ගාලු පාරේ දෙහිවල මංසන්ධිය පෙදෙසේ සිට දෙහිවල ශාන්ත මරියා
විදුහලට ත්‍රිරෝද රථවලින් සහ යතුරුපැදිවලින් සිසුන් ගෙන ඒම
දෙහිවල පොලිsසිය විසින් (05 දා) සිට තහනම් කර ඇත.
එසේ පැමිණෙන්නේ නම් එම රථ බොහෝ දුරක් ඉදිරියට ගොස් ආපසු ගාලු පාරෙන් මොරටුව දෙසට හරවා පැමිණ පාසල දෙසට හැරවිය යුතු බව පොලිසිය පවසයි.
එහෙත් මෙම නීතිය පාසල දෙසට ධාවනය කරන අනෙකුත් සුපිරි රථවලට අදාළ නොවේ. දෙහිවල පොලිසිය නීතිය එකම හැන්දෙන් දෙආකාරයට බෙදීම නිසා එම විදුහලේ සිසුන් පමණක් නොව ශාන්ත මරියා දේවස්‌ථානයට උදැසන පැමිණෙන බැතිමතුන්ට ද හිරිහැරයක් වී ඇත.
මෙම ත්‍රිරෝද රථ සහ යතුරුපැදි විදුහල දෙසට හරවා යෑවීම ගාලු පාර් වාහන තදබදයට හේතුවක් නොවේ.
"පාසල දෙසට යන්න දෙන්න බෑ. ඔයාලා විකල්පයක් හොයාගන්න. බැරි නම් ළමයින් ගෙදර තියාගන්න" යෑයි පොලිස් නිලධාරීහු ත්‍රිරෝද රථවලින් සහ යතුරුපැදිවලින් තම දරුවන් පාසල වෙත ගෙන එන දෙමවුපියන්ට පවසති.
තම දරුවන්ට විපතක් වුවොත් දෙහිවල පොලිසිය වගකිව යුතු යෑයි පවසමින් දෙමවුපියන් ද තම දරුවන් ගාලු පාර මැද බස්‌සවා පොලිසියට විරෝධය දක්‌වති.
සුපිරි පාසල්වලට දරුවන් ගෙන එන සුපිරි වාහනවලට එක් හැන්දකින්ද, කුඩා පාසල්වලට දරුවන් ගෙන එන ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වැනි වාහනවලට තවත් හැන්දකින් ද බෙදන දෙහිවල පොලිසියේ අත්තනෝමතික සුපිරි නීතිය පිළිබඳ අවධානය යොමු කර එම සිසුන්ට සහනයක් ලබා දෙන්නැයි දෙමවුපියෝ ආරක්‍ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටිති.

0 comments:
Post a Comment