Photobucket

Thursday, March 7, 2013

යුද හමුදාවට එරෙහිව ද්‍රවිඩ සන්ධානය ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි

ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ජාත්‍යන්තර ස්‌වාධීන විමර්ශනයක්‌ කළ යුතු බවට ද්‍රවිඩ සන්ධානය විසින් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්‌ථානයේදී ප්‍රකාශයක්‌ කිරීමට ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ රජය සිදුකරන පරීක්‍ෂණ කෙරෙහි විශ්වාසයක්‌ නැති බවද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා තිබේ.

ද්‍රවිඩ සන්ධානයේ මේ ඉල්ලීම ගැන කරුණු දැක්‌වූ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ කොටි සංවිධානය සමඟ එක්‌ව ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයද ඝාතනවලට සම්බන්ධ නිසා එකී සංවිධානයේ දායකත්වය ගැන ද විමර්ශනයන් කරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all