නිල් මහ සටන ලෙස විරුදාවලිය ලත් කොළඹ රාජකීය සහ ගල්කිස්‌ස
ශාන්ත තෝමස් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන 134 වැනි නිල් මහ
සටනේ ආරම්භක දිනය වූ (07 දා) ශාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු
192 කට සීමා කිරීමට රාජකීය පන්දු යවන්නෝ සමත් වූහ.
කාසියේ වාසිය සමග පළමුව පන්දු ප්‍රහාරය දියත් කළ රාජකීය ක්‍රීඩකයෝ ශාන්ත තෝමස් පළමු කඩුලු දෙක ලකුණු 20 ක්‌ව තිබියදී ක්‍රීඩාගාරයට හරවා යෑවීමට සමත් විය.
ශාන්ත තෝමස් පෙර පෙළ පිතිහරඹය දුර්වල වද්දී පැමිණි දේමිත් ජයසිංහ පන්දු 107 කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 74 ක් ලබා ගත්තේය. මැද පෙළ පිතිකරුවන් වූ හෙලකමල් නානායක්‌කාර ලකුණු 24 ක්‌ද රවිදු තිලකරත්න ලකුණු 26 කද ලබාa තෝමස් ලකුණු පුවරුව ශක්‌තිමත් කිරීමට වගබලා ගත්තේය.
ශාන්ත තෝමස් ඉනිම ලකුණු 200 සීමාවට මෙපිටින් සීමා කිරීම සඳහා දක්‍ෂ පන්දු යෑවීමක නිරත වූ චාමික කරුණාරත්න ලකුණු 55 කට කඩුලු 5 ක් දවා ගත් අතර පෝර්නා අලුත්ගේ ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත්තේය.
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන රාජකීය විදුහල් කණ්‌ඩායම කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබා සිටි අතර ශාන්ත තෝමස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 181 ක් පිටු පසින් රාජකීයන් පසුවේ.
ලකුණු තත්ත්වය
ශාන්ත තෝමස් පළමු ඉනිම පන්දුවාර 73.1 කදී සියල්ල දැවී ලකුණු 192 යි. (දේමිත් ජයසිංහ 74, හෙලකමල් නානායක්‌කාර 24, රවිදු තිලකරත්න 26, චාමික කරුණාරත්න 55/5, පෝර්නා අලුත්ගේ 41/2 යි.)
රාජකීය විදුහල පළමු ඉනිම පන්දුවාර 1.2 කදී කිසිවකු නොදැවී ලකුණු 11 යි. (රෝනක අහංගම නොදැවී 08, ඉසුරු ගුණතිලක නොදැවී 01 යි.)
0 comments:
Post a Comment