ඉන්දියාවේ තමිල්නාඩුවේ මදුරෙයිහි පිහිටි මිහින් ලංකා ගුවන්
සේවා කාර්යාලයට (6 වැනිදා) උදැසන කඩා වැදුණු එල්ටීටීඊ
හිතවාදීන් පිරිසක් එහි දේපළවලට බරපතළ හානි සිදුකර ඇතැයි
වාර්තාවේ. කොටි ලාංඡන සහිත කළු පැහැති ටී ෂර්ට් ඇඳගත්
ආයුධ සන්නද්ධ පුද්ගලයන් 6 දෙනකු මදුරෙයි මිහින් ලංකා
කාර්යාලයට කඩා වැදී ඇති බවත් එහි උඩු මහලේ තිබූ පරිගණක 4
ක් සහ දුරකථන කිහිපයක් කඩා දැමීමෙන් අනතුරුව ගොඩනැඟිල්ලේ
වීදුරු ද කඩා බිඳ දමා ඇතැයි මිහින් ලංකා ගුවන් සේවයේ ශ්‍රී
ලංකා කාර්යාලයේ ප්‍රධානියෙක් පැවැසීය.
කාර්යාලයේ විදුලි සැපයුම් පද්ධතියට ද මෙම පිරිස බරපතළ ලෙස හානි සිදුකර තිබෙන බව එම ප්‍රකාශකයා පැවැසීය.
මිහින් ලංකා ගොඩනැඟිල්ල ඉදිරිපිට කොටි හිතවාදීන් තිහකට ආසන්න පිරිසක් කෑ ගසමින් සිට ඇතැයි හෙතෙම පැවැසීය.
මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිවෙකුට හානි සිදුවී නැති නමුත් දේපළවලට සිදුව ඇති පාඩුව රුපියල් ලක්‍ෂ 25 ඉක්‌මවා ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධියට සම්බන්ධ යෑයි සැකපිට පුද්ගලයන් 30 දෙනෙකු ඊයේ සවස මදුරෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ මදුරෙයි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

0 comments:
Post a Comment