තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන මුස්‌ලිම් ජාතික
නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනකු එක්‌වී ගුවන් තැපෑල
හරහා නීති විරෝධි ලෙස රුපියල් කෝටියක් පමණ වටිනා දුම්වැටි
තොගයක් මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය වේ.
පාවහන් ගෙන්වන බව සඳහන් කරමින් මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බව මෙතෙක් සිදුකළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.
හලාල් සහතිකය සහිත මෙම දුම්වැටි තොගයෙන් රුපියල් ලක්‍ෂ 50 ක් වටිනා පළමු තොගය රේගු නිලධාරීන් විසන් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙවැනි තොගය ඉතා සූක්‍ෂම ලෙස මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයෙන් පිටකර ඇති බව පැවසේ.
රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි තොගය පෙට්‌ටි සීයකින් සමන්විත වේ.
පාතාල නායකයන් සමඟ සමීප සබඳතා පවත්වාගෙන යමින් මෙම නිලධාරියා කාලයක් තිස්‌සේ මෙම ජාවාරම සිදුකර ගෙනගොස් ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් zදිවයිනZට (5 දා) පැවැසීය.
නමුත් අද වනතුරු මෙම ඉහළ පෙළේ තැපැල් නිලධාරියාට විරුද්ධව දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැති බැවින් සිදුකර ඇත්තේ උසස් වීමක් ලබාදීම පමණක් බවත් තැපැල් වෘත්තීය සමිති නායකයෝ පවසති.

0 comments:
Post a Comment