මාතෘභූමියට ආදරය කරන අනාගත පරපුරක් ගොඩ නැඟêමට සමස්‌ත කාන්තා
පරපුරම කැපවිය යුතු යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
(8 වැනිදාට) යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් (6 වැනිදා) මොණරාගල පුස්‌තකාල ශාලාවේ පැවැති කාන්තා දින සැමරුම් උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්‌වන ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
භීෂණයෙන්, ත්‍රස්‌තවාදයෙන් වැඩිපුරම කරදර වින්දේ කාන්තා පරපුරයි යළිත් කිසිදිනක රට තුළ එවන් අඳුරු යුගයක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ. අතීතය මතක ඇති, රටට ආදරය කරන ජනතාව සිටිනතාක් කල් ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්නට කිසිවෙකුටවත් නොහැකියි.
මාතෘභූමියට එරෙහි විදෙස් බලපෑම් පිළිබඳව අපේ දරුවන් අවබෝධයක් ලැබිය යුතුයි. කිසිදු බලවේගයකට යටත් නොවන අභිමානයක් ශ්‍රී ලංකා ජාතිය සතු බව දරුවන්ට කියාදිය යුතුයි.
මෙරට කාන්තා පරපුරේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට වත්මන් රජය උපරිමයෙන් කැපවී කටයුතු කළ අතර වත්මන් රජයේ පාලන කාලය තුළ කිසිදු කාන්තාවකට පළි ගැනීමට හෝ හිංසනයකට ලක්‌වීමට ඉඩ තැබුවේ නැහැ.
අද සෑම ක්‍ෂේත්‍රයක් තුළම කාන්තා නියෝජනය ඉහළ ගිහින්. රටේ සංවර්ධන කටයුතුවලදීද කාන්තාවන්ගෙන් ලැබෙන්නේ මහගු දායකත්වයකි. පවුල රකින කාන්තාවන් සුරකින්නට රජය සැමවිටම කැපවී සිටිනවා.
ලොව පළමු අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වැනි ආදර්ශවත් නායිකාවන් බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කාන්තා දිනය අභිමානයෙන් සමරන්නට හැකියාව තිබෙනවා. 2013 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමස්‌ත කාන්තා පරපුරට මාගේ සුභාශිංසන පළ කර සිටිනවා.
මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ දිරිය කාන්තාවන් වෙනුවෙන් විශේෂ සමරු තිළිණ පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. අමාත්‍යවරුන් වන තිස්‌ස කරල්ලියද්ද, සුමේධා ජී. ජයසේන, පවිත්‍රා වන්නිආරච්චි, ජගත් පුෂ්පකුමාර, විජිත් විජිතමුණි ද සොයිසා, දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසූරිය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කමලා රණතුංග, නාමල් රාජපක්‍ෂ, සජින් වාස් ගුණවර්ධන, සිනමා ශිල්පිනි අනෝජා වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

0 comments:
Post a Comment