නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල්
කෝටි තුනකට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි ලක්‍ෂ 12
ක් පමණ රේගු විශේෂ කාර්ය හා විමර්ෂන ඒකකය මගින් (05
වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.
රේගු පරීක්‍ෂාවන් දැඩිවීමත් සමග ජාවාරම්කරුවන් විසින් මෙතෙක් අනුගමනය කළ රහසිගත ක්‍රියා අසාර්ථකවී අලුත් ක්‍රමයක් යොදා ගනිමින් මෙම සිගරැට් තොගය මෙරට ගෙන්වා තිබූ බව රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා දිවයිනට පැවසීය.
නාන කාමර කට්‌ටල සඳහා යොදා ගන්නා නැවෙන සුළු බට (ෙµක්‌සිබල් හෝස්) බවට රේගුවට ප්‍රකාශ කරමින් ගෙන්වන ලද එකම ආකාරයෙන් පෙට්‌ටි අටෙන් හතරක ඉහත සඳහන් බටද අනික් පෙට්‌ටි හතරෙහි දුම්වැටිද අසුරා තිබිණි.
විශාල ප්‍රමාණයෙන් මෙම පෙට්‌ටි රේගු පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි අඩංගු වන්නේ ඉහත කී බට බව රේගුවට ඒත්තු ගැන්වීමට මෙලෙස එකම ආකාරයේ පෙට්‌ටි යොදාගෙන මෙම ජාවාරම සිදුකර තිබේ.
මේ ආකාරයට හොර භාණ්‌ඩ මෙරටට ගෙන්වා අසුවූ ප්‍රථම අවස්‌ථාව මෙය බව පවසන රේගුව ජාවාරම්කරුවන් මෙතෙක් අනුගමනය කළ සෑම උපක්‍රමයක්‌ම රේගුවට හසුවීම නිසා මෙසේ නවතම උපක්‍රමයක් යොදා ගන්නට ඇතැයි රේගුව විශ්වාස කරයි.
මෙම දුම්වැටි තොගය ඩුබායි සිට සමාගමක නමින් ගෙන්වා තිබූ අතර මෙහි දුම්වැටි ලක්‍ෂ 12 ක් තිබූ බවත් යම්කිසි හෙයකින් මෙය රේගුවෙන් පිටවූයේ නම් රජයට බදු වශයෙන් රුපියල් දෙකෝටි හැත්තෑලක්‍ෂයක මුදලක් අහිමිවන බවත් රේගුව ප්‍රකාශ කර සිටී. මීට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතාගේ උපදෙස් මත රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන ඡේ. පී. චන්ද්‍රරත්න, සිරිපාල එදිරිමාන්න, රේගු අධිකාරීවරුන් වන පරාක්‍රම බස්‌නායක, ඡේ. ඒ. එස්. ජයකොඩි, බාතිය අබේරත්න, නියෝජ්‍ය රේගු අධිකාරීරුවන් වන ලාල් වීරකෝන්, සාගර යන මහත්වරු මෙම ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.
0 comments:
Post a Comment