පස්යාල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඖෂධ නිෂ්පාදන ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස සේවය
කරමින් සිටි පුද්ගලයකු වරින්වර ආයතනයෙන් අලෙවිය සඳහා ලබාගත් රුපියල්
පහළොස් ලක්ෂ අසූහය දහස් තුන්සිය දොළහක අගරු චෙක්පතක් ලබාදී ඔහු මේ ආයතනයේ
සේවය ලබා ගැනීමේදී සුදුසුකමක් වශයෙන් ඉදිරිපත් කළ රුපියල් ලක්ෂ දහයක බැංකු
ඇපකරයද ආපසු ලබාගෙන සැඟවී සිටියදී ගම්පහ මුලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ
විමර්ශන අංශය විසින් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇත.
පස්යාල වෙන්ඩෝල් සමාගමේ පාලන අධිකාරිය මේ පැමිණිල්ල ගම්පහ මූලස්ථාන පොලිසියේ
විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස
සේනානායක මහතා වෙත ඉදිරිපත් කර තිබුණි. සැකකරු ආයතනයේ හිඟුරක්ගොඩ අලෙවි
නියෝජිතයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු අලෙවිය සඳහා ආයතනයෙන් වරින්වර ලබාගත්
ඖෂධ වෙනුවෙන් අයවිය යුතු හිඟ මුදල් සඳහා අගරු චෙක්පත් ලබාදී තිබේ.
අනතුරුව සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්
කිරීමෙන් පසුව අත්තනගල්ල මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය සැකකරුට රුපියල්
50000ක මුදල් දඩයකට අමතරව රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් මත
මුදාහැරියේය.
0 comments:
Post a Comment