ක්‍රීඩාවක් කිරීමට නොහැකි මට්‌ටමේ ශාරීරික හෝ මානසික ආබාධ ඇති
සිසුන් හැර සියලුම පාසල් සිසුන්ට මේ වසරේ සිට කිසියම් හෝ
ක්‍රීඩාවක් කිරීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව සෑම පාසල් සිසුවකුටම ශාරීරික ප්‍රගති වාර්තා පොතක් නිකුත් කිරීමටත් ඔහුගේ හෝ ඇයගේ ශාරීරික යෝග්‍යතාව වර්ෂයකට වරක් ඇගයීමට ලක්‌කිරීමටත් තීරණය කර ඇත. කායික හා මානසික සමබරතාවයෙන් යුතු නිරෝගී පරපුරක් බිහිකිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති අතර මීට අදාළව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක යන මහත්වරුන් ඒකාබද්ධව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා (28 වැනිදා) අනුමැතිය ලබා දී ඇත.
එමෙන්ම සියලුම වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතනවල දරුවන්ට කිසියම් ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු වන අතර රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල දරුවන්ට ද විවිධ ක්‍රීඩා පහසුකම් ලබාදීම අනිවාර්ය වේ.
වයස අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් තරගකාරී ක්‍රීඩා සඳහා යොමු නොකිරීමටත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව 6 ශ්‍රේණියේදී සියලුම දරුවන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජන කර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව සුදුසු ක්‍රීඩාවකට යොමුකළ යුතු වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ වෙසෙන දරුවන්ගෙන් ක්‍රීඩා කටයුතුවල නිරත වනුයේ සියයට 05 ක් පමණය. ඒ තත්ත්වය ඉහළ දැමීමත් සමබර පෞරුෂයෙන් යුතු පුරවැසියන් බිහිකිරීමත් වැඩසටහනේ ඉලක්‌ක වී ඇත.

0 comments:
Post a Comment