නව නායකත්වය සහ නවකයන් බහුතරයක් සමග බංග්ලාදේශය හමුවේ යළිත්
අපරාජිතව සිටීමේ අරමුණින් පසුවන ශ්‍රී ලංකාව දෙරට අතර පළමු
ටෙස්‌ට් ක්‍රිකට් තරගයට (08 දා) ගාල්ල ජාත්‍යන්තර
ක්‍රීඩාංගණයේදී සහභාගි වේ.
ක්‍රීඩකයන්ට කරන ලද ගෙවීම් මත ඇතිවූ ගැටලූ මෙන්ම ආබාධයක් හේතුවෙන් සහ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම මත ප්‍රධානම පිතිකරුවන් දෙදෙනකු කණ්‌ඩායමට අහිමිවීම යන කරුණු අතිරේක වාසි කර ගනිමින් මෙම තරගාවලිය කෙසේ හෝ ජය ගැනීම බංග්ලාදේශ කණ්‌ඩායමද හැකි සෑම ශක්‌තියක්‌ම දරනු නොඅනුමානය.
ක්‍රීඩකයන්ට කරන ලද ගෙවීම් මත ඇතිවූ ගැටලූ මෙන්ම ආබාධයක් හේතුවෙන් සහ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම මත ප්‍රධානම පිතිකරුවන් දෙදෙනකු කණ්‌ඩායමට අහිමිවීම යන කරුණු අතිරේක වාසි කර ගනිමින් මෙම තරගාවලිය කෙසේ හෝ ජය ගැනීම බංග්ලාදේශ කණ්‌ඩායමද හැකි සෑම ශක්‌තියක්‌ම දරනු නොඅනුමානය.
ශ්‍රී ලංකා කණ්‌ඩායමක් මෑත ඉතිහාසයේ සිය ප්‍රභලම පිතිකරුවන් යුගලයක් නොමැතිව ක්‍රීඩා කරනු ලබන පළමු තරගය වශයෙන් මෙම තරගය හැඳින්විය හැක. එය කෙතරම් දුරට අද තරගයේදී ශ්‍රී ලංකා පිලට බලපාන්නේද යන්න නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී 'දිවයින' විසින් කරුණු විමසන ලදුව, 'මං හිතන්නේ මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර කියන්නෙ අපේ කණ්‌ඩායමේ හිටපු අත්දැකීම් වැඩිම ක්‍රීඩකයන් දෙදෙනා. ඔවුන් නැතිවීම ලොකු පාඩුවක්. බංග්ලාදේශ කණ්‌ඩායම කියන්නෙත් ඉතාමත් හොඳ කණ්‌ඩායමක්. මොකද පසුගිය කාලයේදී ඔවුන් හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ අනුව බැලූවමහ ඔවුන් නැතිවීම කණ්‌ඩායමට විශාල පාඩුවක්' වශයෙන් සඳහන් කරන ශ්‍රී ලංකා නායකයා, 'නමුත් මං හිතනවා අපි කණ්‌ඩායමට දාලා තියෙන නවක ක්‍රීඩකයනුත් ඒ හා සමානවම හොඳයි කියලා. සෑම කෙනෙකුටම හොඳ අවස්‌ථාවක් තියෙනවා මේ තරගය ජය ගන්න. ඒ ක්‍රීඩකයන්ගෙන් උපරිමය ලබාගෙන මෙම තරගය ජය ගන්න පුලූවන් වෙයි කියලා මම හිතනවා' යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී ඉකුත්දා ඉදිරි වසරට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර කිසියම් අරබුදකාරී වාතාවරණයක් නිර්මාණය වූ අතර එම තත්ත්වය මෙම තරගයට කොතරම් දුරට පීඩනයක් වන්නේදැයි කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිව්ස්, 'පීඩනය ගත්තොත් ඒක හැමදාම තියෙන දෙයක්. ක්‍රීඩකයන් හැටියටත් කණ්‌ඩායමක් හැටියටත් ඒ පීඩනය හැම තිස්‌සේම තියෙනවා මොන තරගයක් ක්‍රීඩා කළත්. මං හිතන්නේ බංග්ලාදේශ කණ්‌ඩායම අපිට සැහැල්ලූවට ලක් කරන්න බැහැ කිසි සේත්ම. මං කළින් කිව්වා වගේ හොඳ තරගයක් දෙන්න සහ බංග්ලාදේශ කණ්‌ඩායමේ අභියෝගය ජය ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ' යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පිලට වඩාත් වාසිදායක තණතීරුව ලෙසින් සැලකෙන ගාල්ල තණතීරුවේදී අවසන් වරට ක්‍රීඩා කරන ලද තරග 8 කදී ජයග්‍රහණ 6 ක් ලබා සිටී. දඟ පන්දු යවන්නන්ට දක්‌වනු ලබන සහයෝගය උපයෝගී කර ගනිමින් සංචාරකයන්ට පීඩනය එල්ල කිරීම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ බලාපොරොත්තුව වේ. එහිදී ගාල්ලේ පැවැති අවසන් තරගයේදී කඩුලු 11 ක් දවා ගත් රංගන හේරත් සමග ටෙස්‌ට් තරග 16 ක් තුළධී කඩුලු 62 ක් දවා ගෙන සිටින අජන්ත මෙන්ඩිස් සහ මෙවර දේශීය තරගාවලියේදී තරග 5 කදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 14.02 ක් රඳවා තබා ගනිමින් කඩුලූ 41 ක් දවාගෙන සිටින තරිඳු කෞෂාල් යන දෙදෙනාගෙන් එක් අයකු කටයුතු කරනු ඇත. මෙහිදී අත්දැකීම් අතින් අජන්ත මෙන්ඩිස් ඉදිරියෙන් පසුවීම මත බොහෝ විට තරිඳු කෞෂාල්ට අද තරගයේදී ටෙස්‌ට් වරම් අහිමිවනු ඇත.
ශ්‍රී ලංකා කණ්‌ඩායමක් ටෙස්‌ට් තරගයට ක්‍රීඩා කිරීමේදී බොහෝ විට පිතිකරුවන් 7 දෙනෙකු සමගින් අවතීරීණ වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් සංචිතයේ පසුවීම මත අදාළ තේරීම්වලදී පුහුණු තරගයේදී නොදැවී ලකුණු 168 ක් රැස් කළ කිත්රුවන් විතානගේට මංගල ටෙස්‌ට් වරම් හිමිවීමේ අවස්‌ථාව සැක සහිත වනු ඇත. පිතිකරුවකු ලෙස ජීවන්ට වඩා ඉදිරියෙන් කිත්රුවන් පසු වුවත් පා දග පන්දු යවන්නකු ලෙස කටයුතු කිරීමේ අතිරේක වාසිය ජීවන්ට හිමිවනු ඇත. ඒ අනුව මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට් වරම් දිනා ගත් 124 වැනි ක්‍රීඩකයා බවට අද පත්වනු ඇත.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්µsකර් රහීම්ද ඊයේ දිනයේදී මාධ්‍යට අදහස් දක්‌වා සිටි අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා කණ්‌ඩායම යනු ඉතා දක්‍ෂ කණ්‌ඩායමක් වුවත් මෙම තරගාවලියේ තරගයක් ජය ගැනීම සඳහා හැකි සෑම උත්සහයක්‌ම තම කණ්‌ඩායම ගැනීමට සූදානමින් සිටින බවයි.
'මේ තරගාවලිය ඉතාමත් අසීරු තරගාවලියක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඔවුන්ගේ දේශීය තත්ත්වයන් යටතේ පරාජය කිරීමට අසීරු කණ්‌ඩායමක් නිසා. අවාසනාවකට අපේ කණ්‌ඩායමෙත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තුවාල ලබලා තියෙනවා. ඒක අපිට ලොකු පාඩුවක්. නමුත් අවසන් මාස කීපයේදී අපි හොඳට කරල තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියේදී හොඳ තරගයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් ටෙස්‌ට් තරගයක් ජය ගන්න' වශයෙන් සඳහන් කර සිටියේය.
අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායම / ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), ටී. එම්. ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්‌කාර, ළහිරු තිරිමාන්න, කිත්රුවන් විතානගේ/ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, චානක වෙලගෙදර.
බංග්ලාදේශ කණ්‌ඩායම / මුෂ්µsකර් රහීම්(නායක), මහමුදුල්ලා(උප නායක), අබුල් හසන්, එනමල් හක්, එලිස් සනී, ජොහුරුල් ඉස්‌ලාම්, මාර්ෂල් ආයුබ්, මොහොමඩ් අශ්රාµqල්, මොමිනුල් හක්, නසීර් හොසේන්, රොබියුල් ඉස්‌ලාම්, රුබෙල් හොසේන්, ශහදාත් හොසේන්, තමීම් ඉක්‌බාල්.
0 comments:
Post a Comment