Photobucket

Thursday, March 7, 2013

උ/කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලිම ජගත් ආරක්ෂක කවුන්සලය හෙළා දකී

උතුරු කොරියාව පසුගිය මාසයේ දි සිදු කළ න්‍යෂ්ටික ආයුධ පරීක්ෂණයට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට ඇමෙරිකාව සහ සගයන් බලකර සිටීම පිළිබඳව සාකච්ඡා කිරිමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ රැස්විමට නියමිත විය.

ජාත්‍යන්තරයේ හුදකලා වි සිටින උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකාව සහ චීනය නව එකඟතාවකට පැමිණ ඇතැයි සඳහන්. ජගත් සංවිධාන ඇමෙරිකන් තානාපති සූසන් රයිස් ජගත් සංවිධාන චීන තානාපති ලී බඕඩොං සමඟ කෙටුම්පත් යෝජනාව අවසන්වරට පිළියෙළ කරමින් සිටින බව රුසියන් තානාපති විටලි චුර්කින් වාර්තා කරයි.

උතුරු කොරියාව සිය තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලිම සිදුකර පැයක් ඇතුළත රැස්වූ 15දෙනෙක්ගෙන් සමන්විත ජගත් ආරක්ෂක කවුන්සලය එය ප්‍රබල ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව තරයේ හෙළා දැක ඇත. උතුරු කොරියාව පවසන්නේ මෙම න්‍යෂ්ටික පර්යේෂණය සිදු කළේ ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව බවයි.
.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all