Photobucket

Wednesday, March 6, 2013

ලොව ලොකුම ගුවන් යානයක් 18දා මත්තලට ළඟා වෙයි

ලොව විශාලතම ගුවන් යානයක් වශයෙන් සැලකෙන ඒ 380 ගුවන් යානාවක් 18වැනිදා මත්තලට ගොඩබැස්සවීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

මේ බැව් අනාවරණය වූයේ  (4 වැනිදා) මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් ප්‍රධාන කර්තෘවරු ඇතුළු පිරිස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළටික කළකට වසා තබන බවට රාවයක් යන බවද එහි කිසිදු සත්‍යතාවක් නැති බවද මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කී සිවිල් ගුවන්සේවා ඇමැති පියංකර ජයරත්න මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ඉදිරි සංවර්ධන කටුයතු ද ඒ සමඟ ආරම්භ කරන බව කීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දැනට මගී ධාරිතාව මිලියන 6ක් වන අතර එය මිලියන 7.2 දක්වා වැඩි කිරීමටත්, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගී ධාරිතාව ආරම්භයේදී මිලියනයක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කරන බව ඇමැතිවරයා කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all