටි එහෙමනෙ. දුකට පිහිටවෙන එකනෙ. දෙවියන් වගේම යකුන් පිළිබඳ තියෙන උත්පත්ති කතා, ප්‍රවාද ඇත්ත ද කියල කියන්න හරියට සාධක නැති බව අමුතුවෙන් කියන්ට ඕනෑ නැහැනෙ. පළිගැනීමේ සිතින් මුළාවෙලා අන්ධව කටයුතු කරල පස්‌සේ බුදුහාමුදුරුවන්ගෙන් කරුණු දැනගෙන ජීවිත වෙනස්‌කරගත්තු අය කොපමණ ඉන්නවද? පාලි අට්‌ඨකතාවල වුණත් මේ වගේ කතන්දර අපට හම්බු වෙනවනෙ.

ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ද්වේෂය පළිගැනීම වගෙ නරක සිතිවිලිවලින් අවුල් වූ සමාජයක,. පිළිසරණක්‌ නැතිව ජීවිත ගැටගහගන්න බැරි උදවිය ඉන්න සමාජයක භද්‍රකාලී හෙවත් කාලි අම්මාගේ පිහිට, හිතට මොනතරම් ශාන්තියක්‌ ද? දෙවියන් ඉන්නේ විශ්වාසය නමැති දේවාලෙ කියලත් කියනවනෙ.a කොහොම වුණත් හැම කාලෙකම විශේෂ බල මහිමයක්‌ තියෙන පින්වත්, යහපත් අය ඉඳල තියෙනවනෙ. ඒ අයගෙ අනන්ත අප්‍රමාණ උපකාරත් සමාජයට ලැබිල තියෙනවනෙ. කාලි අම්මාත් ඒ දුකට පිහිටවෙන එක මොනතරම් වටිනවද? උතුම්ද?
Read Post | comments

දෝනිට විභාගය මඟ හැරේ

ඉන්දියා ක්‍රිකට් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි ව්‍යාපාර කළමනාකරණ උපාධියක් හදාරන්න සාන්ත ක්ෂේවියර් විද්‍යාලයේ ලියාපදිංචි වුණේ 2008 වසරේදීයි. ඒත් ක්‍රීඩාවේ අවිවේකීකම හේතුවෙන් ඔහුට අද වනතුරු සිය උපාධියේ පළමු විභාගයටවත් පෙනී සිටීමට හැකිවුණේ නෑ.

දෝනිගේ මේ උපාධිය වසර 3ක එකක්. කල්ගත වුණත් ඔහුට නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියලයි ක්ෂේවියර් විදුහල්පතිවරයා කියන්නේ.

ක්‍රීඩාව නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවුණත් පසුගියදා දෝනි සිය ටෙස්ට් තරග දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේදියි. ඔහු එදා ලැබු ලකුණු සංඛ්‍යාව එතෙක් මෙතෙක් ඉන්දියා ක්‍රිකට් නායකයකු ටෙස්ට් ඉනිමක ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තාපොතට එක්වුණා.
Read Post | comments

කුරක්‌කන් පිටි දියවැඩියාවට ගුණ නෑ!

කුරක්‌කන් හොඳ කාබෝහයිඩේ්‍රටයක්‌ නොවෙයි. හැබැයි ක්‍ෂණික ශක්‌තිය ලබාගන්න නම් ඉක්‌මනට ලේවලට සීනි එකතුකර ගන්න නම් කුරක්‌කන් හොඳයි. පොල් වැඩිපුර දමලා හාල් පිටි ටිකක්‌ එකතු කරල ගත්තාම නම් කුරක්‌කන් පිට්‌ටු තරමක්‌ හොඳයි. නමුත් කුරක්‌කන් දියවැඩියා රෝගියෙකුට නම් ඉතා හොඳ ආහාරයක්‌ කියන්නේ මිථ්‍යාවක්‌. දියවැඩියාවට හොඳ නැහැ. එහි ග්ලයිසිමික්‌ ඉන්ඩෙක්‌ස්‌ එක ඉතා වැඩියි. (ලේවලට සීනි එක්‌ කරන ප්‍රතිශතය)

අපි අද මේ ජීවත් වෙමින් සිටින්නේ චිරාත් කාලයක්‌ තිස්‌සේ තුන් වේලට ම බත් කන්නට පුරුදු වූ ජනතාවක්‌ සිටින රටකය. ඒ නිසා බත් කෑමේ ගුණ අගුණ ගැන කතා කරන විට අප එය වඩාත් පරිස්‌සමින් කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

අපි අද මේ තීරය ඔස්‌සේ කතා බහ කරන්නේ "බත හා පෝෂණය" ගැනය. ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර "බත" ගැන වත්මන් ලෝක ප්‍රවණතාව පැහැදිලි කරමින් ම සිය විග්‍රහය මෙසේ ආරම්භ කළේය.

අපේ රටේ විතරක්‌ නොවෙයි, විශේෂයෙන්ම ආසියාකරයේත් ලෝකයේ සැලකිය යුතු රටවල් ගණනාවකත් ජනතාවගේ ආහාරයේ ප්‍රධාන සංඝටකය බවට බත් පත්වෙලා තිබෙන බව අපි දන්නවා.

මේ බත් අද ලෝකයේ තිබෙන ආහාර අතර වගා කරගෙන ආහාරයට ගන්න පැරණිම ආහාරය කියලයි හැඳින්වෙන්නේ. ක්‍රිස්‌තු පූර්ව 2000 ටත් වැඩි ඈත ඉතිහාසයක්‌ ඊට තිබෙන බවට සාක්‍ෂි චීනය ඇතුළු රටවල් ගණනාවකින්ම හමුවෙලා තියනවා.

ඒ අයුරින් බලන විට අපටත් බත කියන දේ සංස්‌කෘතික දායාදයක්‌ බවට පත්වෙලා තියනවා. බත නිසා මේ රටේ බිහිවුණ සංස්‌කෘතිය ගැන මම අමුතුවෙන් කිවයුතු නැහැනේ.

ශ්‍රී ලාංකික සංස්‌කෘතිය ඇතුළේ අපේ ආහාර ගැන කතා කරන විට බත අපිට ඉතා වැදගත් ආහාරයක්‌ වුණාට ආහාර හා පෝෂණය යන මාතෘකාව යටතේ කතා කරන විට නම් බත කියන්නේ සංකීර්ණ මාතෘකාවක්‌. ඒක නිසා අපි බොහොම සැලකිල්ලෙන් බත් ගැන කතා කළ යුතු වෙනවා.

අපි දන්නවා, බත් අපි බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නවා. බත් කෑවාම ඉන් ලැබෙන්නේ කාබෝහයිඩේ්‍රට්‌. ඉන් ඇඟ ඇතුළෙදී කැලරිවලින් ශක්‌තිය නිපදවෙනවා. හැබැයි අපි කවුරුත් බත් කන්නේ දිනකට ඇඟට අවශ්‍ය ශක්‌තිය නිපදවා ගන්න වුවමනා වෙන බත් ප්‍රමාණය ගැන ගණන් හද හදා නොවෙයි. ඒ මොකද අපි ආහාර එන්ජෝයි කරන නිසා. අපි ඕනෑම ආහාරයක්‌ ගැනීමේදී රස බල බල සතුටු වෙනවා වගේම බඩ පිරෙන තරමටත් සතුටු වෙන්න පුරුදුවෙලා ඉන්නවා.

කාලයක්‌ දිගින් දිගටම ඔය වැඩේ කරගෙන යන විට මෙන්න මෙතනදී තමයි ප්‍රශ්න මතුවෙන්නේ.

ආහාර හා සතුට කියන කාරණයේදී බත් කන ප්‍රමාණය ගැන අපිට ප්‍රශ්නයක්‌ නැති වුණාට ආහාර හා පෝෂණය කියන මාතෘකාවේදී නම් අපි දිනකට බත් ආහාරයට ගත යුත්තේ කොච්චර ප්‍රමාණයක්‌ ද, ඒ කොහොමද ඒවා මොන වගේ බත්ද කියන කාරණා ගැන හොඳින් සලකා බැලිය යුතු වෙනවා.

සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙක්‌ දිනකට ආහාරයට ගත යුතු බත් ප්‍රමාණය ඒ කෙනාගේ නිරෝගී බව, වයස, බර, ගැහැනු පිරිමි බව, කරන රැකියාව, ජීවත් වන දේශගුණය, කරන ව්‍යායාම ප්‍රමාණය ආදී සාධක ගණනාවක්‌ ම මත වෙනස්‌ වෙනවා.

අපේ රට ඈත අතීතයේ පටන්ම විශාල ප්‍රමාණයක්‌ වී වර්ග වගා කරපු රටක්‌. එදා ඉඳල පැවත ආපු සාම්ප්‍රදායික වී වර්ග වගේම නව තාක්‍ෂණයෙන් දියුණු කරපු වී වර්ගත් රාශියක්‌ මේ රටේ තියනවා. මේ වී වලින් රතු සහ සුදු පැහැයෙන් යුතු විවිධ වර්ගවල හා විවිධ පෝෂ්‍ය ගුණයෙන් යුතු සහල් ලැබෙනවා.

මම ටිකක්‌ මේක ගැඹුරින් පැහැදිලි කරනවා, බත්වල තියන පෝෂ්‍ය ගුණය මතුකරල පෙන්වන්න ඕන නිසා. වී ඇටයක්‌ ගත්තාම මතුපිටින් තියන ආවරණය තමයි පොත්ත. අපි එය දහයියා ලෙස ඉවත් කරනවා. ඉන් ඇතුළේ සහල් ඇටය වටේට තියෙන්නේ කුරුට්‌ට. රතු වුණත් සුදු වුණත් ඒ හැම සහල් ඇටයකම කුරුට්‌ට තියනවා. මෙන්න මේ කුරුට්‌ට තුල තමයි සහල් ඇටයේ වටිනාම කොටසක්‌ වන "කෙඳිමය" පදාර්ථය තියෙන්නේ. ඒ වගේම හැම සහල් ඇටයකම තිබෙන තවත් වටිනා ම කොටසක්‌ තමයි බීජාංකුරය. මෙන්න මේ කුරුට්‌ට හා බීජාංකුරය කියන පදාර්ථ දෙක සහල් ඇටයේ වටිනාම කොටස්‌ දෙකයි. නමුත් අපි හුඟක්‌ වෙලාවට කරන්නේ වී ඇටයේ පොත්ත ඉවත් කරල ඊළඟට කුරුට්‌ට හා බීජ අංකුරය යන දෙකම ඉවත් වන ලෙස පොලිෂ් කිරීමයි. හැබැයි හාල් ඇටයේ පෝෂණ ගුණය ආරක්‍ෂා කර ගන්න නම් අපි ඔය දෙක ඉවත් කළ යුතු නැහැ.

මම කලිනුත් කිව්වා මේ කුරුට්‌ට එක එක පාටයි. ප්‍රධාන වශයෙන් රතු පාට හා සුදු පාට වර්ග දෙකක්‌ තියනවා. මේ වර්ග දෙක තුළම එක හා සමානව කෙඳි තියනවා. හාල් වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ කාබෝහයිඩේ්‍රට්‌. ඊළඟට තියනවා ප්‍රොaටීන්, ඊළඟට තියෙනවා විටමින් හා ඛනිජ ලවණ, ඊළඟට තියන වැදගත්ම දේ තමයි කෙඳි. කෙඳි ඉවත් නොකරන ලද (නොපාහින ලද) හාල් රතු වුණත් සුදු වුණත් කමක්‌ නැහැ, දෙකම ගුණයි. රතු කුරුට්‌ටේ ඇන්ටි ඔක්‌සිඩක්‌ට්‌ තියන නිසා තරමක්‌ පෝෂණයෙන් ඉහළයි තමයි. නමුත් මේ දෙකම කුරුට්‌ට සහිත නම් ඉතා හොඳයි. කුරුට්‌ට ඉවත් කළාම ඉතින් රතු සුදු කියල වෙනසක්‌ නෑ දෙකම වැඩක්‌ නැහැ.

හාල මැද තියන ඇටයේ තියෙන්නේ පිටි. අපි කියනවනේ කාබෝහයිඩේ්‍රට්‌ කියලා. හාල්වල කාබෝහයිඩේ්‍රට්‌ තියනවා වගේම තිරිඟු පිටිවල කුරක්‌කන්වල තියෙන්නේත් කාබෝහයිඩ්රේට්‌. අල වර්ගවලත් තියෙන්නේ ඒවමයි.

මේ හැම දෙයකම තියන කාබෝහයිඩේ්‍රට්‌ අපි දෙවර්ගයකට වර්ග කර හඳුනා ගන්නවා.

1. ඇමයිලෝස්‌ ((Amylose)

2. ඇමයිලෝපෙක්‌ටීන් (Amylopectin)

ඇමයිලෝපෙක්‌ටීන් කියන කාබෝහයිඩේ්‍රටය අපේ ආහාර මාර්ග පද්ධතියේදී ඉතා ඉක්‌aමනට දිරවලා ග්ලුකෝස්‌ බවට පත්වෙලා ඉතා ඉක්‌මනින් ලේවලට සීනි එකතු කරනවා. නමුත් ඇමයිලෝස්‌ කියන කාබෝහයිඩේ්‍රටය. ජීරණය වෙන්න තරමක්‌ අමාරුයි. පමා වෙනවා. ලේවලට සීනි ඉක්‌මනට එකතු කරන්නේ නැහැ.

ඒ නිසා ඇමයිලෝස්‌ පිටි තියන ආහාර වඩා හොඳයි කියලයි අපි පෙන්වා දෙන්නේ. ඇමයිලෝපෙක්‌ටීන් තියන ආහාර පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඇමයිලෝපෙ ක්‌ටීන් තියන හාල් තමයි පුංචි රවුම් හාල්. දිගටි ලොකු හාල් ඇටවල තියෙන්නේ ඇමයිලෝස්‌. ඒවා ඉතාම හොඳයි ආහාරයට. සාමාන්‍යයෙන් උදාහරණයකට බාස්‌මතී හාල් ගන්න. එවයි තියෙන්නේ ඇමයිලෝස්‌. මේකෙන් මම කියන්නේ ඔයගොල්ලන්ට දිගටම බාස්‌මතී කන්න කියල නොවෙයි. ඒ වගේ දිගටි ලොකු හාල් ඇට තියන හාල් අපේ වෙළෙඳපොළේ ඕන තරම් තියනවා.

ඇමයිලෝස්‌ තියනවා අපේ දේශීය හාල්වල. ඒවා ගුණදායකයි. ඇමයිලෝස්‌ තියන හාල් හොයාගන්න හරි ලේසියි. බත් හැටියට තැම්බුවාම එකට ඇලෙන්නේ නැහැ. ඇට වෙන් වෙනවා. හාල් ඇට වගේ.

මේවා කනකොට තලපයක්‌ වගේ චප්ප වෙනවා නම් ඒ හාලේ ඇමයිලෝපෙක්‌aටීන් වැඩියි. බත් කට විසිරිලා යනවා නම් ඇමයිලෝස්‌ වැඩියි. ඔය ජපානය, චීනය, කොරියාව වගේ රටවල වැඩිපුර තියෙන්නේ ඇලෙන බත්. ඇමයිලෝපෙක්‌ටීන් වැඩි හාල්.

ඇමයිලෝස්‌ කියන්නේ ප්‍රතිරෝධක පිෂ්aඨයක්‌. ජීර්ණය වීමට ප්‍රතිරෝධයක්‌ දක්‌වනවා. තව ගුණයක්‌ තමයි, මේ වී වර්ග තම්බලා තම්බපු හාල් බවට පත් කළාම ඒaවා ඔය ඔක්‌කොටම වඩා ඇඟට ගුණයි. වී තම්බපුවාම ප්‍රතිරෝධක පිෂ්ඨය කියන ගුණාංගය වැඩි වෙනවා. ඒවා කෑවාම බඩගින්න දැනෙන්නේ නැහැ. කන්නේ ටිකයි. ඇඟේ සීනි මට්‌ටම ඉහළ යන්නේ නැහැ.

තැම්බූ හාල්වල තව ගුණයක්‌ තියනවා. මම කිව්වානේ කුරුට්‌ටේ විටමින් වර්ග තියනවා කියලා. වී තම්බන කොට කුරුට්‌ටේ තියන විටමින් හාල් ඇටය ඇතුළට යනවා. විශේෂයෙන් විටමින් බී සාමාන්‍යයෙන් හාල් සෝදන කොට කුරුට්‌ටේ තියන විටමින් බී දියවෙලා ඉවතට යනවා. නමුත් තම්බපු හාලේ විටමින් බී හාල් ඇටය ඇතුළේ ආරක්‍ෂා වෙලා ඉතිරි වෙනවා. ඒක හොඳ ගුණයක්‌.

මම මේ කොච්ච්චර කිව්වත් මේ මේ හාල්වල කොච්චර ගුණාංග තියනවා කිව්වත් වැඩක්‌ නැහැ දවසට බත් කිලෝ එකක්‌ විතර ගහල අරිනවා නම් . ලාංකිකයෝ හැටියට අපි බත් කන ප්‍රමාණය ඉතාම වැඩියි. අපි අනිවාර්යයෙන්ම නිරෝගීව ඉන්න නම් බත් කන ප්‍රමාණය පාලනය කරගන්න ඕන. ඒ කන ප්‍රමාණය මම ඉහත කී "ඇමයිලෝස්‌" ගුණය වැඩි බත් වලින් ම කන්න ඕන. වරදවා තේරුම් ගන්න එපා. මම මේ කියන්නේ බත් කන්න එපා කියල නොවෙයි. තුන් වේලටම බත් කෑවට වරදක්‌ නැහැ. හැබැයි කන ප්‍රමාණය පාලනය කරගෙන. ඊට ගැලපෙන පරිදි අනෙකුත් එළවළු පලතුරු මස්‌ මාළු මේදය ආදියත් ගන්නා ගමන්.

කොච්චර හොඳ හාලකින් වුණත් වැඩියෙන් බත් කෑවොත් ලෙඩක්‌. බත් එක ලොකු කරගන්න ඕනම නම් ගොඩක්‌ ලොකු පිඟානක්‌ කාල එන්ජෝයි කරන්න ඕනම නම් කරන්න තියෙන්නේ බත් ටිකක්‌ අරන් මැල්ලුම්, මාළු, එළවළු ආදියෙන් බත් පත ලොකු කරගන්න එකයි. එතකොට අනිකුත් පෝෂ්‍ය පදාර්ථ සියල්ලත් ලැබෙනවා.

මේ මිනුම්දඬු ඉතින් වෙහෙසවෙලා වැඩ කරන කම්කරුවකුට, ගොවියකුට, කුලීකරුවකුට, ක්‍රීඩකයකුට නිකන් පුටුවක වාඩිවෙලා ඉන්න කෙනකුට ආදී වශයෙන් එක්‌aකෙනාගෙන් එක්‌කෙනාට වෙනස්‌ වෙන බව අමතක කරන්න නරකයි.

මෙහෙම කියනකොට කෙනෙක්‌ හිතාවි හරි. බත් කෑම ඔහොම නම් අපි බත් නොකා පාන් කමුකෝ කියලා. පාන් කෑවත් කමක්‌ නැහැ. හැබැයි ප්‍රමාණයට බත් එක්‌ක බලන කොට සංසන්දනය කරන කොට පාන්වල තියන ගුණාංග ඉතා අඩුයි. පාන් කෑම අපි ප්‍රගුණ කළ යුතු දෙයක්‌ නොවෙයි. ඇමයිලෝපෙක්‌ටීන් ප්‍රමාණය (ජීර්ණය වීමේ ශක්‌තිය) පාන්වල ඉතාම වැඩියි. ඉක්‌මනට ලේවලට සීනි එකතු වෙනවා. ඒ වගේම පාන්වල තියනවා ප්‍රොaටීන් එකක්‌, ග්ලූටන් (Gluten) කියලා. ඒක නිසා තමයි පාන් හොඳට ඇලිලා පිපිලා එන්නේ. මේ ප්‍රොaටීන් එක නිසා සමහර පොඩි අයට බඩේ අමාරු හැදෙනවා. සමහර අයට බඩ බුරුල් වෙනවා. සමහර අයට පාන් කෑවාම බඩ දන්න ගන්නවා. ඒකට හේතුව තමයි මේ ග්ලූටන්. ග්ලූටන් නිසා සමහරුන්ට ඇලර්ජි (අසාත්මිකතා) ග්ලූටන් අසාත්මිකතාව ලොව පුරා බහුලව දක්‌නට ලැබෙන දෙයක්‌.

බඩේ ලෙඩ ගොඩක්‌ ඇතිවෙන්න මේ ග්ලූටන් හේතුවක්‌ වෙනවා. ග්ලූටන් නැහැ ආටා පිටි වගේ දේවල්වල. ඒවා නම් තරමක්‌ හොඳයි. නමුත් ඊට වඩා ගොඩක්‌ හොඳයිනේ බත්. හාල් පිටි හොඳයිනේ.

සමහරු කුරක්‌කන් මේ ඔක්‌කොටම වඩා හොඳයි කියල මිථ්‍යාවක ඉන්නවා. හැබැයි මට කවුරුහරි පාන් පිටි, හාල් පිටි, කුරක්‌කන් පිටි යන ජාති තුන එකට තියල මෙයින් මොකක්‌ද හොඳ කියල ඇහුවොත් මම හොඳයි කියන්නේ හාල් පිටි. මොකද කුරක්‌කන්වල ඇමයිලෝපෙක්‌ටීන් ප්‍රමාණය ඉතාම ඉහළයි. හාල් පිටිවල ඒක ඉතාම ස්‌වල්පයයි. කුරක්‌කන් රතුපාට කුරුට්‌ටේ කෙඳිමය ගුණයක්‌ තිබුණාට ඊට වඩා හානිකරයි අර ඇතුළේ තියන ඇමයිලෝපෙක්‌ටීන්වලින් කරන කාර්යභාරය. කුරක්‌කන් හොඳ කාබෝහයිඩේ්‍රටයක්‌ නොවෙයි. හැබැයි ක්‍ෂණික ශක්‌තිය ලබාගන්න නම් ඉක්‌මනට ලේවලට සීනි එකතුකර ගන්න නම් කුරක්‌කන් හොඳයි. පොල් වැඩිපුර දමලා හාල් පිටි ටිකක්‌ එකතු කරල ගත්තාම නම් කුරක්‌කන් පිට්‌ටු තරමක්‌ හොඳයි. නමුත් කුරක්‌කන් දියවැඩියා රෝගියෙකුට නම් ඉතා හොඳ ආහාරයක්‌ කියන්නේ මිථ්‍යාවක්‌. දියවැඩියාවට හොඳ නැහැ. එහි ග්ලයිසිමික්‌ ඉන්ඩෙක්‌ස්‌ එක ඉතා වැඩියි. (ලේවලට සීනි එක්‌ කරන ප්‍රතිශතය) මම වගකීමකින් කියනවා.

හැබැයි ඉතින් අපේ සමහර සාම්ප්‍රදායික පැරණි ආහාර තියනවා හැම දේටම හොඳ. ඔය දිය බත් හබල පෙති වගේ කෑම ඉතාම ගුණදායකයි බඩට හොඳයි. බඩේ ගෑස්‌වලට බඩවැල්වල තුවාලවලට අම්ලකර ගතියට ඉතාම ගුණදායකයි. ඒවයි වර්ධනය වන ප්‍රොaබයෝටික්‌ (Probiotic) වර්ග උදරයේ ආහාර ජීර්ණ පද්ධතියේ හිතකර ජීවීන් ලෙස ගත හැකියි. උදර රෝගවලට, අසාත්මිකතාවලට අම්ලකර රෝගවලට ගුණයි. හැබැයි මේ ආහාර හොඳින් සකසා ගැනීම ඉතාම වැදගත්. හැම දෙයක්‌ම හොඳින් දැනගෙන කළාම ප්‍රශ්නයක්‌ නැහැ.
Read Post | comments

පාසිකුඩා වෙරළේ ගිනි තාමත් ඇවිලේ!

ඇමැතිවරුන්ගේ පුතාලා ගැන වෙනම වංශ කතාවක්‌ ලිවීමට තරමේ සිද්ධි මෑත කාලයේ ශ්‍රී ලංකාවෙන් හමු වී තිබේ. ඒ අතරට අලුතෙන්ම එක්‌ වී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා ය. පසුගිය ඉරිදා ඇති වූ මෙම සිද්ධිය, කතා කිහිපයක්‌ ලෙස මේ වන විට ප්‍රචලිතව තිබේ. ඇත්ත සිද්ධිය දන්නේ ගැටුම ඇතිකරගත් දෙපාර්ශ්වය වුවත් ඔවුන් විසින් එය විකෘති කරමින්, හැඩ දමමින් කරන කටයුතු අනුව දැන් මේ ගැන කතා දහයක්‌ පමණ ගොඩනැගී තිබේ.

සැකෙවින් ගතහොත් මෙම ගැටුම මිනිත්තු හතරක කාලයක්‌ පුරා විහිදී යන්නකි. ඒ මිනිත්තු හතර විසින් කර තිබෙන හානිය ගුටිඇන ගැනීමකට වඩා දුර ගොස්‌ තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණේ තමා ඝාතනය කිරීමටත් තමා අප්‍රසාදයට පත් කිරීමටත් මාධ්‍ය කටයුතු කරමින් තිබෙන බවය.

ඇති වූ සිද්ධිය නිරවුල් ලෙස කතාන්දරයක්‌ සේ කීම ද අපහසු කටයුත්තක්‌ වී තිබෙන්නේ එක්‌ කතාවකට විරුද්ධව අනෙක්‌ පිරිස තවත් කතාවක්‌ කියනා බැවිනි. සැකෙවින් ගතහොත් සිද්ධිය මෙසේය.

විසි හැවිරිදි දහම් තාරක සිරිසේන, සිය මිතුරන් දොළොස්‌ දෙනකු සමඟ පාසිකුඩා මුහුදු තීරයේ විනෝද වෙමින් සිට ඇත. ඒ ආසන්නයේම අසේල වෛද්‍යාලංකාර සිය බිරිඳ හා මිතුරියක්‌ සමඟ මුහුදු තීරයේ පහස විඳ ගනිමින් සිටියෝය.

එක්‌ කතාවක්‌ අනුව ගැටුමට මුල් වන්නේ දහම්ගේ පිරිසෙන් කෙනකු අශෝභනාකාරයෙන් අසේලගේ බිරිඳ අසල ඡායාරූප ගනිමින් සිටීමය. තවත් කතාවක්‌ අනුව අසේලගේ බිරිඳ ඡායාරූපගත කිරීමට අනෙක්‌ පිරිස කටයුතු කරමින් තිබී ඇත. අනෙක්‌ කතාව අනුව තාරකගේ මිතුරන් සාමාන්‍ය පරිදි ඡායාරූප ගත්තා මිස එවැනි අවුල් සහගත කටයුත්තක යෙදුණේ නැත.

අසේල වෛද්‍යාලංකාර යනු මඩකලපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාරගේ පුතාය. දහම් සිරිසේනගේ පියා වන්නේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනය. (කතා කිහිපයක්‌ නැත්තේ මේ ගැන පමණය.) ඉන් පසුව දිග හැරෙන්නේ ත්‍රාසජනක ජවනිකාවය. අසභ්‍ය ලෙස තම බිරිඳ ඉදිරියේ ඡායාරූප ගැනීම ගැන කෝප වූ වෛද්‍යාලංකාර, දහම් ඇතුළු මිතුරන් පිරිස අසලට ගොස්‌ ඒ ගැන කෝපයෙන් කතා කර තිබේ. එවැනි කටයුත්තක්‌ නොකළ බවට දහම්ගේ පාර්ශ්වයෙන් ලැබුණු පිළිතුර බාර නොගත් වෛද්‍යාලංකාර විසින් එසේ නම් කැමරාව ලබා දෙන ලෙස බලකර තිබේ. "එහෙම කැමරාව දෙන්නේ මොකටද. අපේ කැමරාව ගන්න තමුසෙ කව්ද?" යන 'තැටිය' රත්වෙන ප්‍රශ්නය දහම්ගේ පාර්ශ්වය අසන්නේ මෙතැනදීය. වෛද්‍යාලංකාරගේ පිළිතුර වන්නේ කැමරාව උදුරා ගැනීමය. ඒ සමගම දහම්ගේ මිතුරු පිරිස හා වෛද්‍යාලංකාර අතර ගැටුම නිර්මාණය වේ.

තමා පළාතේ ඩී.අයි.ජී. ගේ පුතා බවට වෛද්‍යාලංකාර පැවසූ බවත්, තමා මෛත්‍රිපාල සිරිසේනගේ පුතා බව දහම් පැවසූ බවත් මෙහි දෙබස්‌ ලෙස සමහර කතාවලදී එකතු වී තිබේ. කෙසේ හෝ අවසානයේ වෛද්‍යාලංකාර රෝහල් ගත වූ අතර දහම් හා මිතුරන් පොලිස්‌ භාරයට පත් වේ. (ඒ ගැන ද කතා කිහිපයක්‌ නැත.)

දිනකට පසුව මාධ්‍ය වෙත මෙම තොරතුරු ගලා ආ අතර එතැනදී තව තවත් කතා නිර්මාණය වී ප්‍රසිද්ධියට පත් විය.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය කටයුතු ගැන හෝ පක්‍ෂයේ මහ ලේකම් ලෙස දේශපාලනයේ කටයුතු ගැන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන කටයුතු ගැන නොව තමන්ට අගතියක්‌ කරන ලදැයි ස්‌ථාවරයේ සිට ඔහුට අනුව ''මාධ්‍ය මට කෙලියා'' යන තැන සිට මෙම සිද්ධිය ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ සිය නිවසේදී පැවැත්වීය.

දෙපිරිසක්‌ අතර ගැටුමෙන් බරපතළ තුවාල තත්ත්වයක්‌ කිසිදු පාර්ශ්වයකට අත් නොවුවත් ඇමැති හා ඩී. අයි. ජී. පුතුන් මෙම දෙපිරිසට අයත් වීම නිසාත්, තම පුතා සම්බන්ධ වූ සරල සිද්ධියක්‌ ඇසුරෙන් තම ජීවිතයද දේශපාලනය ද ඝාතනය කරන්නට මෙම සිද්ධිය ආයුධයක්‌ බවට පිරිසක්‌ පත් කර ගෙන සිටින බව ඇමැති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කිරීමත් නිසා ඇමැතිවරයා හට බරපතළ තුවාලයක්‌ වී තිබෙන බව පෙනේ.

මාර්තු මස හතර වැනිදා දෙපිරිසටම උසාවි පැමිණෙන ලෙස නියෝග කර තිබීමෙන්, මෙම කතාව දැනට නිමා කළ හැකිය.

නමුත් සාමාන්‍ය පරිදි 'අසා සිටි ඔබ සැමට ස්‌තුතියි' යනුවෙන් මෙය අවසන් කළ නොහැකිය. මාළු මාළු හෝටලය වැනි අධි සුඛෝපභෝගී හෝටල් හි වෙරළ තීරයේ මෙවැනි රැඟුම් රඟන්නට රටේ බහුතරයකගේ පුතුන්ට අවස්‌ථා නැත. මාළු කෑල්ලක්‌ දරුවෙකුට මාසයකට වරක්‌ දෙන්නට ද සාමාන්‍ය පවුලකට දැන් වත්කම් නැත. ඒ සාමාන්‍ය පුරවැසියාටය. එසේ වුවත් මාළු මාළු හෝටලයේ විනෝද සුව විඳ ගුටි ඇන ගෙන තෙල් බස්‌සවා ගැනීමට ලොකු අතුවල පුතුන්ට හැකියාව ලැබී තිබේ.

මේ සියල්ල දෙස හොඳින් බලා සිටි, ඇමැති මෛත්‍රිපාල සිරිසේන වරක්‌ කියූ පරිදි 'බම්බුව තමයි බම්බුව' කියා තමන්ගේ වැඩක්‌ බලාගෙන අපි හා අපේ පුතුන් විනෝද වෙනවා හැරෙන්නට වෙන යමක්‌ මෙතැනදී අපට කරන්නට තිබේද?
මම කිසිම බලපෑමක්‌ කළේ නෑ
- ඇමැති මෛත්‍රිපාල සිරිසේන

මගේ දරුවා ප්‍රචණ්‌ඩකාරී, මැරවරයෙක්‌ ලෙස මාධ්‍ය විසින් හැඳින්වූවා. මුහුදු වෙරළේ තරුණ පිරිසක්‌ ගහගත්තා. රටට පෙන්වන්නේ එක පුද්ගලයෙක්‌ හෝ පිරිසක්‌ තවත් කෙනකුට පහර දුන්නා කියලා. නියෝජ්‍ය පොලිස්‌පතිගේ පුතා පාසිකුඩා වෙරළේ භාවනානුයෝගීව සිටියදී මේ පිරිස පහර දුන්නා කියලා පෙන්වන්නයි හදන්නේ.

මාධ්‍යයෙන් ගහලා ගහලා මාව විනාශ කරන්න බැරි වුණොත් මගේ ජීවිතය නැති කරන බව මම දන්නවා. මීට දින කීපයකට කලින් මගේ ගෙදරට දුරකථන ඇමතුමක්‌ දීලා දරුවන්ටත් බිරිඳටත් තර්ජනය කර තිබුණ උඹලගේ තාත්තාට ගේ ඉස්‌සරහා වෙඩි තියලා මරලා දානවා කියලා.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මට ඓතිහාසික වෙනස්‌කම් කිහිපයක්‌ කරන්න පුළුවන් වුණා. ඖෂධ ප්‍රතිපත්තිය යළි සකස්‌ කරනවා. මහා විශාල ඖෂධ ජාවාරම් නැති කරන්න අලුත් ටෙන්ඩර් ක්‍රමයක්‌ ලබන මාසයේ ඉඳලා ආරම්භ කරනවා. එම නිසා මට දැනෙනවා මාව විනාශ කිරීමේ අවශ්‍යතාවක්‌ ඇතැමුන්ට ඇති බව. මගේ ජීවිතය තියෙන්නේ අනතුරක.

මේ පාසිකුඩා සිද්ධිය මට ආරංචි වුණා. දරුවන් ඉන්නේ කල්කුඩා පොලිසියේ බව දැනගත්තා. මේ සිද්ධියට අදාළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට මම කතා කරලා ඇහුවා. ප්‍රශ්නයක්‌ වී තිබෙනවා. "පුතාට තුවාලයි. මඩකලපු රෝහලට රැගෙන යන බව ඔහු කිව්වා. මමත් මඩකලපුව රෝහලට ගියා. නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ දරුවා ඇඳේ සිටියා. මම ඔහු අසලට ගියා.

අවශ්‍ය ප්‍රතිකාර කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියා. මගේ දරුවාගේ අතේ වරදක්‌ තියෙනවා නම් ඕනෑම නීතියක්‌ ක්‍රියාත්මක කරන්න" කියා මම නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පැවසුවා. ඒ දරුවාගේ උරහිසේ පැරැණි තුවාල කැළලක්‌ තිබුණා. ඒ මොනවා වෙලාද කියා ඇහුවා. මීට කලින් කළ ශල්‍යකර්මයක කැළලක්‌ බවත් මේ ආරවුලේදී ඒ ශල්‍යකර්මයටත් බලපෑමක්‌ වී ඇතිද කියාත් පරීක්‍ෂා කරන බවත් දරුවා කොළඹ රැගෙන යන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවැසුවා. ගිලන් රථයක්‌ අවශ්‍ය නම් කොළඹින් ගෙන්වා දෙන්නම්. නැත්නම් මගේ වාහනයේ යා හැකි බව මම ඔහුට පැවැසුවා. ඔවුන් වාහනයක්‌ ගෙන්වාගත් බව කිව්වා.

අංකල් මගේ කිසිම ප්‍රශ්නයක්‌ නෑ. කිසිම කෙනෙක්‌ එක්‌ක තරහක්‌ නෑ..." කියලා ඒ දරුවා කිව්වා. ඉන් පසුව තමයි මම මගේ දරුවා බලන්න කල්කුඩා පොලිසියට ආවේ. මම ඇමැතිවරයෙක්‌. පක්‍ෂයක ලේකම්වරයෙක්‌ වුණත් පැය අටක්‌ පොලිසියේ බංකුවක්‌ උඩට වෙලා හිටියා. ඒත් මෙවැනි අවස්‌ථාවක බලය ඇති සමහරු නම් කරන්නේ තමන්ගේ දරුවා බලහත්කාරයෙන් වාහනයේ දමාගෙන පොලිස්‌ නිලධාරීන්ටත් පරුෂ වචන කියලා එන එකයි. ඒත් මම කිසිම බලපෑමක්‌ කළේ නෑ. මම පොලිසියෙන් ආවේ පාන්දර දෙකට විතර.

අධිකරණයෙන් සාධාරණයක්‌ ඉටුවෙයි
- නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර

පාසිකුඩා වෙරළේදී සිද්ධවෙච්ච දේ ගැන මම ඉන්නෙ හරිම කනගාටුවෙන්. ඇමැතිතුමාගෙ පුතා ඇතුළු පිරිස මගේ ලේලිගෙ ඡායාරූප ගන්න ගිය වෙලාවෙ තමයි ඔය ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නෙ.

මේ සිද්ධිය වෙනකොට මම හිටියෙ මඩකලපුවෙ මගේ කාර්යාලයේ. මම පුතාව බලන්න එනකොට අතරමගදි එයාව හම්බවුණා. හෝටල් කාර්යමණ්‌ඩලය පුතාව රෝහලට අරගෙන යන වෙලාවෙ මට හම්බ වුණේ.

මම පුතාව අරගෙන මඩකලපුව රෝහලට ගියා. පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා සාධාරණ පරීක්‍ෂණයක්‌ කරන්න කියලා. අඩුම තරමින් මම මඩකලපුව පොලිසියටවත් ගියෙ නැහැ මේ පරීක්‍ෂණ කෙරෙන ආකාරය ගැන බලන්න.

මම හිතනවා මගේ පුතාට වෙච්ච අසාධාරණයට අධිකරණයෙන් සාධාරණයක්‌ ඉෂ්ටවෙයි කියලා.

පුතා පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක්‌ කරනවා. පුතයි එයාගෙ නෝනයි මීට මාසෙකට විතර උඩදි තමයි ඔය හෝටලයේ කාමරයක්‌ වෙන්කරගෙන තියෙන්නෙ. එයාගෙ ක්‍රෙඩිට්‌ කාඩ් එකෙන්මයි මුදල් ගෙවල තියෙන්aනෙ.

සමහරු නොයෙකුත් කතා කියනවා. ඒත් මේක තමයි ඇත්ත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මගේ පුතාව ගෙදර එක්‌කරගෙන ආවා. අපි බලාගෙන ඉන්නවා සාධාරණය ඉෂ්ට වෙනතුරු.

මම අසරණ වුණා
- අසේල වෛද්‍යාලංකාර

මමයි මගේ වයිෆුයි පාසිකුඩා ආවෙ දවස්‌ කීපයක්‌ නතරවෙලා විනෝදවෙන්න. මා එක්‌ක මගේ තවත් යාලුවෙකුයි එයාගෙ වයිෆුයි ඇවිත් හිටියා.

ඔය සිද්ධිය වෙච්ච දවසේ අපි බෝට්‌ටු සවාරියක්‌ ගියා. ඒ ගිහින් ඇවිත් ගොඩබැස්‌ස වෙලාවෙ කොල්ලො 15 ක්‌ විතර බීච් එකේ හිටියා. එතන හිටිය එක්‌කෙනෙක්‌ එයාගේ නාන ඇඳුම් පහත් කරගෙන මගේ වයිෆ්ට පේන්න අශෝභන විදිහට හැසිරුණා.

ඒ අතරේ ඒ අයගෙන් කෙනෙක්‌ මගේ වයිෆ්ගෙ පින්තූර ගන්න පටන් ගත්තා.

මම ඒ පුද්ගලයා ළඟට ගිහින් කිව්වා මචං මේ මගේ වයිෆ් එයාගෙ පිංතූර ගන්න එපා. ගත්ත පිංතූර ටික මකලා දාන්න කියලා.

ඒ වෙලාවෙ එයා කිව්වා උඹගෙ වයිෆ්ගෙ පිංතූර අපි ගත්තෙ නැහැ. උඹ යන අතක්‌ බලාගෙන පලයන් කියලා. මම දිගින් දිගටම කිව්වා පිංතූර ටික මකලා දන්න කියලා.

ඒත් එක්‌කම එතන හිටිය කෙනෙක්‌ මාව තල්ලු කළා. මම බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ එතන හිටිය අය මට හොඳටම ගහන්න පටන් ගත්තා.

මගේ වයිෆ් විලාප තියලා කෑගැහුවා. මම ඒ වෙලාවෙ ගොඩක්‌ අසරණවෙලා හිටියෙ. පාසිකුඩා වෙරළේ ආරක්‍ෂාවට හිටිය පොලිස්‌ නිලධාරීන් තුන්දෙනකුට මම මේ සිද්ධිය කිව්වා. ඒ අය දුවලා ඇවිත් මාව බේරගන්න උත්සාහ කළා. ඒත් අර පිරිස පොලිසියේ අයටත් පහර දුන්නා.

මගේ එක උරහිසක ශල්‍යකර්මයක්‌ කරලා තිබුණෙ. ඒ අත සම්පූර්ණයෙන් සනීපවෙලා තිබුණෙ නැහැ. මගේ ඒ අත ආයෙත් ආබාධිත තත්ත්වයට පත්වෙලා.

මේ පිරිස පහරදෙන වෙලාවෙ මම දැනගෙන හිටියෙ නැහැ ඇමැතිතුමාගෙ පුතා එතන ඉන්නෙ කියලා. පැය කීපයකට පස්‌සෙ තමයි මම ඒක දැනගත්තෙ.

පහර කෑමෙන් මගේ තොල පුපුරලා මුහුණෙ පැත්තක්‌ ඉදිමිලා තිබුණ. ඒ වෙලාවෙම හෝටල් කාර්ය මණ්‌ඩලය මාව රෝහල්ගත කළා.

නීතිය එක්‌ එක්‌ පුද්ගලයට වෙනස්‌
- පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක

පසුගිය දවස්‌වල බොහෝම කඩිමුඩියේ ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේදී නීතියක්‌ සම්මත කළා. ඕනෑම සැකකරුවකු පැය 48 ක්‌ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කළ හැකි නීතියක්‌ එසේ සම්මත කළා. එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්‍ෂ බොහෝම දැඩි ලෙස ඊට විරුද්ධ අදහස්‌ ප්‍රකාශ කළා. එම විරෝධතා නොසලකා හරිමින් පාර්ලිමේන්තු=වේ විකෘති බලය පාවිච්චි කරගෙන ආණ්‌ඩුව එම නීතිය සම්මත කරගත්තා.

ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ පුතෙක්‌ ඒ පළාතේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතාට පහර දී තිබෙනවා. එම පහරකෑමට ලක්‌ වූ තරුණයා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

එම සිද්ධියත් එක්‌ක මේ රටේ නීතිය එක්‌ එක්‌ පුද්ගලයාට වෙනස්‌ ආකාරයකට ක්‍රියාත්මක වන බව යළිත් ජනතාවට තහවුරු වෙමින් තිබෙනවා. පැය 48 නීතිය මගින් දේශපාලන මර්දනයකට සූදානම් වන බව අපි ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. පහර කෑමට ලක්‌වූ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පුතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී ඇමැති පුතා පොලිස්‌ ඇප මත එවලේම මුදා හැර තිබෙනවා. පැය 48 රඳවා ගැනීමේ නීතිය තිබෙන්නේ එක එක පුද්ගලයාට වෙන වෙනම ක්‍රියා කිරීමට ද යන ගැටලුව අද ඕනෑම පුරවැසියකුට ප්‍රශ්නයක්‌ හැටියට තිබෙනවා.

පහර කෑමට ලක්‌ වූ පුද්ගලයා රෝහල්ගත කොට සිටින නිසා පහරදුන් පුද්ගලයන් උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියා කළ යුතුව තිබුණා. නමුත් ස්‌වාධීන පොලිස්‌ කොමිසම නැති අඩුවත්, පොලිසිය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයත් මෙම සිද්ධියේදී මැනවින් රටට ප්‍රදර්ශනය කොට තිබෙනවා.

එක එක පුද්ගලයා දේශපාලන හයියෙන් නීතිය අතට අරගෙන ක්‍රියා කිරීම දැන් විලාසිතාවක්‌ වගෙයි. ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු සහ ඔවුන්ගේ දරුවන් එවැනි හැසිරීම්වල අඩුවක්‌ නැතිවම යෙදී සිටින බව දිනපතාම වාර්තා වෙනවා. ප්‍රාදේශීය මට්‌ටමේ සිට ඉහළ තැන් දක්‌වා ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු මෙවැනි දේ සිදු කරන කොට ඊට විරුද්ධව විනය පරීක්‍ෂණ සිදු කරන්න සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්වරයාගේ පුත්‍රයාගෙන් එවැනි දේවල් වාර්තා වීම බරපතළ ගැටලුවක්‌ ලෙස අපි දකිනවා.
Read Post | comments

සිගරට්‌ පැකට්‌ටුවට විපාක එයි

එක්‌තරා කාලයක්‌ මානව සංහතිය පීඩා විඳිමින් සිටියේ බෝවන රෝග හෙවත් වසංගත හේතුවෙනි. මැලේරියාව වැනි වසංගත හේතුවෙන් ගම්බිම් නගර සම්පූර්ණයෙන්ම පාහේ සොහොන් පිටි බවට පත් වූ කතා තිබේ. ඒ පිළිබඳ විමර්ශනාත්මකව හා පර්යේෂණාත්මකව සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බෝවන රෝගවලින් මානව ශිෂ්ටාචාරයට තිබූ තර්ජනය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ පහව ගොස්‌ව තිබේ. දැන් මේ ඒ තැනට සම්ප්‍රාප්තවී ඇත්තේ බෝ නොවන රෝගයන්ය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 68% ක්‌ සඳහා වගකිව යුත්තා වී තිබෙන්නේ මෙම බෝ නොවන රෝගයන්ය.

මානව සංහතියට දැන් තර්ජනයක්‌ වෙමින් තිබෙන බෝ නොවන රෝගයන් හිදි, පරිස්‌සම් සහගත වීමේ දැඩි අවශ්‍යතාවක්‌ මේ වන විට මතුවී තිබේ. දුම්වැටිය පිළිබඳ කතිකාව වැදගත් වන්නේ මෙතැනදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ 20,000 කට වගකිව යුත්තා වී ඇත්තේ දුම්කොළ නිෂ්පාදනයන්ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණවලින් 55 කම වගකීම භාරගත යුත්තේ දුම්කොළය. දුම්කොළ පරිභෝජනය, ශ්‍රී ලංකාව තුළදී ප්‍රධාන ආකාර තුනකට සිදු වේ. සිගරට්‌, බීඩි හා බුලත් සැපීමේදී යන එම ආකාර තුනෙනුත් ප්‍රධාන මාරක ස්‌ථානය වී ඇත්තේ සිගරට්‌ බීමය.

මෙම භයංකාර තත්ත්වය හමුවේ දුම්පානයෙන් සමාජය ඈත් කිරීම සඳහා වන ක්‍රියාකාරකම්වලට කාලයක්‌ පුරාවට ලෝකයා යොමු වී සිටියි. 2005 වසරේදී ශ්‍රී ලංකාව ඒ සඳහා වන නීති රීති සම්මත කරගත් අතර ඒ අනුව, වයස 21 ට අඩු පුද්ගලයන් සඳහා දුම්වැටි අලෙවියත්, ඔවුන් අතර ඒවා ප්‍රවර්ධනය කිරීමත් තහනම් කිරීම.

දුම්වැටි ප්‍රචාරණය, ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හා අනුග්‍රාහකත්ව තහනම් කිරීම.

වෙන්ඩින් යන්ත්‍ර හෙවත් ස්‌වයංක්‍රීයව ක්‍රියාකරන සිගරට්‌ මිල දී ගත හැකි යන්ත්‍ර තහනම් කිරීම.

සෞඛ්‍යාරක්‍ෂිත නිවේදන සඳහා දුම්වැටි නිෂ්පාදන සමාගම් ස්‌වේච්ඡාවෙන් යොමු කිරීම.

ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්බීම තහනම් කිරීම සිදුවිය.

මෙම ලිපියට නිමිත්ත සපයන්නේ ද මෙවැනි නෛතික රාමුවක්‌ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේ යොමුවීමත් ඊට එරෙහිව දුම්කොළ සමාගම් අධිකරණයේ පිහිට පැතීමත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද දුම්කොළ පාලනය සඳහා වන ජාත්‍යන්තර සම්මුතියට ලෝකයේ දෙවැනි රට හා ආසියාවේ පළමු රට ලෙස 2003 වසරේදී ශ්‍රී ලංකාව අත්සන් තබනු ලැබීය. එම සම්මුතික බැඳීම ගැන 2006 වසරේ සම්මත කරගෙන තිබෙන දුම්කොළ හා මද්‍යසාර පාලන පනත යටතේ දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කළේය. එම ගැසට්‌ නිවේදනයට අනුව 2013 මාර්තු මස සිට මුඛ පිළිකා දැක්‌වෙන රූප සටහන් දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත එම ඇසුරුමෙන් 80% ක්‌ ආවරණය වන පරිදි ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබිණි. ලෝකයේ රටවල් 03 ක්‌ මේ ආකාරයේ රූපමය අවවාද සිගරට්‌ පැකට්‌ටුව මච මුද්‍රණය කිරීම සඳහා නෛතික ලෙසම අනිවාර්ය කර තිබේ. සිගරට්‌ පැකැට්‌ටුවෙන් 82.5% ක්‌ සඳහා රූපමය අවවාද මුද්‍රණය ඕස්‌ටේ්‍රලියාව අනිවාර්ය කර ඇති අතර, එය සැලකෙන්නේ සිගරට්‌ පැකට්‌ටුව මත සලකුණු කර ඇති විශාලතම රූපමය අවවාදය ලෙසය. උරගුවේ 80% ක්‌ද, කැනඩාව 75% ක්‌ද ලෙස මෙය ක්‍රියාවට නගා තිබේ. අග්නිදිග ආසියානු කලාපයෙන් මැලේසියාව, බෲනයි, සිංගප්පූරුව හා තායිලන්තය රූපමය අවවාද සිගරට්‌ පැකැට්‌ටු මත සලකුණු කර තිබේ. තායිලන්තය සිගරට්‌ පැකට්‌ටුව මත සනිටුහන් කර ඇති රූපමය අවවාදයේ ප්‍රමාණය 55% ක්‌ වන අතර එය 85% දක්‌වා වැඩි කිරීමට පියවර ගන්නා බව තායිලන්ත සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. දැනට ලොව පුරා රටවල් හැටතුනක්‌ මෙවන් රූපමය අවවාද පළකර තිබේ.

මේ තරම් දුරට රූපමය අවවාදය වැදගත් බව ලෝකයා තේරුම් ගෙන තිබෙන්නේ, සිගරට්‌ටුව විසින් මානව සංහතියට කරමින් තිබෙන හානියේ වර්ග ඵලය හේතුවෙනි. රූපමය අවවාද සිගරට්‌ටුව මත මුද්‍රණය කළ පමණින් හානිය පූර්ණ නොවුනත් සිගරට්‌ටු විසින් සමාජයට කරමින් තිබෙන හානියට දමන බාධකයක්‌ ලෙස එහි වැදගත්කමක්‌ පවතී.

2013 මාර්තු මස සිට ශ්‍රී ලංකාව තුළ මෙය නෛතික ලෙස බල ගැන්වී තිබීමට එරෙහිව දුම්කොළ සමාගම විසින් අභියාචනාධිකරණයට ගොස්‌ මෙම කටයුත්තට එරෙහිව රිට්‌ ආඥවක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. රිට්‌ ආඥවක්‌ මේ සඳහා නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ අතර ඊළඟ නඩු වාරය 2013 දෙසැම්බර් මස දක්‌වා කල් දමන්නටද යෙදුනි. එම තීරණයට එරෙහිව ඊට ඉහළින් තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට දුම්කොළ සමාගම ගොස්‌ තිබේ. රූපමය අවවාද ඇතුළත් කිරීමට හේතු වූ කාරණා විස්‌තර කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයට අනුව රජය මෙවැනි තීරණයක්‌ ගැනීමට පදනම් වූ කරුණු කිහිපයක්‌ වේ. ලංකාවේ මුඛ පිළිකා නිසා අඩුම තරමින් දිනකට පුද්ගලයන් 02 ක්‌, වත් මරණයට පත්වේ. මුඛ පිළිකාවලට ලක්‌වන්නන්ගෙන් සියයට 70 ක පමණ පිරිසක්‌ ඊට ගොදුරු වන්නේ දුම්බීම නිසාය. එමෙන්ම දිනකට හෘදයාබාධවලින් මියයන ප්‍රමාණය 150 ඉක්‌මවයි. හෘදයාබාධවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක්‌ සෘජු හෝ වක්‍රව දුම් උරන්නෝ වෙති. ආඝාතයට ලක්‌ව දිනපතා පුද්ගලයන් 40-50 අතර ප්‍රමාණයක්‌ මරණයට පත්වන අතර, ඔවුන්ගෙන් බහුතරයක්‌ දුම් ඉරීමට ඇබ්බැහි වූවෝ වෙති. ග්‍රාමීය දිළිඳුභාවය සලකන කල්හී අප රටේ එම තත්ත්වය ඉහළ මට්‌ටමක පවතින්නේ උපයන මුදලින් වැඩි ප්‍රතිශතයක්‌ දුම්බීමට ඇබ්බැහිවීම නිසා ඊට වැය කිරීම නිසාය. එමෙන්ම ගැබිනි මව්වරුන් ගබ්සාවට ලක්‌වීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ඔවුන්ගේ සැමියන් දුම්ඉරීම නිසා ඒවා වක්‍රව ගර්භයට බලපා ඇති බැවිනි. දුම්කොළ අලෙවියෙන් ලැබෙන බදු මුදල්වලින් සුළු ප්‍රමාණයක්‌ ජාතික ආදායමට ලැබුණත් වාර්ෂිකව සෞඛ්‍යයට අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදනවලින් සියයට 22 ක්‌ම වැයකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව තිබෙන්නේ දුම්ඉරීම නිසා වැළඳෙන රෝගාබාධවලට ප්‍රතිකාර ලබාදීමට ය.

මේ සමබන්ධව අදහස්‌ පළකරන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා පවසන්නේ රජයක්‌ විදිහට තමන්ගේ බලාපොරොත්තුව බහුජාතික සමාගම්වල ලාභය උපරිම කිරීම නොව, මහජනතාවගේ සෞඛ්‍ය නංවාලීමට කටයුතු කිරීම බවයි. ඒ සඳහා කවරෙකු විරුද්ධ වුවත් රජය විදිහට අදාළ පියවරයන් ගන්නා බව ද ඇමැතිවරයා අවධාරණය කර සිටී, යනුවෙන් සඳහන් වේ.

සිගරට්‌ටුවෙන් නැග එන දුම් මාරයා සමාජයට කර තිබෙන හානිය සුළුපටු නැති බව මෙයින් පෙනේ. පැකැට්‌ටුවේ රූපමය අවවාද නිකුත් කළ පමණින්ම ප්‍රශ්නය නිමා වන්නේ නැත. බහුතර සිගරට්‌ උරන්නන් ඒවා මිලදී ගන්නේ, පැකැට්‌ටු වශයෙන් නොව එකක්‌ ලෙසය. සමහර විට දෙක තුනක්‌ ලෙසය. එවැනි පුද්ගලයන්ට මෙම අවවාදය ඇස ගැටෙන්නේ අවමයෙන් විය හැක. නමුත් සිගරට්‌ දුම කරමින් තිබෙන ව්‍යසනය ඉදිරියේ එය මට්‌ටු කිරීමට ගත හැකි සෑම පියවරක්‌ම ගත යුතුය. රජයේ මතට තිත සංකල්පය පලදායි කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ගත් මෙම පියවර වුවද සුළු පටු කටයුත්තක්‌ නොවන බව පෙනෙන්නේ 'මාරයාගේ නිමැවුම්කරුවන්' ඊට එරෙහිව නඟන හඬ අසන විටය.
Read Post | comments

ජව නැති දරු පරපුරට වගකියන්නේ කවුද ?

දරුවන්ට ක්‍රීඩාව අරුමයක්‌ නොවේ. දරුවෙකුට ක්‍රීඩාව අරුමයක්‌ වන්නේ නම්, නුහුරු අත්දැකීමක්‌ වන්නේ නම්, ඒ දරුවා බිහිව වැඩී ඇත්තේ දරුවෙක්‌ නොවැඩිය යුතු තරමේ ගර්හිත කාලකණ්‌ණි පරිසරයකය. දරුවෙකුගේ ජීවිතය එම දරුවාගෙන් උදුරාගත් සාහසික වටපිටාවකය. අපට අපේ නොදරුවන් ගැන යළිත් සිතන්නට බලකරනා බරපතළ කියෑවීමක්‌ පසුගිය සති කිහිපය තුළ අපේ දරුපැටව් අපට ජීවිතවලින් වන්දිගෙවා කියා දුන්හ.

පාසල් ක්‍රීඩා වාරය ඇරඹෙන්නේය. අත්දැකීම් ප්‍රකාරවම පාසල් දරුවෙකුගේ "වසරේ වසන්තය" මේ වකවානුවය. එහෙත් මේ පාසල් ක්‍රිඩා වාරය ඇරඹී ඇත්තේ මරණයේ භීතියද සමගිනි. ක්‍රීඩා ඉසව්වකට එක්‌වීම මාරකයක්‌ සේ සලකන මට්‌ටමට ඒ භීතිය සමහර නිශ්චිත ප්‍රදේශයන්හි පැතිරී තිබේ. නොදරුවෝ නිවාසන්තර මලල ක්‍රීඩාවලට එක්‌වෙති. ක්‍රීඩා කරති. අනතුරුව ක්‍රීඩා පිටිය මත මැරී වැටෙති. එක්‌ සිද්ධියක්‌ වී එහි උණුසුම මැකී යන්නටත් පෙර තවත් සිද්ධියක්‌ වාර්තා වේ. ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ අරණායක උස්‌සාපිටිය රිවිසඳ ජාතික පාසලෙනි. එම විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ධාවන ඉසව්වට සහභාගිවන 19 හැවිරිදි දියණියක්‌ පසුගිය 26 වැනිදා සිය මුලික වටයේ තරගවලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩාපිටිය මත ඇදවැටී මිය යන්නීය. රෝහලට ඇතුළත් කරනා විටත් මියගොස්‌ය. මීට මසකට ඉහතදීත් මේ ආකාරයෙන්ම දැරියක්‌ මිය ගියාය. දුර දිවීමේ තරගයකට සහභාගි වු කැළණිය සරසවියේ සිසුවෙක්‌ මීට මාස කීහිපකට පෙර මහපාරෙහි ඇදවැටී මියගොස්‌ තිබිණි.

මේ එකක්‌ වත් අනේ අපොයි කියා දුක හිතා සිතින් අමතක කළ හැකි ආකාරයේ මරණ නොවේ. නියත අනාගත ෙ€දවාචකයක ආරම්භය ප්‍රකාශයට පත්ව තිබෙනා බිහිසුණු ආකාරයය. මීට දශක කීපයකට ඉහතදී පාසල් ක්‍රීඩා පිටියේ මැරී වැටෙන දරුවන් ගැන මේ රට අසා තිබුණේ නැත. සෑම කාලයකම මෙවැනි සිදුවීම් වුවද ඒවා වාර්තා නොවූ බවට වන අදහස්‌ ද තිබේ. එහෙත් මේ අකල් මරණ පිළිබඳව සමාජය මීට ඉහතදී මෙතරම් කම්පනයට පත්වී තිබුණේ නැත. මේ මොහොත වන විට පාසලේදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට සහභාගි වන නොදරුවන්ව මුලික වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කිරීමටත් ක්‍රීඩා අමාත්‍යංශ සමග එක්‌ව ඒකාබද්ධ ජාතික වැඩපිළවෙළක්‌ දියත් කිරීමටත් රජයට සිදුවී තිබේ.

අප මේ කîකාව ගොඩනගන්නට උත්සාහ කරන්නේ දරුවෙක්‌ ක්‍රීඩා කිරීමට පිටියට ඇරලවන්නට බිය වන තැතිගත් සමාජයක සිටය. මේ සමාජයත් රෝගී සමාජයකි. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව අපේ රටේ ශ්‍රමිකයින්ගෙන් සියයට අසූවක්‌ බෝ නොවන රෝගවලින් පෙළෙන්නෝය. රෝහල් ගත වන අයගෙන් සියයට හැත්තෑවක්‌ බෝ නොවන රෝග නිසා රෝගී වූවෝය. දෛනිකව රෝහල්වල සිදුවන මරණවලින් සියයට හැත්තෑපහක්‌ බෝ නොවන රෝග නිසා සිදුවන්නේය. දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය, ඇදුම, පිළිකා වැනි මේ බෝ නොවන රෝගවලට මූලික හේතු අතර ප්‍රමුඛ වන්නේ නිසි ව්‍යායාම හා ආහාර පුරුදු නැතිකමය. ක්‍රීඩා කරන්නට ගොස්‌ පිටිය මැද ඇදවැටී මිය යන්නේ මේ සමාජයේ මිනිස්‌සුන්ගේ දරුවන්ය. අප සංස්‌කෘතියෙන් අපට උරුම වූ සෞඛ්‍ය සම්පන්න ජීවිතය අතහැර විලාසිතාවක්‌ ලෙස රෝග වැළඳගත් මිනිසුන්ය.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරියට අනුව දැනට අපේ රටේ දරු පරපුරේ සියයට දෙකක්‌ අධිපෝෂණයෙන් යුතුය. නාගරික පරිසරය තුළ මෙම ප්‍රතිශතය සියයට 10 සිට 14 තෙක්‌ දිවෙයි. මේ දරුවෝ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමකට ලක්‌ව සිටිති. දරුවෙකුටවත් නිසි ව්‍යායාමක්‌ ලැබෙන්නේ නැති, නිසි ආහාරයක්‌ ලැබෙන්නේ නැති මේ කාලකණ්‌ණි තරගයේ නියත ප්‍රතිඵල රටට එක්‌ අංශයකින් ප්‍රකාශ වන්නේ මෙසේය. මෙහි ඇති අතිශයින්ම ශෝකජනක කතාව හෙළිවන්නේ වෛද්‍ය පරීක්‌ෂණ ආයතනය කළ පරීක්‌ෂණයකදීය. අපේ රටේ වයස අවුරුදු 15 හා 18 අතර දරුවන්ගෙන් සියයට අසූනවයකට ඒ දරුවෙකුට දිනකට ලැබිය යුතු ව්‍යායාම ප්‍රමාණය ලැබෙන්නේ නැත. මේ මිනිසෙකුගේ ජීවිතයේ ජවසම්පන්නම කාල සීමාවය. මේ කාලසීමාවේ ව්‍යායාමයකට හුරු නොවන දරුවන්ට ව්‍යායාමය පිළිබඳ සංකල්පයම නුහුරුය. ඔවුන් ක්‍රිඩා පිටියක ඇද වැටී මිය යැම අපේක්‌ෂා කළ යුතුය. මේ රට බාරගන්නට සිටින්නේ දරාගැනීමේ ශක්‌තියක්‌ නැති මේ බෙලහීන අනාගත මිනිසුන්ය.

ප්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ සංකල්පය මොඩලයක්‌ සේ ප්‍රායෝගික කළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත සමන් ජයකොඩි මේ උද්ගතව ඇති තත්ත්වය සංවාදයට ලක්‌කරන්නේ මෙසේය. ක්‍රීඩාව සෙල්ලමක්‌ නොවේ. එය විනයක්‌ සහිත විද්‍යාවකි. ක්‍රීඩාවකට සූදානම් වීම සඳහා නිශ්චිත පුහුණුවක්‌ මෙන්ම කාලයක්‌ අවශ්‍යය. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායම අවශ්‍යය. ක්‍රිඩාවේදී වැදගත් වන හෘද වාහිනී පද්ධතිය හා ස්‌වසන පද්ධතිය ඒ සඳහා සූදානම් කිරීම මේ මූලික ප්‍රවේශය හරහා සිදුවන්නේය. එහෙත් බොහෝ විට ක්‍රිඩාව හුරු නොවූ දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නේ මේ මූලික ප්‍රවේශයද රහිතවය. දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ රෝග ඉතිහාසය පිළිබඳ යම් දැනුමක්‌ මව්පියන්ට සේම නුදුරු අතීතයේ දී පාසලක ගුරුවරුන් සතුවද තිබිණි. පෙළපොත ඉගැන්වීමෙන් එපිට අධ්‍යාපනයක්‌ සම්බන්ධ අදහසක්‌ නැති පාසල් සමාජය තුළ මේ අවබෝධය නැතිවීම අරුමයක්‌ වන්නේ නැත. එමෙන්ම පිට්‌ටනියට බැස සෙල්ලම් කිරීමට සූදානම් නැති දරුවෙකුගේ සංජානනීය රෝග ගැන අවබෝධයක්‌ කවදාවත් කාටවත් ඇතිවන්නේ නැත.

එමෙන්ම මේ මරණ සිදුවන්නේ රජයේ වෛද්‍යවරුන් විසි දහසකට වැඩි පිරිසක්‌ සිටින රටකය. හන්දියක්‌ හන්දියක්‌ ගානේ වෛද්‍යවරුන් බේත් කරමින් සිටිනා රටකය. අතිශය දියුණු වෛද්‍ය විද්‍යාත්මක ශිල්පීය ක්‍රම රහිතව වුවද අඩුම තරමින් මීටර් පන්දහස හෝ දස දහස තරග ඉසව්වලට සහභාගි වන දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ඔහුගේ සෞඛ්‍ය ඉතිහාසය අධ්‍යයනය කර තීන්දු කිරීමට වෛද්‍යවරයෙකුට හැකිය. එය නිසැකවම ප්‍රායෝගිකව කළයුතු ප්‍රවේශයක්‌ වන ආකාරය මේ වන විට රට අවබෝධ කරගෙන තිබේ.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ සහිත වෛද්‍ය චමින්ද රුවන් තුෂාර අද පාසල් ක්‍රිඩා තරගාවලි පවත්වන ආකාරයේ අවිද්‍යාත්මක අශාස්‌ත්‍රීය ස්‌වරූපයේ බිහිසුණුකම පිළිබඳ සංවාදයක්‌ උපදවයි. ඔහුට අනුව ක්‍රිඩාව අශාස්‌ත්‍රීය විගඩමක්‌ නොවේ. බොහෝවිට ක්‍රීඩාවේ විද්‍යාත්මක යථාර්ථය පාසල්වල ක්‍රීඩා භාර ගුරුවරුන්, ක්‍රීඩා උත්සව සංවිධානය කරනා සංවිධායකයන්, මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවන් ද හඳුනාගෙන නැත.

" ක්‍රීඩාවක්‌ සඳහා පූර්ව සූදානමක්‌ තිබිය යුතුයි. ක්‍රිඩාවට යොදවන දරුවන් ඒ ක්‍රීඩාව සඳහා ශාරීරිකව සූදානම්ද කියන එක මූලික වශයෙන්ම සොයාගත යුතුයි. සරල උදාහරණයක්‌ කියන්නම්. හැම ඉස්‌කෝලෙකම වාගේ ක්‍රිඩා උත්සවයකදි රෝඩ් රේස්‌ එකක්‌ තියනවා. මේක ඉතාම ඉහළ දරාගැනීමේ ශක්‌තියක්‌ සහිත ක්‍රීඩකයන් සඳහා සම්මත ක්‍රීඩාවක්‌. මේ තරග ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයෙක්‌ තමන්ගෙ ප්‍රධාන ආහාරය ගන්න ඕන එයට සහභාගි වන වෙලාවට පැය තුනකට කලින්. තරග ඉසව්වට කලින් විනාඩි 45ක්‌ පමණවත් ශරීර උත්තේජක ව්‍යායාම කළ යුතුයි. ක්‍රීඩාවේදී ශරීරයෙන් ඉවත් වන ලවණ ප්‍රමාණය නැවත ලබාදීමේ ක්‍රමවේදයක්‌ ක්‍රීඩා සංවිධානය තුළම තිබිය යුතුයි. ජලය ලබාදීමේ ක්‍රමවේදයක්‌ තිබිය යුතුයි. මේ සම්බන්ධව අද පුහුණුකරුවන් වැඩි දෙනෙක්‌ පවා දැනුවත් නෑ. ශරීර ස්‌කන්ධය අනුව පැය භාගයෙන් භාගයට ලබා දිය යුතු වතුර ප්‍රමාණ ගැන දන්නෙ නෑ. මේ දැනුවත්භාවය නැතිව දරුවෙක්‌ මෙවැනි තරගකාරී ක්‍රීඩාවකට යොමු කිරීම තුළම අවදානමක්‌ තිබෙනවා. යම් විදිහකින් මේ ලවණ ප්‍රමාණය හෝ ජලය ප්‍රමාණය ලබා ගැනීමේ විශාල වෙනසක්‌ වුනොත් දරුවෙකුගේ හෘද අකරණිය සිදු වී මරණය පවා ඇතිවිය හැකියි. උදේ පාන්දර හයට මහපාරට ඇදල දාල ඉතාම අනාරක්‌ෂිතව රෝඩ් රේස්‌ එකක්‌ දුවන්න පොළඹවන දරුවෙකුට කවදාවත් මේ කියන මූලික විද්‍යාත්මක සූදානම ලැබෙන්නෙ නෑ. මෙවැනි ක්‍රිඩා වලින් දරුවන්ටවත්, ඔවුන්ගේ ක්‍රීඩා අනාගතයටවත් ක්‍රීඩාවටවත් යහපතක්‌ වෙන්නේ නෑ. "

සමස්‌තය වැරදි කොනෙන් ගත්තා සේම අප ජාතියක්‌ ලෙස ක්‍රීඩාව අර්ථකථනය කරගෙන ඇත්තේත් වැරදියටය. අපේ දරුපැටව් ක්‍රීඩා පිටිවල මැරී වැටෙනතුරු අප මේ යථාර්ථය අවබෝධ කරගන්නට සූදානම් වූයේ නැත. දැන්වත් මේ ව්‍යසනය පිළිබඳ ස්‌වයං කථනයක්‌ අප සතුව තිබිය යුතුය.

අපේ නොදරුවන්ද අපේ අසීමාන්තික ජීවිත තරගයේ අරමුණු සහගත ගොදුරුය. ඒ ගොදුරුබිමේ බලවතා තරග කර ජයගනී. එහි අධ්‍යාපනයත් තරගයකි. අධ්‍යාපනය හා බැඳුණු ක්‍රිඩාවත් තරගයකි. තවදුරටත් මේ සමාජයේ දරුවෙකුට දරුවෙකුගේ කෙළි ලොල් ළමා කාලයක්‌ නොවේ. යන්තම් අවුරුදු හත වූ මොහොතේ සිට දරුවාව යොමු කරන්නේ ශාප ලත් ශිෂ්‍යත්ව කොඩිවිනය සඳහා සැකසෙන තරගයටය. නිසි පෝෂණයක්‌ රහිතව, ආදරබරය හැඟීමකින් තොරව, කෙළි සෙල්ලමක්‌ සඳහා වන අවකාශ අසුරා දමා අවසානයේ දරුවෙක්‌ ලෙස දරුවෙකුට හිමිවිය සියලු දේ අහිමි කර ඔහුව ඇද දමනා බිහිසුණු අධ්‍යාපන ව්‍යාපාරය අපට මහා බුද්ධිමත් සමාජයක්‌ නිර්මාණය කර දී නැත. සියලු දේ අධ්‍යාපන විෂය මාලාවකට කැපකිරීමෙන් අනතුරුව ක්‍රීඩාව පිළිබඳ සංකල්පයම ඉවත් කරගත්, ඒ සඳහා හුරුවක්‌ හෝ සූදානමක්‌ නැති සමාජයක්‌ සෞඛ්‍ය සම්පන්න සමාජයක්‌ වන්නේත් නැත. අප අබිමුව ඉන්නේ, ඇත්තේ රෝගී සමාජයකි. එහි ජීවත් වන විඩාපත් දරු පරපුරකි. ඔවුන් හුරු කරන ලද යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රියාවලියෙන් එපිට, යථාර්ථයේ සෞන්දර්යය ඔවුන් විසින් ස්‌පර්ශ කරන්නේ නැත. ඔරොත්තු දීමේ ශක්‌තියක්‌ නැති තරුණ පිරිසකි. ඔවුන් ජීවිතයේ ප්‍රායෝගික ගැඹුර අත් විඳින්නේ නැත.

දැන් අපට ඉතිරි වී ඇත්තේ බෙලහීන ජාතික්‌ පිළිබඳවන සංවේගාත්මක අනාගත සොහොන් ලකුණුය. අපේ සිහින දියකර හරින්නට සිදුවී ඇත්තේ ඒ අනාගතය තුළය.
Read Post | comments

ජාතික පොලිස්‌ කොමිසම කෝටි 2ක්‌ ගිල දමලා!

ජාතික පොලිස්‌ කොමිසම 2012 වසරේ පෙබරවාරි මස සිට මේ දක්‌වා පැමිණිලි සටහන්කර ගැනීම පමණක්‌ සිදුකර තිබෙන අතර ඒ සඳහා රුපියල් කෝටි දෙකක පමණ මුදලක්‌ වැයකර තිබේ.

කාර්යාල කුලිය සහ පොලිස්‌ කොමිසමේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් හා පොලිස්‌ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම සඳහා මෙම මුදල් වැයකර ඇත. කොල්ලුපිටිය රොටුණ්‌ඩා උද්‍යානයේ පවත්වාගෙන යන පොලිස්‌ කොමිසම් කාර්යාලයට මසකට රුපියල් අට ලක්‍ෂ හැට අට දහසක්‌ ගෙවිය යුතු අතර එහි සභාපති, ලේකම් ඇතුළු නිලධාරීන් නවයක්‌ (9) සහ පොලිස්‌ නිලධාරීහු හතළිස්‌ අට දෙනෙක්‌ සේවය කරති.

වසර තුනක පමණ කාලයක්‌ අක්‍රියව පැවැති පොලිස්‌ කොමිසම පසුගිය වසරේදී ස්‌ථාපිත කෙරිණි. පොලිස්‌ කොමිසම ආරම්භයේදී පොලිස්‌ නිලධාරීන් මාරුකිරීම, උසස්‌ කිරීම, වැඩ තහනම් කිරීම, විනය පරීක්‍ෂණවලට නිලධාරීන් කැඳවීම ඇතුළු බලතල රැසක්‌ පැවරී තිබුණද 2012 න් පසු ඒ බලතළ කිසිවක්‌ ලබා නොදීම නිසා මහජන පැමිණිල් භාරගැනීම පමණක්‌ සිදුකරන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම භාරගන්නා මහජන පැමිණිලි පොලිස්‌ මූලස්‌ථානයට වාර්තා කිරීම කොමිසමේ ක්‍රියාපටිපාටිය වන අතර ඒවාට අනුව ක්‍රියාත්මක වීම හෝ නොවීම පොලිස්‌පතිවරයාගේ අභිමතය මත සිදුකෙරේ. පොලිස්‌පතිවරයා එම පැමිණිලිවලට යම් ක්‍රියාමාර්ගයක්‌ නොගතහොත් එයට එරෙහිව කොමිසමට ගතහැකි නීතිමය බලයක්‌ නැතැයිද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මෙම කොමිසමේ සිටින ඇතැම් කනිෂ්ඨ පොලිස්‌ නිලධාරීන් යම් සේවාවක්‌ කළ හැකි ස්‌ථානයකට ස්‌ථාන මාරුවක්‌ ඉල්ලා සිටියත් එයට අනුමැතියක්‌ ලබා නොදෙන තත්ත්වයක්‌ පවතින බවද කියාසිටි එම ආරංචි මාර්ග පොලිස්‌ කොමිසම පළාත් හතක්‌ නියෝජනය කරමින් පත්කළ අධ්‍යක්‍ෂකවරුන්ගෙන් මේ වනවිට බස්‌නාහිර පළාත භාර අධ්‍යක්‍ෂවරයා ඉල්ලා අස්‌වී ඇතැයිද වැඩිදුරටත් එම ආරංචි මාර්ග කියා සිටී.
Read Post | comments

ඇමෙරිකාවට පක්ෂව රටවල් 30ක සහය

ලංකාව සම්බන්ධව ඇමෙරිකාව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලිය සඳහා මේ වන විට රටවල් 30ක පමණ සහය හිමි වීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් ඇතුළු රටවල් 30ක් පමණ මෙසේ ඇමෙරිකානු යෝජනාවට සෘජු ලෙසම පක්ෂව ඡන්දය ලබාදීමට සූදානමින් සිටින  බව වාර්තා වේ. ඉන්දියාව මතෛක් මෙම යෝජනා පිළිබඳ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, එරට කිරීමට නියමිත යෝජනාවලියේ අනවශ්‍යභාවය පිළිබඳව ද දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සැලසුම් කර ඇත. 

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා දැනට මානව හිමිකම් කවුන්සිල  සැසිවාරයට ශ්‍රී ලංකාවෙන් ගොස් සිටින නියෝජිත පිරිසද සහභාගි වීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
Read Post | comments

මහනුවර ලංගම බස් රථයක් කොල්ල කාලා

මහනුවර යටිනුවර ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රියක් ත්‍රිරෝද රථයකින් මඟ හරස්කර නවතා එහි කොන්දොස්තරට සහ රියැදුරුට පහර දී රු.22,500ක මුදලක් පැහැරගෙන ගිය අටදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.

පසුගියදා මහනුවර ගැටඹේදී ත්‍රිරෝද රිය මේ බස් රථයේ ගැටීම නිසා ඇතිවූ ආරවුලක් නිසා ත්‍රිරෝද රථයේ රියැදුරා මහනුවර දෙසට ධාවනය වෙමින් තිබු බස් රථය ලුහු බැඳ ගොස් මෙසේ පහර දී ඇත. ඒ අතර ත්‍රිරෝද රථ රියැදුරු සමඟ සිටි තව පිරිසක් මුදල් කොල්ලකා පලාගොස් ඇත.

සිද්ධියට අදාළ ත්‍රිරෝද රිය හා රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු 8 දෙනා කොටුකර ගැනීමට මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වලගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි ඇල්ලේපොළ විසින් කණ්ඩායමක් යොදවා ඇත.
Read Post | comments

මහනුවරින් මත්පැන් හල් ඉවතට

මහනුවර දළදා මාලිගාව හා සිව්දේවාල ආසන්නයේ නගරයේ ඇති මත්පැන් හල් නගරයෙන් ඉවත් කිරීමට නගර සභා රැස්වීමේ දී නාගරික මන්ත්‍රී ආනන්ද සරත් කුමාර (එජනිස) මහතා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මේ මත්පැන් හල් ඉවත් කළ යුතු බවට මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද ඉල්ලීම් කර ඇති නිසා නගරාධිපති ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගේ සහාය මත මේ යෝජනාව සම්මත වනු ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

මුදල් ගෙවා නැති ත්‍රිරෝද රථ නගරයෙන් ඉවත් කිරීමට ද ත්‍රිරෝද රථ නැවැත්වීම සඳහා විශේෂ ස්ථාන පමණක් සකසා දීමට ද පියවර ගෙන ඇත. නගරයේ පදික වේදිකාවල එළවලු, පලතුරු සහ වෙනත් භාණ්ඩ අලෙවි කරමින් ජනතාවට හිරිහැර වනසේ වෙළඳාමේ යෙදෙන අය එම ස්ථාවලින් ඉවත් කර ඔවුන් සඳහා නාගරික රථගාලේ උඩ වෙළඳ කුටි ඉදිකර ඉන් සුළු වාර්ෂික කුලියකට වෙළඳුන්ට ලබාදීමට ද කටයුතු කර ඇත.

නගරයේ තැන තැන ඇති ඉතා පරණ විශාල මාරගස් ජනතා ජීවිතවලට හානි කර නිසා ඒවා කපා ඉවත් කර ඒ වෙනුවට වඩා උස නොයන අලංකාර ගස් වර්ග රෝපණය කිරීමට නියමිතය.
Read Post | comments

විදෙස් රැකියා සිහින මවා නව ලක්ෂයක් වංචා කරලා

සයිප්‍රස් රටේ රැකියා ලබාදෙන බව පවසා තරුණයකුගෙන් රුපියල් නව ලක්ෂ විසි දහසක් වංචා සහගතව ලබාගත් සිද්ධියක අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සයිප්‍රස් රටේ රැකියාවක් කරන අලුත්ගම දර්ගා නගරයේ පදිංචි පුද්ගලයකු එහි රැකියාවක් ලබාදීම සඳහා ඔහුගේ බිරියගේ පියාගේ බැංකු ගිණුමට රුපියල් නව ලක්ෂ විසිදහසක් තැන්පත් කරන ලෙස දැන්වූවත් මෙතෙක් පොරොන්දුව ඉටු නොවීම නිසා තමාට එම මුදල් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා, අංක 83/4, වටද්දර පාර, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි බී. සී. නුවන් ලක්සිරි නැමැත්තා ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ල අනුව ගම්පහ කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මේ ගනුදෙනුවේ දී මුදල් තැන්පත් කළ ගිණුම හිමි පුද්ගලයා පොලිස් භාරයට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

නඩු විභාගයට ගත් අත්තනගල්ල මහේස්ත්‍රාත් චලනී පෙරේරා මහත්මිය, වරකට රුපියල් 60000 බැගින් මාස්පතා වාරික වශයෙන් ලබාගත් මුදල ගෙවා අවසන් කරන ලෙසට ද එතෙක් සෑම මසකම අවසාන ඉරුදින පොලිසියේ පෙනී සිටින ලෙසට ද නියෝග කර එකක් රුපියල් ලක්ෂ හත බැගින් වටිනා ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හරින ලදී.
Read Post | comments

හෝමාගම සමුපයේ ග්‍රාමීය බැංකු අංශයෙන් ලක්ෂ හාරසියයක ශුද්ධ ලාභයක්

හෝමාගම සමුපකාර සමිතිය පසුගිය වසරේදී ග්‍රාමීය බැංකු අංශයෙන් රුපියල් ලක්‍ෂ එක්දහස් හතළිහක ආදායමක් ලබා ඉන් රුපියල් ලක්‍ෂ හාරසිය විසිහයක ශුද්ධ ලාභයක් ලබාගත් බව සමිතියේ සාමාන්‍යාධිකාරිනි තිලකා කස්ත්‍රිආරච්චි මහත්මිය පැවැසුවාය. 

මෙම ලාභයට අමතරව සමිතිය රුපියල් ලක්‍ෂ පන්දහස් එකසිය හැටතුනක මුදලක් උකස් හා විවිධ ණය දීම සිදුකර ණය පොළිය වශයෙන් (2012) රුපියල් ලක්‍ෂ හත්සිය දාහතක මුදලක්් ලැබී ඇතැයි සාමාන්‍යාධිකාරිනිය පැවැසීය.

සමිතියට අයත් හෝමාගම (නගරය), කොට්ටාව, කොට්ටාව (උතුර), කොට්ටාව (විද්‍යාල හන්දිය), පොල්ගස්ඕවිට, මත්තේගොඩ, මීගොඩ, දාම්පේ, හබරකඩ, ආටිගල, ජල්තර, නැ/හොරගල, බ/හොරගල, රුක්මල්ගම, හිරිපිටිය, පිටිපන, කිරිවත්තුඩුව, කිරිවත්තුඩුව (විශේෂ ශාඛාව), කහතුඩුව, කහතුඩුව (නැඟෙනහිර), සිද්ධමුල්ල, නාවලමුල්ල, ලියන්වල, පාදුක්ක (පොරේගෙදර) හා වටරැක යන ප්‍රදේශවල ග්‍රාමීය බැංකු පිහිටුවා ඇති අතර මෙම බැංකු ජාලය වාණිජ බැංකු තත්ත්වයට පත්කර ගනුදෙනුකරුවන්ට ඒ. ටී. එම්. කාඩ්පත් මගින් මුදල් ගැනීමට පහසුකම් යෙදවීමට සැලැසුම් සකස් කර ඇතැයි කස්ත්‍රිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය.
Read Post | comments

උසාවි කටයුතුවලට බාධා කරලා ප්‍රාදේශීය සභාපති කූඩුවේ දමලා

ලග්ගල සංචාරක අධිකරණයේ පෙනී සිටීමට නියමව සිටි විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම නිසා අධිකරණ සිරමැදිරියට දමා චෝදනා ගොනු කරන ලෙස නාඋල මහහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය  (01) උදේ නියෝග කළාය. මේ අනුව අත්අඩංගුවට ගැනුන සභාපතිවරයා උසාවි සිර මැදිරියට දමනු ලැබීය. විල්ගමුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට ‍එරෙහිව පැවැති විරෝධතාවකට සම්බන්ධ පුද්ගලයන් 16 දෙනකුට නඩු පවරා තිබිණ. එම නඩුව  (01) කැඳවා තිබිණ. නඩු විභාගය සඳහා චූදිතයන්14 දෙනෙක් අද පෙනී සිටි අතර විල්ගමුව ප්‍රාදේශීය සභාපතිවරයාද එක් චූද්තයෙකි. 

 ඔහු සහ තවත් අයෙක් මෙදින නඩු විභාගය කැඳ වූ අවස්ථාවේ උසාවිය හමුවේ පෙනී සිටියේ නැත. නමුත් නඩු විභාගය ආරම්භ වීමෙල් පසු සභාපතිවරයා සෙසු චූදිතයන් අතරට පැමිණෙන අයුරු දුටු මහේස්ත්‍රාත්තුමිය ඔහුට විවෘත අධිකරණයේ දී දැඩි ලෙස අවවාද කළේය. අනතුරුව උසාවි කටයුතුවලට බාධා සිදුවන ආකාරයට හැසිරීම නිසා අත්අඩංගුවට ගෙන උසාවි සිර මැදිරියේ රඳවා ‘බී’වර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය. ඒ අනුව අද සවස තුනෙන් අවසන් වන උසාවි කටයුතුවලින් පසු ‘බී’වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. එතෙක් සභාපතිවරයාට උසාවි සිරමැදිරියේ පසුවන්නට සිදු වෙයි.
Read Post | comments

පක්ෂ නායකයකු එල්ලා මරා දමනවාට බංග්ලාදේශ ඉස්ලාමීයවාදීහූ කෝපයෙන්

බංග්ලාදේශ නිදහස් සටනේදි සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් සිය නායකයකු එල්ලා මරා දැමීමට සිදු කෙරුණු අධිකරණ නියෝගයෙන් කුපිත ඉස්ලාමියවාදීන් පෙරේදා ප්‍රචණ්ඩකාරී රැල්ලක නිරත වීමේදී 34 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ ඉස්ලාමියවාදින් අයත් ජමාට් ඉ ඉස්ලාමි පක්ෂයේ උප සභාපති ඩෙල්වර් හුසේන් සයිදි මිනිමැරීම් , ගිනිතැබිම් හා ස්ත්‍රී දූෂණ ඇතුළු යුද අපරාධ වලට වැරදිකරු බව ප්‍රකාශ කළ අධිකරණය ඔහු එල්ලා මරා දැමීමට නියෝග කර තිබේ. 

මේ නියෝගයෙන් කෝපයට පත් ඉස්ලාමිය වාදීන් පොලිසිය සමග ගැටී තිබුණු අතර එහිදි මිය ගිය සංඛ්‍යාවෙන් 23 දෙනකුටම වෙඩි වැදී තිබිණ. සයිදි යුද අපරාධ සම්බන්ධයෙන් එම පක්ෂයේ වරදකරුවන් බවට පත් තෙවැන්නාය .

‍දශක දෙකකට වැඩි කාලයකින් පසු දිස්ත්‍රික් 15 ක ඇතිවූ දරුණුම ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලදී මේ 34 දෙනාට ජීවිත අහිමිව තිබේ. ඉකුත් ජනවාරි 21 දා පළමු තීන්දුව නිකුත්විමේ පටන් ඇතිවු ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සියල්ලගෙන්ම මේ වනවිට 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පෙරේදා මියගිය පුද්ගලයන් අතර පොලීසියේ සිවු දෙනකුද වන අතර ඉන් දෙදෙනකුම මරා දමා තිබු‍ණේ පහර දීමෙනි. ගායි බන්දා පොලීසියට උද්ඝෝෂකයන් අත්බෝම්බ දමා ගසා තිබිණ. 10000 ක පමණ පිරිසක් පොලිසිය වට කළ බව පැවසී තිබේ. මේ උද්ඝෝෂණවලදී පොලිසිය ඇතළුව 300 ක් පමණ තුවාල ලත් බවද සඳහන්ය.

Read Post | comments

පාපන්දු අර්බුද සාකච්ඡා කිරීමට විධායක කමිටුවේ හදිසි රැස්වීමක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබද සාකච්ඡා කිරීමට සම්මේලනයේ හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා ඇත. පාපන්දු නිවහනේදී හෙට පැවැත්වීමට නියමිත මේ හදිසි විධායක කමිටු රැස්වීමට සියලු සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය කොට තිබේ.

පාපන්දු සම්මේලනයේ කළමනාකරණ කමිටුව අහෝසි කිරීම ඇතුලු කොන්දේසි ගණනාවක් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පනවා ඇති හෙයින් ඒ පිළිබඳව විධායක කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම හා අවසන් තීන්දු ගැනීම මේ රැස්වීම කැඳවීමේ බලාපොරොත්තුව වේ.

කොන්දේසි සහිතව පාපන්දු පරිපාලනය විධිමත් කිරීමට කටයුතු කර තිබියදී විධායක සභාවේ හැසිරීම හා ගන්නාවූ සියලු තීරණ දෙස ක්‍රීඩා අමාත්‍යාංශය විමසිල්ලෙන් සිටින බව එහි ප්‍රකාශකයෙකු ‘දිනමිණ’ ට පැවැසීය. එය වඩාත් සාර්ථක කරගැනීම උදෙසා පාපන්දු සම්මේලනයේ තොරතුරු දිනපතා වාර්තා කිරීමට නිළධාරීන් දෙදෙනෙකු පත් කොට අතැයිද දැනගන්නට තිබේ. 

ක්‍රීඩා අමාත්‍යාංශය පැනවූ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට මාර්තු 7දා දක්වා කාලය ලබා දී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන ආකාරය එදිනට පෙර අමාත්‍යාංශයට ලිඛිතව ලබා දෙන ලෙස පාපන්දු සම්මේලනයට නියෝග කොට තිබුණි. එම ලිඛිත ප්‍රතිචාර ලැබෙන තුරු පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට අවසර නොදෙන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.

කොන්දේසි ඉටු කළ පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ නිළධාරියෙකු යටතේ පාපන්දු නිළවරණය පැවැත්වීමට බාධාවක් නොමැති බවද සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කොන්දේසි අඩංගු ලිපිය ලැබුණු බවත් එයට පිළිතුරු අද දිනයේ (2) සකස් කරන බවත්ය. 

“මා මේ දිනවල ඉන්නේ අම්පාරේ. ලිපියේ සදහන් කරුණු දුරකතනයෙන් මා දැනගත්තා. එයට පිළිතුරු සපයා ඉක්මණින් ඇමැතිතුමාට දෙනවා”වීරසේකර මහතා පැවැසීය. පාපන්දු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වසර ගණනාවක් ක්‍රියාත්මක වු කළමනාකරණ කමිටුව අහෝසි කොට එහි සියලු වත්කම් හා බලය පාපන්දු සම්මේලනයේ විධායක සභාවට පැවරිය යුතු බවට කොන්දේසියක් ඇමැතිවරයා විසින් පැනවීය.

ඉදිරියේදී පැවැත්වෙන පාපන්දු නිලවරණයේදී ක්‍රියාකාරී නොවන පාපන්දු ලීගවලට ඇති ඡන්ද, ලේඛනයෙන් කපා දැමිය යුතු වේ. එලෙස කපා දමන පාපන්දු ලීගවල නාමලේඛනයක් ක්‍රීඩා ඇමැතිවරයාට එවන ලෙස දැනුම්දීම් කර ඇත. ඒ අනුව ක්‍රියාකාරී නැති පාපන්දු ලීග් කිහිපයක් කපා දැමීමට ලේඛනයක් සූදානම් කරන පාපන්දු සම්මේලනය තවත් කපා දැමිය යුතු සංගම් ඇත්නම් ඒවා ඇමැතිවරයාගෙන් විමසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

එමෙන්ම පාපන්දු ක්‍රීඩාවේ කඩා වැටීමට හේතු හා පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ තුන් අවුරුදු සැලැස්මක්ද ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා කර ඇති දැනුම්දීම අනුව, සැලැස්ම සකස් කිරීම අලුතින් පත්වෙන පාපන්දු නිළධාරීන්ට පැවැරීමට සූදානම් වන බවද වාර්තා වේ.

පාපන්දු සම්මේලනයට කොන්දේසි පැනැවීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකා පාපන්දු පිලේ දරුණු කඩා වැටීම බව පෙන්වා දෙන විධායක නිළධාරියෙකු පැවැසූවේ ඉදිරියේදී වෙනස්කම් ඇති කොට පාපන්දු පිල ජයග්‍රහණයට යොමු නොකළහොත් මෙයට වඩා බරපතල ප්‍රශ්න ඇතිවිය හැකි බවයි. ඇමැතිවරයා විසින් පාපන්දු අතුරු කමිටුවක් නම් කිරීමට පෙර සම්මේලනයේ විධායක කමිටුව බුද්ධිමත්ව තීරණ ගැනීම වැදගත් බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය. හෙට දින පැවැත්වෙන රැස්වීමේදී මේ පිළබදව කරුණු සමාලෝචනය කළ යුතු බව ඔහුගේ අදහස විය.
Read Post | comments

හලාල් සහතිකය රජයෙන් බෑ

හලාල් සහතිකය ලබාදීමේ වගකීම රජයට බාර ගැනීමට හැකියාවක් නොමැති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. ආගමික වශයෙන් ක්‍රියාත්මක වන දේ බාර ගැනීමට රජයට අදහසක් ‍නැති බවද ඒ මහතා කීවේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.a
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all