භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ
සිද්ධියේ 11 වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඔහුගේ
අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණය වෙත
(06) ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.
දුමින්ද සිල්වා මහතාගේ පියා වන විින්සන්ට් ප්‍රේමලාල් සිල්වා මහතා විසින් නීතිඥ
කල්ප පෙරේරා මහතා මගින් අධිකරණය වෙත මේ ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබුණි.
බන්ධනාගාරය බාරයේ දැනට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද
සිල්වා මහතා දීර්ඝ කාලීනව බන්ධනාගාරගත කිරීමකට ලක් වුවහොත් ඔහුගේ සෞඛ්‍ය
තත්ත්වය පිරිහී මෙතෙක් කල් ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර මඟින් අත්කරගත් යහපත්
තත්ත්වය පිරිහී ඔහුගේ ජීවිතයට පවා හානිදායී තත්ත්වයක් ඇතිවිය හැකි බවට වෛද්‍ය
උපදෙස් ලැබී ඇති බව මේ ඇප අයදුම්පත මඟින් අධිකරණයට කරුණු දන්වා ඇත.
වෙඩි වැදීමෙන් 11 වන සැකකරු වන දුමින්ද සිල්වා මහතාගේ හිස් කබලේ දකුණු පැත්තේ
විශාල කොටසක් වෙඩි උණ්ඩ පිටවීම නිසා ඉවත්ව ගොස් තිබූ බවත් ලංකාව තුළ සාර්ථකව
ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වය තුළ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා විදේශගත කැර
ශල්‍යමය හා ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍යකර්මවලට භාජනය කිරීමට සිදු වූ බවත්
ඇප අයදුම් පෙත්සමේ සඳහන් වෙයි.
තවද සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසරක පමණ කලක් නේවාසිකව ප්‍රතිකාර
ලැබූ 11 වන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් නොවීම හේතුවෙන්
දිගින් දිගට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බවත් වෙඩි වැදීම හේතුවෙන්
ඔහුගේ හිස් කබලේ 40 cm ප්‍රමාණයක කොටසක් අහිමිවී ඇති බවත් එක් උණ්ඩයක් හා උණ්ඩ
කැබලි කිහිපයක් ඔහුගේ මොළය තුළ තවමත් පවතින බවත් මේ හේතුවෙන් කිසිවිටක ඔහු
ශාරීරික හෝ මානසික ආතතියකට පීඩනයකට ලක් නොවිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී
ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
දුමින්ද සිල්වා මහතාට ප්‍රතිකාර සිදු කළ ජාත්‍යන්තර ස්නායු ශල්‍ය වෛද්‍ය
ආයතනයට අනුබද්ධ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය කීත් ගෝ මහතා විසින් නිකුත් කරන ලද
වෛද්‍ය වාර්තාද මෙම ඇප අයදුම් පෙත්සම සමඟ ලකුණු කොට අධිකරණයට ඉදිරිපත් කර
ඇත.
සැකකරුගේ මේ රෝගී තත්ත්වය මත ඔහු දිගින් දිගටම රෝහල්ගතව හා විෂබීජ වලින් තොර
පරිසරයක් තුළ ජීවත්විය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයිද ඇප අයදුම්
පෙත්සමෙන් පවසා සිටියි.
මේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු රහස් පොලිසිය විසින් අවසන් කර ඇති බවත්
සැකකරු වෙඩි වැදී සිහිසුන්ව බිම වැටී සිටි බැවින් ඔහු කිසිම අයුරකින් අයුතු
ජනරාශියක සාමාජිකයෙක් නොවන බවත් නගා ඇති චෝදනා වලට මෙම සැකකරු නිර්දෝෂී
පුද්ගලයෙකු බවත් ඇප අයදුම් පෙත්සමෙන් අධිකරණයට අවධාරණය කර ඇත.
0 comments:
Post a Comment