Photobucket

Thursday, March 7, 2013

විස්සයි 20 තරගාවලි ජය කොදෙව් ක්‍රීඩිකාවන්ට

සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කාන්තා පිල සමග ඊයේ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි විස්සයි20 තරගයෙන් ලකුණු 34ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා පිල තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩිකාවන් ඕවර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 145ක් ලබා ගත්හ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ස්ටෙෆානි ටේලර් පන්දු 46කදී හයේ පහර 4ක් සහ හ‍තරේ පහර 7ක් සමග ලකුණු 75ක් ලබා ගත්තාය. 

පන්දු යැවීමේ දී නායිකා ශෂිකලා සිරිවර්ධන හා ඊෂානී කෞෂල්‍යා කඩුලු  2බැගින් දවාලූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් ඕවර 19.2කදී ලකුණු 111කට දැවී ගියහ. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායිකා ශෂිකලා ලකුණු 46ක් ලබා ගත් අතර ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 18ක් රැස් කළාය. සෙසු පිතිකාරිනියන් ලකුණු දහයේ සීමාව පසුකිරීමට අසමත්වූහ. පන්දු යැවීමේ දී ෂැනල් ඩලේ කඩුලු 5ක් බිඳ දැමුවාය.
.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all