Photobucket

Wednesday, March 6, 2013

දුම්රියේ හොරෙන් ගියොත් දඩය රුපියල් 2500යි

ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන්ගෙන් මෙතෙක් අය කළ දඩ මුදල මාර්තු 11දා සිට සියයට එකසිය පනහකින් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත. 

ඒ අනුව ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීමේදී මෙතෙක් පැනවූ රුපියල් නවසියයේ දඩ මුදල රුපියල් දෙදහස් පන්සියය (2500 /-) දක්වා වැඩි කර ඇතැයි දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා පවසයි. 

නව දඩ මුදල් සංශෝධනයේදී තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන ඉහළ පන්තියක ගමන් කළද ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළද එකම ගස්තුව අය කෙරේ.

කලින් රුපියල් නවසියයක (900/-) දඩ මුදලක් අය කළ අවස්ථාවේ මගීන් බොහෝ දෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කොට ප්‍රවේශපත්‍ර පරීක්ෂක මහතුනට හසු වූ විට දඩ මුදල් ගෙවීමට පුරුදු වී සිටියහ. නමුත් එම මගීන් යළිත් දුම්රියේ ගමන් කරනුයේ ප්‍රවේශපත්‍ර නොමැතිවය.

තවත් සමහර මගීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ළඟම ඇති දුම්රිය ස්ථානයට ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ගාල්ල, මාතර, අනුරාධපුර, මැදවච්චිය වැනි දුම්රිය ස්ථාන කරා ගමන් කරති. මේ ක්‍රමවේදය නතර කොට දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කර ගැනීමේ අරමුණ ඇතිව නව දඩ මුදල් සංශෝධනය කරනු ඇත.

එම ක්‍රමවේදයේදී කුමන පන්තියේ හොරට ගමන් කළද රුපියල් 2500ක දඩ මුදලක්ද තමන් ගමන් කළ පන්තිය අනුව දුම්රිය ආරම්භයේ සිට ගමනාන්තය දක්වා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩ මුදල් අය කරන බවද සිසිර කුමාර මහතා දිනමිණට පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all