ඉතා දුර්ලභ ගණයේ මුහුදු බෙල්ලන් හා පෞරාණික වටිනාකමින් යුත්
මුව අං තට්‌ටුවක් මෙරටින් රැගෙන යැමට තැත් කළ චීන ජාතිකයකු හා
ඇමරිකානු ජාතිකයකු ගුවන්තොටුපළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ
නිලධාරීන් විසින් (06 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
චීන ජාතිකයා මුහුදු බෙල්ලන් රැගෙන චීනයේ ශැංහයි නුවර බලාත්, ඇමරිකානුවා මුව අං තට්‌ටුව රැගෙන ප්‍රංශයේ පැරිස් නුවර බලාත් යැමට සිට ඇත.
මොවුන් ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔවුන්ගේ ගමන්මලුවල තිබී මේවා අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා දිවයිනට පැවසීය.
චීන ජාතිකයාගේ ගමන් මලුවල තිබී මුහුදු බෙල්ලන් 450 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වන බවත් මුව අං තට්‌ටුව රුපියල් 12000 ක් පමණ වටිනා බවත් ඒ මහතා කියා සිටියේය.
වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ පනත යටතේ මුහුදු බෙල්ලන් හා සත්ව කොටස් මෙරටින් වෙනත් රටකට රැගෙන යැම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
ගුවන්තොටුපළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු අධිකාරි අසංක ප්‍රියදර්ශන මහතා විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ අතුල ලංකාදේව මහතා මුහුදු බෙල්ලන් හා මුව අං තට්‌ටුව රාජසන්තක කිරීමට නියෝග කර සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කර නිදහස් කරන ලදී.

0 comments:
Post a Comment