ශ්‍රී ලංකාවට විරෝධය පළකරමින් චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ
කොමසාරිස් කාර්යාලය වැටලීමට පැමිණි ඩී.එම්.කේ පක්ෂයේ ප්‍රධානී එම්.කේ
ස්ටාර්ලින් සහ කොටි හිතවාදී දෙමළ පක්ෂ නායකයන් ඇතුළු පුද්ගලයින් 1000 කට වැඩි
පිරිසක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තමිල්නාඩුවේ වල්ලුවාර්,
කොට්ටාම් හි රැළියක් පවත්වා පසුව නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැටලීමට
(05) පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර දෙමළ ඊළාම් සහායක
සංවිධානයේ ප්‍රධානීන් ඇතුළු දේශපාලන පක්ෂ රැසක ක්‍රියාකාරීහු ඒ අතර වන බව
දකුණු ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ඕ.එල් අමීර්
අච්වාඩ් මහතා දිනමිණ ට පැවසීය.
අත්අඩංගුවට පත්වූවන් අතර කොටි හිතවාදී දෙමල දේශපාලන පක්ෂ නියමුවන්
කිහිපදෙනෙකු වන බව සදහන් කළ ඒ මහතා ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නායක කේ. වීරමනී,
විදුදලෙයි චිරුතයිගල් කච්චි පක්ෂයේ නායක තොල් තිරුමාවලවන් ඇතුළු පිරිසක්
ඒ අතර වන බවද ප්‍රකාශ කළේය.
මේ අතර වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සදහන්
කළේ ඔවුන්ගේ රැළිය අවසන් කොට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය දක්වා
පැමිණෙන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම රජයට සහ
රජයේ හමුදාවන්ට එරෙහිව විවිධ සටන් පාඨ ප්‍රකාශ කරමින් පැමිණි බවයි.
කෙසේ වුවද ඉන්දීය පොලීසිය ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත විශේෂ
අආරක්ෂාවක් ලබාදී තිබෙන බවද ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සදහා කිසි විටෙකත්
ඉඩකඩ ලබා නොදුන් බවද පැවසූ ඕ.එල් අමීර් අච්වාඩ් මහතා බලඇණි පහකින් සමන්විතව
ඉන්දීය පොලීසිය මෙහිදී විශාල කාර්යභාරයක් ඉටුකළ බවද පැවසීය.
ඊට අමතරව ඒ මහතා පැවසූවේ තමිල්නාඩු කොටි හිතවාදීන් මේ දක්වා ශ්‍රී ලංකාවට
එරෙහිව සිදුකළ විශාලතම විරෝධතාවය මෙය බවත් ඒ සදහා 6,000 ක පමණ පිරිසක්
සම්බන්ධ වී සිටි බවත්ය.
0 comments:
Post a Comment