කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් ඇතුළු විවිධ පණිවුඩ ඔස්සේ පුද්ගලයන් රවටා
සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දහසකට වැඩි ප්‍රමාණයක් රට පුරා
පොලිසිවලට මෙන්ම පොලිස් මූලස්ථානයට වාරතා වී ඇත. විවිධ ලොතරැයි දිනුම් ඇදීම්
වලින් ත්‍යාග ලබා ඇති බව පවසා එය ලබාදීමට පෙර මුදලක් තැන්පත් කරන ලෙස
දැනුම්දීම, රැකියා අවස්ථා, රඟපෑම් ඇතුළු විවිධ කලා කටයුතු වලට සම්බන්ධ කර ගැනීම,
දේව ආරූඪ ප්‍රතිකාර ඇතුළු බොහෝ වංචනික ක්‍රියාවලින් පුද්ගලයන් රවටා ගැනීමේ
සිදුවීම් විශාල වශයෙන් මෙසේ වාර්තා වී තිබේ.
මොවුන්ගේ මේ ජාවාරම්වලට හසුවී
බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කර එම ජාවාරම්වලට මේ වන විට සිය ගණනක්
පුද්ගලයන් හසු වී තිබේ. තවද චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල රඟපෑමට
අවස්ථාවන් ඇති බවටත් නර්තන කණ්ඩායම්වල නර්තනයේ යෙදවීම, රැකියා අවස්ථා දෙන
බවට සිදු කෙරෙන මාධ්‍ය දැන්වීම් හරහා තරුණ ගැහැනු ළමයින් රවටා ඔවුන් විවිධ
අපචාරවලට යොදවා ගැනීම මෙන්ම විවිධ ආකාරයෙන් වීඩියෝ පට සකස් කර අලෙවි කිරීමේ
යෙදීසිටින ජාවාරම්කරුවන් රැසක් පිළිබඳ පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මෙවැනි ජාවාරම්කරුවෝ අන්තර්ජාලය හරහා ද මේ ජාවාරම කරගෙන යති. මේ
ජාවාරම්කරුවන් යොදා ගන්නා ජංගම දුරකථන අංකද දිනෙන් දින වෙනස් වෙයි. මේ
වංචනික ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් රට පුරා
මෙහෙයුම් සිදු කරයි. 119 දුරකථන අංකය හරහා දන්නා තොරතුරු ඉදිරිපත් කර මේ
ජාවාරම්කාර වංචනිකයන් කොටු කර ගැනීමට සහාය වෙන්නැයි පොලිසිය
මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
0 comments:
Post a Comment