ජාත්‍යන්තර
යුද අපරාධ නීතිය මෙරට ක්‍රියාත්මක කිරීම එවකට අගමැති ලෙස
තමන් ප්‍රතික්‍ෂේප කළද වත්මන් ආණ්‌ඩුව එවැනි ස්‌ථාවරයක
නොසිට මෙරට මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සුරකින බවට
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත් සමඟ අත්සන් කරන ලද එකඟතා
ලියවිල්ල නිසා ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී
අසීරුතාවට පත්ව ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල්
වික්‍රමසිංහ මහතා (06දා) පැවැසීය.
එවැනි එකඟතා ලියවිල්ලකට අත්සන් කොට රට එවැනි තත්aත්වයකට පත් කළේ කුමක් නිසාද යන්න පිළිබඳව ආණ්‌ඩුව ප්‍රකාශයක් කළ යුතු බවත් මින් ගැලවීම සඳහා ගතයුතු විකල්ප පිළිබඳව ආණ්‌ඩුව කිවයුතු බවත් විපක්‍ෂ නායකවරයා කීය.
සිරිකොත එජාප මූලස්‌ථානයේදී පක්‍ෂ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජිනීවාහිදී රට අසීරුතාවට පත්වී තිබීමේ වැරැද්ද ආණ්‌ඩුව විසින්ම නිර්මාණය කර ගත් දෙයක් බවද සඳහන් කළේය.
මේ ලියවිල්ලට අත්සන් තැබීම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු කාරණා සෙවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට බලය ලබාදී ඇත්තේ ආණ්‌ඩුවම බවද විපක්‍ෂ නායකවරයා කීය.
මෙම තත්ත්වයෙන් රට දඬුවම් ලබන තත්ත්වයකට පත් නොකොට රට ගලවාගත යුත්තේ කෙලෙසකදැයි යන්න පිළිබඳව ආණ්‌ඩුව වහාම කිවයුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

0 comments:
Post a Comment