Photobucket

Thursday, March 7, 2013

පාකිස්තාන අගමැති රාජා පර්වේස් පළමුවරට ඉන්දියාවේ සංචාරයක

පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රොෆ් මේ සතියේදී පළමුවරට ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි නවදිල්ලි නිලධාරින් ඊයේ ප්‍රකාශකර තිබේ. මේ අනුව ඔහු ඉස්ලාමීය පල්ලියක් වෙත එක් දින වන්දනා ගමනක යෙදෙනු ඇතැයි සඳහන්ව තිබේ.

"පාකිස්තාන අගමැතිවරයා සෙනසුරාදා ඉන්දියාවට පැමිණෙනවා. මෙය පෞද්ගලික සංචාරයක්. ඔහුගේ පවුලේ අය හා සෙසු නිලධාරින් ඔහු සමග පැමිණීමට නියමිත"යැයි මේ නිලධාරින් වැඩිදුරටත් පවසා තිබේ. මේ සංචාරයේදී ඔහු ඉන්දීය දේශපාලන නායකයින් කිසිවකු හමුනොවනු ඇත. 

එය සැබවින්ම ආගමික හා අධ්‍යාත්මික සංචාරයක් පමණක් වනු ඇත. නවදිල්ලියෙන් කිලෝමීටර 400 ක් දුරින් පිහිටි අජ්මර් ෂාරිෆ් හි හස්රාත් කවජා ගාරිබ් නවාස් පල්ලියේදී අෂ්රෆ් ඇතුළු පවුලේ අය යාඥා මෙහෙයකට එක් වනු ඇතැයි පැවසී තිබේ. 

ඉකුත් අප්‍රේල් මස පාකිස් තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි මේ හා සමාන වන්දනා ගමනක යෙදෙමින් ඉන්දියාවට පැමිණි අතර එහිදී ඉන්දීයඅගමැති මන්මෝහන් සිං සමග දිවා භෝජනයකට ද එක්ව තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all