බේරුවල මොරගල්ල බුද්ධසිරි විහාරස්ථානයට ඇතුළු වූ සොර කල්ලියක් විහාරස්ථානය සතුව තිබූ ලක්ෂ 25ක් පමණ වටිනා දේපළ පැහැරගෙන ගොස් තිබේ.මෝටර් රථයක්,ලැප්ටොප් පරිගනක 2ක්, කැමරාවක් ජංගම දුරකතන,මුදලින් ලක්ෂ එකහමාරක් ඇතුලු දේපල රැසක් ඒ අතර වන බව පැවසේ.
එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මොරගල්ලේ අරියවිමල හිමියන් පවසන්නේ තමන් වහන්සේ පිරිවෙන් ගොස් සිටියදී මේ සොරකම වී ඇති බවයි . මීට පෙරද එවැනි සොරකමක් සිදුවී ඇති බව පවසන උන්වහන්සේ එවර ඊට සම්බන්ධ වූයේ විහාරයේ හේවිසි ගැසූ පුද්ගලයා බව පැවසීය .
0 comments:
Post a Comment