Photobucket

Thursday, March 7, 2013

ක්‍රීඩා සංගම් නිලවරණ දේශපාලකයන්ට තහනම් කරනවා

රීඩා සංගම්වල නිලවරණ සඳහා දේශපාලකයින්ට තරග කිරීම තහනම් කරමින් රෙගුලාසියක්‌ ගෙන ඒමට නීතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා (05) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

අර්ජුන රණතුංග මහතා විසින් පවරා තිබූ නඩුවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවක්‌ මත මෙම රෙගුලාසිය ගෙන ඒමට හැකිවී නැතැයි පැවැසූ ක්‍රීඩා ඇමැතිවරයා දේශපාලකයින් නිලවරණයට ඉදිරිපත් වීම පිළිබඳ තමන්ද කැමැත්තක්‌ නොදක්‌වන බව කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක්‌ ලබාදී තිබෙන නිසා මේ පිළිබඳ තමන් නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවද ඒ අනුව ඉදිරියේදී දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිල තල දැරීම තහනම් කෙරෙන රෙගුලාසියක්‌ පාර්ලිමේන්තුවේ අනුමැතියට ගෙන ඒමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඇමැතිවරයා පැවැසුවේය.

ක්‍රීඩා පනතට සංශෝධන ලෙස ගෙන එන රෙගුලාසි අනුමත කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all