ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී තමන් සතු සුවිසල් නිවෙස විකුණා දැමීමට තීරණය
කරලා. හොලිවුඩ්පුරයේ පිහිටි මේ මන්දිරය මිල කර ඇත්තේ ඩොලර් මිලියන 4.6 කටයි.
1955 දීයි මේ නිවස ඉදිකර තිබෙන්නේ. වසර 58 ක් පමණ පැරණි වුව ද මෙහි නවීනතම
අංගෝපාංගයන් ඇතුළත් වී තිබෙනවා. වර්ග අඩි 4093 ක වපසරියක ඉදිකර ඇති මේ මන්දිරයට
යාබදව පිහිනුම් තටාකයක් ද තිබෙනවා. නවීන තාක්ෂණය මුසුවූ සිනමා ශාලාවක් ද මැතිව් ගේ
මේ නිවෙසෙහි ස්ථාපිත කර තිබෙනවා.
මේ වනවිට 43 වැනි වියෙහි පසුවන මැතිව් පෙරී වඩාත් ජනප්‍රිය වුණේ ‘90 දශකයේ දී ලොව
පුරා රටවල් රැසක විකාශය වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’ නම් වූ ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ
රඟපෑමෙන්. (මේ ටෙලිනාට්‍ය මාලාව එම කාලයේදීම ජාතික රූපවාහිනියෙන් ද විකාශය වුණා.)
0 comments:
Post a Comment