වෙනිසියුලානු
ජනපති හියුගෝ චාවේස්‌ගේ අභාවයෙන් පසු එරට රජය දින හතක ශෝක
කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. 58 හැවිරිදි වෙනිසියුලානු
නායකයා (අඟහරුවාදා) මරණයට පත් වූයේ පුරා වසර 2 ක්
තිස්‌සේ පිළිකා රෝගයෙන් පීඩා විඳීමෙන් අනතුරුවය.
වසර 14 ක් වෙනිසියුලාව පාලනය කළ චාවේස් මුලින්ම ජනපති පදවියට පත් වූයේ 1998 දෙසැම්බර් 06 වැනිදා ය.
2002 වසරේදී චාවේස්‌ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු වුවද එය මැඬපවත්වා බලය රැක ගැනීමට හෙතෙම සමත් විය.
වයස 44 දී එරට ජනාධිපති පදවියට පත් වූ හෙතෙම එම ධුරයට පත් වූ ලාබාලම පුද්ගලයායි.
තමාට පිළිකාවක් වැළඳී ඇති බව චාවේස් වෙනිසියුලානු ජනතාවට දැනුම් දුන්නේ 2011 දී ය. මව්බිමට විරුද්ධ පිරිස් තමාට වස දී ඇති බව චාවේස් ප්‍රකාශ කර සිටියේය. කෙසේ නමුත් ඇමරිකාව මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කර සිටියේ මෙය විහිළු කථාවක් බව පවසමිනි.
චාවෙස් ජනපතිගේ අභාවය දැන ගැනීමෙන් පසු එරට අගනුවරට එක් වූ වැසියෝ හඬා වැටෙන්නට වූහ. 39 හැවිරිදි යමිලියා බැරිගොස් ප්‍රකාශ කළේ තමාට මේ ශෝකය දරාගත නොහැකි බවයි.
හියුගෝ චාවේස්‌ගේ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතය.
එමෙන්ම නව ජනාධිපති තේරීමේ ඡන්දය දින 30 කින් සිදු කරන බව එරට රජය දැනුම් දුන්නේය.
දෙවතාවක් විවාහ වූ චාවේස් සිව්දරු පියෙකි.

0 comments:
Post a Comment