Photobucket

Wednesday, March 6, 2013

වජිර හිමියන්ට අග්ගමහා පණ්ඩිත උපාධිය

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්තී මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ මියන්මාර රාජ්‍යයෙන් පිදෙන අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති. සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදෙන වියත් යතිවරයාණන් වහන්සේලා උදෙසා මියන්මාරය පිරිනමනු ලබන උසස්ම ගෞරව සම්මානය එයයි. 

සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති පදවියට අමතරව විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති ධුරය හොබවන වජිර නා හිමියෝ ජාතිය සමඟිය සඳහා වන සර්ව ආගමික සංවිධානයේ හා සමස්ත ලංකා පැවිදි සංවිධානයේ සභාපති පදවිය ඇතුළු ජාතික ආගමික සංවිධාන රැසක නායකත්වය දරමින් ධර්ම ශාස්ත්‍රීය සේවා මෙන්ම සාමය සහජීවනය වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටු කරන වියත් පඬිවරයෙකි.

උන් වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමෙන රාජ්‍ය උත්සවය මියන්මාර්හි අගනුවරදී මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all