එල්.ටී.ටී.ඊ.ය විසින් යුද සමයේදී අතුරුදන් කළ ආරක්‍ෂක
හමුදා සාමාජිකයන් සහ උතුරේ හා දකුණේ සිංහල, දෙමළ සාමාන්‍ය
වැසියන් ඇතුළු 5000 ක පමණ පිරිස සොයා දෙන ලෙස අභියෝග
කරමින් එම අතුරුදන් වූවන්ගේ ඥතීන් විසින් (06 දා)
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත සංදේශයක් භාර දෙන ලදී.
මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවට අයත් 3000 ක පමණ පිරිසක් නෙළුම් පොකුණ රඟහල අසල සිට එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත සාමකාමී විරෝධතා පා ගමනකින් ගොස් මෙම සංදේශය භාරදුන්හ.
එල්. ටී. ටී. ඊ. ය විසින් අතුරුදන් කරවූවන්ගේ නාමලේඛනයක්‌ද මෙම සංදේශය සමග ඉදිරිපත් කරමින් තම ඥතීන්ට අත්වූ ඉරණම සොයාදී තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස එම සංදේශය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඒකපාර්ශ්වීය ලෙස එල්. ටී. ටී. ඊ. යට පක්‍ෂග්‍රාහීව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදාවලට පමණක් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කිරීම අසාධාරණ බවත්, එල්. ටී. ටී. ඊ. ය සිදු කළ මිනිස් ඝාතන සහ අතුරුදන් කරවීම් සලකා හැකිනම් එල්. ටී. ටී. ඊ.ය ටද මානව හිමිකම් උල්ලංඝන චෝදනා එල්ල කරන ලෙස අභියෝග කරමින් යුද්ධයේදී මියගිය හා අතුරුදන් වූවන්ගේ ඥතීහු එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය අසල උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වූහ.
මෙම එකමුතුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අප මෙහිදී කරුණු දක්‌වන්නේ අපගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සම්බන්ධයෙනි.
අපගේ පවුල්වල මියගිය. අතුරුදන් හා පැහැර ගැනීමට ලක්‌වූ සාමාජිකයන් ගැන එල්. ටී. ටී. ඊ. සංවිධානය සහ ඔවුන්ට හිතවත් ටී. එන්. ඒ. සංවිධානය වගකිව යුතු බව අපගේ විශ්වාසයයි.
මෙම සාමාජිකයන් අතරම හමුදාවල සේවය කළ අය මෙන්ම එල්. ටී. ටී. ඊ. ය විසින් බලෙන් බඳවා ගත් දරුවෝ සහ සාමාන්‍ය ජනතාව වෙති. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් අප පවුල්වල සැමටම මේ දක්‌වා අපේ සාමාජිකයන්ට අත්වූ ඉරණම පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකිවී ඇත.
එල්. ටී. ටී. ඊ. ය දැනට ක්‍රියාකාරී සංවිධානයක් නොවුණ ද, මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ එල්. ටී. ටී. ඊ. යට සමීපතම සංවිධානය වන ටී. එන්. ඒ. සංවිධානය වගකිව යුතුය. ඔවුන් තවමත් ක්‍රියාකාරීව සිටින සංවිධානයකි. සත්‍ය වශයෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන හස්‌තය වී ඇත්තේ ටී. එන්. ඒ. සංවිධානයයි. එම නිසා උ/ නැ අතුරුදන් වු පුද්ගලයන් සම්බන්ධව ටී. එන්. ඒ. සංවිධානය සෘජුවම වගකිව යුතුව ඇත.

0 comments:
Post a Comment