තැපැල් දෙපාර්තමේන්තුව සතු ගුවන් තැපෑල රජය විසින්
පෞද්ගලික සමාගමකට විකිණීමත් සමග කැනඩාව, නේපාලය සහ
සයිප්‍රසය යන රටවලට ශ්‍රී ලංකාවේ සිට ගුවන් තැපෑල හරහා
ලිපි සහ පාර්සල් යෑවීම මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී
තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ මොන්ටි්‍රයල්, නේපාලය සහ සයිප්‍රසය යන රටවලට ගුවන් තැපෑල හරහා යෑවීමට නියමිතව තිබූ කිලෝ දාහකට අධික ලිපි සහ පාර්සල් තොගයක් එම රටවලට යෑවීමට නොහැකිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ විදේශ තැපැල් අංශයේ ගොඩගසා තිබේ.
කැනඩාව, නේපාලය සහ සයිප්‍රසය යන රටවල ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ජීවත් වෙති. ඔවුන් පසුගිය කාලය පුරාම තමන්ගේ ලිපි සහ පාර්සල් යෑවීම ඇතුළු තැපැල් කටයුතු සියල්ල සිදුකරගනු ලැබුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ගුවන් තැපෑල හරහායි.
මේ පිළිබඳව (7 දා) අදහස් දැක්‌වූ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු ඇතුළු වෘත්තීය සමිති නායකයන් විශාල පිරිසක් පැවැසුවේ මෙවැනි ක්‍රියා නිසා ජනතාව දවසින් දවස තැපෑලෙන් ඈත්ව යන බවයි.

0 comments:
Post a Comment