Photobucket

Thursday, March 7, 2013

කොම්පඤ්ඤවීදියේ කඳුළුවලට වන්දි ගෙවන හැටි අසයි

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ඉවත් කරන නිවාසලාභීන්ගෙන් කී දෙනෙකුට වන්දි ලබා දෙන්නේද, කී දෙනෙකුට නිවාස කුළිය ලබා දෙන්නේ ද යන්න මෙම 12 වැනි දිනට පෙර දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම (07) එන්.ජී.අමරතුංග , ප්‍රියසාද් ඩෙප් හා ඊවා වනසුන්දර යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුනි. 

තම පාරම්පරික නිවාසවලින් ඉවත් වීමට නොහැකි බව කියමින් එම ප්‍රදේශයේ අක්කර 7½ ක් ‘ටාටා’ ආයතනයට ලබා දීමට එරෙහිව නඩුව ගොනුකර තිබිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටක් සංවර්ධනය කිරීමේ දී නිවාසලාභීන්ට මෙසේ ඉවත් වීමට සිදුවන බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය සංවර්ධන කටයුතුවලට ඉඩ ලබා දුනි. එයින් ඉවත් කෙරෙන නිවාසලාභීන්ට වන්දි ලබා දීම හා තාවකාලික කුළිය ලබා දීම සම්බන්ධයෙන්  (07) අධිකරණයේ දී සාකච්ජා කෙරිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all