ගාල්ල-කොළඹ
ප්‍රධාන මාර්ගයේ උණවටුන ගල්තැටිය ප්‍රදේශයේදී (07 දා)
අලූයම 12.10 ට පමණ පෞද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද රථයක්
එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනකු එම ස්‌ථානයේදීම
මියගොස් ඇති අතර එක් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ
රෝහලට ඇතුළත් කොට ඇත.
පෞද්ගලික බස් රථය කොළඹ සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබියදීත් ත්‍රිරෝද රථය ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබියදීත් මෙසේ එකිනෙක ගැටී තිබේ.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනා තේ බීම සඳහා දෙවට ප්‍රදේශයට යමින් සිට ඇති බවද, පැවසේ. මියගොස් ඇත්තේ ඥතීන් තිදෙනෙකි.
ඔවුන් ගාල්ල තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය ජී. පී. නිශාන්ත (33) දෙදරු පියෙකි. එන්. ඩබ්ලිව්. කේ. ඩී. සුගත් (33) එක් දරු පියෙකි. අනෙක් පුද්ගලයා තීක්‍ෂණ දීපාල් ය. 25 හැවිරිදි තරුණයෙකි. තුවාල ලබා ඇත්තේ චමින්ද නමැති අයෙකි.
මියගිය තිදෙනාගේ මළසිරුරු ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති අතර හදිසි මරණ පරීක්‍ෂණ ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

0 comments:
Post a Comment