Photobucket

Thursday, March 7, 2013

ආයුර්වේද කොමසාරිස්‌වරයාගේ දෙනෙත් සුව කිරීමට අරමුදලක්‌

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්‌ වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් හානි වූ ඔහුගේ දෙනෙත් සුව කිරීම සඳහා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය විසින් අරමුදලක්‌ පිහිටුවා තිබේ.

"නෙත්සැර මිතුදම" ලෙස නම් කර ඇති මෙම අරමුදල වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාගේ හිතවතුන්, මිත්‍රයින් එකතුවී ආරම්භ කළ බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා (5දා) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාගේ බිරිඳගේ නමින් ඊට අදාළ බැංකු ගිණුම ආරම්භ කරන බවත් පරිත්‍යාගශීSලීන් හට එම ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාගේ දෙනෙත් සුව කිරීමට හැකි ක්‍රමයක්‌ වේ නම් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කැමැති බව ඒ මහතාගේ බිරිඳට ප්‍රකාශ කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all